Skip to main content

හෙලිකොප්ටර් දෙමාපියකු වෙන්න නම් එපා

හෙලිකොප්ටර් දෙමාපියන්......

මොකක්ද මේ හෙලිකොප්ටර් දෙමාපියන් යනුවෙන් හැදින්වෙන්නේ.
කාලයකට පෙර නරඹපු හින්දි චිත්‍රපටයක් නිසාවෙන් නැවත මේ ගැන ලිපියක් සකස් කරන්නට තිරණය කලා. එම චිත්‍රපටයේ  නම helicopter eela. මේ චිත්‍රපටයට පාදක වන්නේ  මවක් සහ ඇගේ දරුවා පිළිබද  කතාවකි.  මෙහි මවගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය හින්දි නිළි කාජල් විසින්ය.

ඇය තමන්ගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරනු ලබන මවකගේ චරිතයක් නිරුපනය කරනු ලබන අතර මෙයට දරුවා අකමැති සහ විරෝධය දක්වමින් කටයුතු කරනු ලබයි. මේ හින්දම අධ්‍යක්ෂවරයා HELICOPTER EELA යන නම යොදන්නට ඇත. එසේම තනි මවක්  Single morther විදියට දරුවා සමගින් ජිවත්වීමට ඇය දරණ අරගලයත් මෙම චිත්‍රපටයෙන් නිරූපනය වේ.

නමුත් මෙම ලිපියේ අරමුණ චිත්‍රපටය ගැන කියන්න නම් නොවේ, මෙ හෙලිකොප්ටර් දෙමාපියන්, සහ එම හැසිරීම නිසා දරුවන්ට වන සංවර්ධන හානිය පිළිබදවත් දැනුවත් කිරීමයි.

ළමා සංවර්ධන මනෝ විද්‍යාව හදාරා ඇති බොහෝ දෙනෙක් නම් මෙම සංකල්පය ගැන  දැනුවත් ඇති නමුත් ලැබි ඇති නිවාඩුව ප්‍රයෝජනයට ගෙන නොදන්නා ඔබට දැනුමට යමක් එකතු කර ගැනීමට හෙලිකොප්ටර් දෙමාපිය සංකල්පය ගැන සරලව විස්තර කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.

ප්‍රථමවරට මෙම යෙදුම භාවිතා කර ඇත්තේ 1969 වර්ෂයේදි, Dr. Haim Ginott විසින් රචනා කරන ලද “Between Parent and Teenager”  යන කෘතියේ ය. එහි එක් තැනක සඳහන් වනවා a teen who complains: "Mother hovers over me like a helicopter. සිය මව ගැන පැමිණිලිකරන තරුණයකු පවසන්නේ "අම්මා හෙලිකොප්ටරයක් ​​මෙන් මා වටා එති යනුවෙන්.
( wikipedia )මෙහි කියන  හෙලිකොප්ටර් දෙමාපියන්ගේ ලක්ෂණයන් කවරේ ද යන්න විමසා බලමු.
*. දරුවන්ට අනවශ්‍ය තරම් අවධානයක් ලබා දෙයි.
*. දරුවන්ගේ ගැටළුවලට සහ තීරණවලට අසීමිත විදියට බලපෑම් කරයි.
*. දරුවන්ට ස්වාධීනත්වයක් ලබා නොදෙයි.
*. දරුවන්ට දරුවාගේ ලෝකය විදගැනීමට නිදහසක් ලබා නොදෙයි.

⁣ඔබත් ඔබගෙන්ම විමසා බලන්න ඔබත් එවැනි දෙමාපියෙක්ද යන්න. තවත් ලෙසකට පවසනවා නම් මෙවැනි ලක්ෂණ සහිත දෙමාපියන් දරුවාගේ සෑම දේකටම මැදිහත්වනවා පමනක් නොව ඔවුන්ට කිසිම විටක මෙයින් මිදිමට උවමනාවක් නොමැත.අම්මලා තාත්තලා දරුවාට තියන ආදරය නිසා මෙසේ කරනවා යනුවෙන් කෙනෙකුට පැවසිය හැකි වුවත් එහි අයහපත් බලපෑමට දිගුකාලිනව දරුවා ලක් වේ.

විශේෂයෙන් මෙවැනි දෙමාපියන් නිතරම බිය වෙනවා දරුවා එලිමහනේ පරිසරයේ ක්‍රියාශිලිවීමෙන් වැටිමෙන් තුවාල වෙයි කියා. විෂබීජවලට නිරාවරණය වීමෙන් දරුවා ලෙඩ රෝගවලට ලක් වේ. යනුවෙන් බියට පත්වන නිසා දරුවා එලිමහනේ වෙනත් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදෙයි. ගල්, වැලි, පස්, මැටි, සුරතල් සතුන් සමඟ, සමවයස් දරුවන් සමඟ ගැටෙමින් සෙල්ලම් නොකිරීමට ඉඩ ලබා නොදෙන නිසා නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ලක්වීමට ඉඩ තිබේ.

