ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් බිහි වි තිබෙන්නේ ගංගා නිම්න ඇසුරේය. ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරන විට මානවයා ශිෂ්ඨාචාරගත වීමත් සමාජ සංස්කෘතිකාංග ඇතුළු කරගත් ජීවෝනෝපායන් බිහිවි ඇත්තේ ගංගා නිම්න ඇසුරු කර ගනිමින්ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ප්‍රවාහනය ආදි සියළු කටයුතු ගංගා නිම්නයේ බිහිව ක්‍රමයෙන් විකාශනය වෙමින් ලෝක ඉත්හාසය පුරාවටම මානව සමාජය පරිනාමය වෙමින් ආ බව පැහැදිලිව පෙනෙන සාධකයකි. නයිල් නදි නිම්නයේ මහ පිරමීඩ බිහි කළ මිසර ශිෂ්ඨාචාරයත්, යුප්‍රටීස්- ට්‍රයිග්‍රිස් ගංගා නිම්නයේ මෙසපොතෙමියානු සභ්‍යත්වයත්, ඉන්දු ගංගා නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා මහා වෙළද නගර බිහි වු හරප්පා සභ්‍යත්වයත්, හොවැංහෝ නිම්නයේ චීන ශිෂ්ඨාචාරයත් බිහි විමෙන් ගංගා නිම්න පදනම් කරගත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වු බවයි. එසේම සමාජ, සංස්කෘතික මෙන්ම දේශපාලන බලයද ගංගා නිම්න පදනම් කර ගනිමින් ලෝක ඉතිහාසය තුළ වර්ධනය වි තිබේ. ලෝක ඉතිහාසය තුල දේශපාලන ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් හදබිම් සංකල්පය (Heartland theory) පිළිබඳව Sir Halford Mackinder විසින් ...
දෙස් විදෙස් ඓතිහාසික තොරතුරු, සංචාර,ඇස ගිය තැන්, ආගමික, සංස්කෘතික, සමාජ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් සිංහල බ්ලොග් සටහන