Skip to main content

Posts

කොරෝනාවට එරෙහිව සංගීතය.....

මේ වනවිට ලෝකය මුහුණ දෙමින් සිටිනේ මෑත ඉතිහාසය තුල ඇති වි තිබෙන ලොව දරුණුතම වසංගතයටයි. බොහෝ දියුණු යැයි කියන ⁣රටවල පාලනයෙන් පවා ගිලිහිගිය වෛරසය ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගන හමාරය. එසේම ලෝකයේ වැසියන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් නිවාස අඩස්සියේ තබා ලෝකය අකර්මණ්‍ය කර අවසන්ය. සියළු ලෝ වැසියා පොදු සතුරෙකු වෙනුවෙන් එකම අරමුණකින් කටයුතු කරනු දැක ගත හැකි වේ.          චීනයේ වුහාන් කේනද්‍ර කරගනිමින් ඇරඹි නව කොරෝනා හෙවත් කෝවිඩ් -19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් 210 ක් පැතිර ගොසින් ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව  COVID-19 කිරීටක වෛරස් රෝගීන් 2,330,987 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 160,758 කි .            මේ ලිපිය මගින් කතා කරන්න යන්නේ නව කොරෝනා වෛරසය ගැන නම් නොවේ. වෛරස තත්ත්වය නිසා බිහි වු ගීත සාහිත්‍යක් පිළිබඳව යි. විශේෂයෙන්ම බොහො රටවල් දෛනික කටයුතු අඩාල කරමින් තම වැසියන් නිවාස අඩස්සියේ තබා ඇත. එසේම ඒ ඒ රාජ්‍යයන් විවිධ වු ක්‍රියාමාරග අනුගමනය කරමින් මිනිස් සබදතා ...

එම්බා මහවැලිය. නවතිනු නවතිනු

ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් බිහි වි තිබෙන්නේ ගංගා නිම්න ඇසුරේය. ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරන විට මානවයා ශිෂ්ඨාචාරගත වීමත් සමාජ සංස්කෘතිකාංග ඇතුළු කරගත් ජීවෝනෝපායන් බිහිවි ඇත්තේ ගංගා නිම්න ඇසුරු කර ගනිමින්ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ප්‍රවාහනය ආදි සියළු කටයුතු ගංගා නිම්නයේ බිහිව ක්‍රමයෙන් විකාශනය වෙමින් ලෝක ඉත්හාසය පුරාවටම මානව සමාජය පරිනාමය වෙමින් ආ බව පැහැදිලිව පෙනෙන සාධකයකි.       නයිල් නදි නිම්නයේ මහ පිරමීඩ බිහි කළ මිසර ශිෂ්ඨාචාරයත්, යුප්‍රටීස්- ට්‍රයිග්‍රිස් ගංගා නිම්නයේ මෙසපොතෙමියානු සභ්‍යත්වයත්, ඉන්දු ගංගා නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා මහා වෙළද නගර බිහි වු හරප්පා සභ්‍යත්වයත්, හොවැංහෝ නිම්නයේ චීන ශිෂ්ඨාචාරයත් බිහි විමෙන් ගංගා නිම්න පදනම් කරගත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වු බවයි. එසේම සමාජ, සංස්කෘතික මෙන්ම දේශපාලන බලයද ගංගා නිම්න පදනම් කර ගනිමින් ලෝක ඉතිහාසය තුළ වර්ධනය වි තිබේ.           ලෝක ඉතිහාසය තුල දේශපාලන ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් හදබිම් සංකල්පය (Heartland theory) පිළිබඳව  Sir Halford Mackinder විසින් ...

හෙලිකොප්ටර් දෙමාපියකු වෙන්න නම් එපා

හෙලිකොප්ටර් දෙමාපියන්...... මොකක්ද මේ හෙලිකොප්ටර් දෙමාපියන් යනුවෙන් හැදින්වෙන්නේ. කාලයකට පෙර නරඹපු හින්දි චිත්‍රපටයක් නිසාවෙන් නැවත මේ ගැන ලිපියක් සකස් කරන්නට තිරණය කලා. එම චිත්‍රපටයේ  නම helicopter eela. මේ චිත්‍රපටයට පාදක වන්නේ  මවක් සහ ඇගේ දරුවා පිළිබද  කතාවකි.  මෙහි මවගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය හින්දි නිළි කාජල් විසින්ය. ඇය තමන්ගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරනු ලබන මවකගේ චරිතයක් නිරුපනය කරනු ලබන අතර මෙයට දරුවා අකමැති සහ විරෝධය දක්වමින් කටයුතු කරනු ලබයි. මේ හින්දම අධ්‍යක්ෂවරයා HELICOPTER EELA යන නම යොදන්නට ඇත. එසේම තනි මවක්  Single morther විදියට දරුවා සමගින් ජිවත්වීමට ඇය දරණ අරගලයත් මෙම චිත්‍රපටයෙන් නිරූපනය වේ. නමුත් මෙම ලිපියේ අරමුණ චිත්‍රපටය ගැන කියන්න නම් නොවේ, මෙ හෙලිකොප්ටර් දෙමාපියන්, සහ එම හැසිරීම නිසා දරුවන්ට වන සංවර්ධන හානිය පිළිබදවත් දැනුවත් කිරීමයි. ළමා සංවර්ධන මනෝ විද්‍යාව හදාරා ඇති බොහෝ දෙනෙක් නම් මෙම සංකල්පය ගැන  දැනුවත් ඇති නමුත් ලැබි ඇති නිවාඩුව ප්‍රයෝජනයට ගෙන නොදන්නා ඔබට දැනුමට යමක් එකතු කර ගැනීමට හෙලිකොප්ටර්...