දරුවන්ට කන්න හොඳ ආහාරපාන, නාන වේලාව, සෙල්ලම් කරන වේලාව, සිදු කළ යුතු සෙල්ලම්, ආශ්‍රය කළ යුත යහළුවන්, නින්දනට යායුතු වේලාව ආදිය සියළුම දේ තීරණය කරන්නේ දෙමාපියන් විසින් ය. දරුවාට තීරණ ගැනීමට, ස්වාධීනව කටයුතු කිරීමට, තෝරා බේරා ගැනීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන නිසා දරුවා වැඩිහිටියකුව්,තීරණ ගැනීමේ,අවස්ථාවන්ට මුහුණ දෙන විට ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වනු ලබයි. තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ පවා තීරණයක් ගැනීමට නොහැකි වීමෙන් නොයෙක් ගැටළුවලට අනාගතයේදි මුහුණ දීමට සිදුවනු ඇත.

එසේම මමත්වයෙන් යුතු අර්ත්මාර්ථකාමි දරුවන් ගොඩක් බිහි කරන්නේ ද මෙවැනි දෙමාපියන් විසිනි.
තමන්ගේ දරුවා පමණයි සිටින්නේ යන අදහසින් කටයුතු කරන දෙමාපියන් මේ අදහස තම දරුවන් තුලටද කාවද්දනු ලබයි. තමන්ට මේ දෙය හිමි විය යුතුයි. මගේ පමණයි යන අදහස මේ දෙමාපියන් දරුවන්ට උගන්වනු ලබයි. විශේෂයෙන් කෑම බීම පවා දරුවන්ට අනික් දරුවන් සමඟ බෙදා හදා ගැනීමට පවා නොපවසයි. මේ නිසාම ජයග්‍රහණයන්, පරාජයන් විද දරා ගැනීමට මෙවැනි දරුවන්ට අපහසු වේ. මේ වැනි ලක්ෂණ සහිත දරුවන් වැඩිහිටියන් වු පසු සමාජයේ විශමාකාර චාර්යයාවන් සහිතව හැසිරීම් ප්‍රකට කරනු ලබයි.

චිත්වේග ගැටළු මතු වේ.
මෙවැනි දරුවන්ට විවිධ වු චිත්තවේගාත්මක හැගීම් පාලනයට හුරු වන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතු වන්නේ දරුවා දුකට, කෝපයට, සතුටට පත්වු සෑම අවස්ථාවකම දරුවාට ඒම චිත්වේග පාලනයට ස්වාධීනව අවස්ථාව දෙනවා වෙනුවට දෙමාපියන් මැදිහත්වීමයි. මෙවැනි දරුවන් හුදකලා වු විටදි මෙන්ම වැඩිහිටියන් වු විට විෂාදය වැනි තත්ත්වයන්ට මෙන්ම තමන්ගේ ජීවිතය පිළිබදව කිසිදු තෘප්තියකට පත් නොවන තැනැත්තන් බවට පත්වීමට ඉඩ තිබේ.

දරුවාට අසීරු අවස්ථාවන්ට මුහුණදීමට කිසිදු අවස්ථාවක් නොදි මෙවනි දෙමාපියන් එවැනි තත්ත්වයන් පාලනයට සහ මැදිහත්වීම තුළින් දරුවන්ට තනිව මෙවැනි තත්ත්වයන් මුහුණදීමේ ශක්තියක් නොමැති වේ.

විශේෂයෙන් දරුවා තුළ ඇති කුසලතාවයන් වර්ධනයට කිසිදු ඉඩක් මෙවැනි දෙමාපියන් නොදැනුවත්ම ලබා නොදේ. හෙලිකොප්ටර් දෙමාපියන් දරුවා තද කාල සටහනකට ආකෘතික ජීවන රටාවකට හුරු කරවනු ලබයි. මෙවැනි අවස්ථාවන්වලදි දරුවාට තමන්ගේ සහජ හැකියාවන් ඉස්මතුවීමට ඉඩක් නොලැබේ. ඒ වෙනුවට දෙමාපියන්ගේ රුචි අරුචිකම්වලට අනුව දරුවා හැඩ ගැසේ. දෙමාපියන් විසින් තමන්ගේ අරමුණු දරුවා වෙත බලහත්කාරයෙන් පැටවීමට දක්වන මෙම උත්සහ නිසා දරුවා රූකඩයක් බවට පත්වී ජීවිතයේ අසරණබාවයට පත් වේ.

ඉතින් ඔබත් මෙවනි ආකාරයේ දෙමාපියන්වී දරුවන්ගේ ජිවිතය මෙන්ම ඔබද කණගාටුවට පත් විය හැකි අනාගතයක් ගොඩ නගනවාද යන්න ඔබම තීරණය කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ඔබට අන්තර්ජාලයෙන්, යු ටියුබ් විඩියෝ සාකච්ඡා මාර්ගයෙන් හොයලා බලලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම Helicopter eela චිත්‍රපටයත් හොයාගන බලන්න අමතක කරන්න එපා.....

#ධනුෂ්කකොඩිතුවක්කු 2020/04/02
අන්තර්ජාලය ඇසුරින් සකස් කරන ලද ලිපියකි.
#Dhanushkakodituwakku
DHANUSHKA KODITUWAKKU 2020

Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...