පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ. උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ. මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි. මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ. මුල් ළමාවිය අධ්...
දෙස් විදෙස් ඓතිහාසික තොරතුරු, සංචාර,ඇස ගිය තැන්, ආගමික, සංස්කෘතික, සමාජ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් සිංහල බ්ලොග් සටහන