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ ලිපියකින් දෙවන රාජසිංහ රජුට එරහිව නිල්ලඹදි ඇතිවු කැරැල්ලක් සහ එහි ප්‍රමුඛත්වය ගත් අඹන්වල රටේ රාළ ගැන සදහන් කරන ලදි. එම කැරැල්ලේ දි  රජුට පාක්ෂික නිලමේ වරයෙක් රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ අතර ඔහු නමින් අලුවිහාරේ රාළ යි. අලුවිහාරේ යන නාමය අපට නුහුරු නාමයක් නොවේ. වලගම්බා රජ සමයේදි ත්‍රිපිටකය මාතලේ අලු ලෙනේ දි ග්‍රන්ථාරූඪ කළ බව වංස කථාවේ සදහන් වේ. එසේම ශ්‍රි ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ද පාර්ලිමෙන්තුව නියෝජනය කළ සහ පළාත් මහ අමාත්‍යධුර දැරු අලුවිහාරේවරුන් පිළිබදවත් අසන්නට ලැබේ. ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික පොලිස්පතිවරයා වූයේ ද අලුවිහාරේවරයෙකි. නමුත් මෙම ලිපිය මගින් මතු දැක්වු අලුවිහාරේවරුන් පිළිබදව නොව දෙවන රාජසිංහ රජු දවස උඩරට රජුනට රාජපාක්ෂිකභාවය නිසාම දිවි දුන් අලුවිහාර පරපුරේ ආදිතමයකු පිළිබදව වේ. ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙයි යනුවෙන් ප්‍රස්ථාව පිරුළක් ව්‍යවහාරයට එක්වන්නේ දෙවන රාජසිංහ රජුගේ දවස තුලදී ය.

මොකක්ද මේ ඔටිසම් කියන්නේ - AUTISM

ඔටිසම් පිළිබදව ලෝකය දැනුවත් කිරීමේ දිනය අප්‍රේල් 02 නි දා ට යෙදි තිබේ. ඒ වෙනුවෙන්  ඔටිසම් පිළිබදව කෙටි හැදින්වීමක්  කුඩා දරුවෙකු ඉපදුනු පසු පරිසරයේ සිදුවන බොහෝ දේ අනුව එම දරුවා ඉගෙනීම සිදු කරයි. ඒ ඔස්සේ දරුවාගේ මොළයේ සංවර්ධන සිදුවන අතර විවිධ අවධි කිහිපයකදි  එම සංවර්ධන කාර්යය හදුනා ගැනීමට හැකියාවක් ලැබේ. අදාල කාලයේදි එම අවස්ථාවන් නිසි පරිදි සිදුවීම මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට බලපානු ලබන්නේ ය. මෙම ක්‍රියාකාරකම් අතර භාෂාව සහ සන්නිවේදනය මෙන්ම සමාජශීලි වීම වැනි ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු නොවීම  මගින් එම දරුවා හුදකලා තත්ත්වයකට පත් කරනු ලබයි. මේ තත්ත්වය ඔටිසම් AUTISM ලෙස හදුන්වනු ලබයි. මෙය දරුවකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. කුඩා කාලයේදි හට ගන්නා මෙම තත්ත්වය තරුණවිය දක්වා පැවතිය හැකිය. සමාජයේ අන්‍යෝන්‍ය ක්‍රියාවන් හා අදහස් හුවමාරු කරගැනීම් සිදු නොකරන අතර තනිව වාසය කිරීමට හෝ හුදකලාවීමට කැමැත්තක් දක්වයි. මෙම ඔටිසම් තත්ත්වයට ජාන සහ පරිසරික තත්ත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බවද සදහන් කරයි.

දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි

දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි යන ගීතයේ මුල් පද පේලි දෙක ඇසෙත්ම සිහියට නැගෙනුයේ චාල්ස් ඩයස් ශුරින්ගේ පද්මාවති නූර්තියයි. පද්මාවති නූර්තිය පිළිබද අසා නොමැති තැනැත්තෙකුට වුවද පද්මාවති යන නම ඇසු සැනින් සිහියට නැගෙන්නේ සංජය ලීලා බන්සාලිගේ පද්මාවති චිත්‍රපටයයි. මෙම කතා දෙකෙහිම කියවෙන පද්මාවතිය නම් එකම තැනැත්තියකි. එසේ නම් කවු ද මේ පද්මාවතිය ?