Skip to main content

Posts

Showing posts with the label සංවර්ධන මනොවිද්‍යාව

හෙලිකොප්ටර් දෙමාපියකු වෙන්න නම් එපා

හෙලිකොප්ටර් දෙමාපියන්...... මොකක්ද මේ හෙලිකොප්ටර් දෙමාපියන් යනුවෙන් හැදින්වෙන්නේ. කාලයකට පෙර නරඹපු හින්දි චිත්‍රපටයක් නිසාවෙන් නැවත මේ ගැන ලිපියක් සකස් කරන්නට තිරණය කලා. එම චිත්‍රපටයේ  නම helicopter eela. මේ චිත්‍රපටයට පාදක වන්නේ  මවක් සහ ඇගේ දරුවා පිළිබද  කතාවකි.  මෙහි මවගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය හින්දි නිළි කාජල් විසින්ය. ඇය තමන්ගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරනු ලබන මවකගේ චරිතයක් නිරුපනය කරනු ලබන අතර මෙයට දරුවා අකමැති සහ විරෝධය දක්වමින් කටයුතු කරනු ලබයි. මේ හින්දම අධ්‍යක්ෂවරයා HELICOPTER EELA යන නම යොදන්නට ඇත. එසේම තනි මවක්  Single morther විදියට දරුවා සමගින් ජිවත්වීමට ඇය දරණ අරගලයත් මෙම චිත්‍රපටයෙන් නිරූපනය වේ. නමුත් මෙම ලිපියේ අරමුණ චිත්‍රපටය ගැන කියන්න නම් නොවේ, මෙ හෙලිකොප්ටර් දෙමාපියන්, සහ එම හැසිරීම නිසා දරුවන්ට වන සංවර්ධන හානිය පිළිබදවත් දැනුවත් කිරීමයි. ළමා සංවර්ධන මනෝ විද්‍යාව හදාරා ඇති බොහෝ දෙනෙක් නම් මෙම සංකල්පය ගැන  දැනුවත් ඇති නමුත් ලැබි ඇති නිවාඩුව ප්‍රයෝජනයට ගෙන නොදන්නා ඔබට දැනුමට යමක් එකතු කර ගැනීමට හෙලිකොප්ටර්...