Skip to main content

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...


කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය.


අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත.


අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි.


මොකක්ද මේ ක්‍රියාකාරකම?


අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……...


ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න?


දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද?


ඇත්තට නම්


අවාසනාවකට මෙන් වර්තමානයේ කතන්දර කීම සෙමෙන් යල්පැන ගොස් ඇත්තේ දෙමව්පියන් තම දරුවන් සමඟ පරිකල්පනය කරන සුරංගනා ලෝකයකට යෑමට වඩා වඩා සෙල්ලම් බඩුවක් ලබා දීමට කැමැත්තක් දක්වන බැවිනි .


ඇත්තටම එය ගැටළුවක් ද?


ඔව් ඉතාම බරපතල ගැටළුවක්….


කතන්දර අසන්නේ නොමැතිව ළමයින්ට ඔවුන්ගේ සංවර්ධන සන්ධිස්ථාන රාශියක් මග හැරෙන බව ඔබ දන්නවා ද.


ඉතින් පළමුව, අපි මෙය තේරුම් ගනිමු…


අපි දරුවන්ට කතන්දර කියන්න අවශ්‍ය ඇයි?


ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ ප්‍රජානන හැකියා සංවර්ධනය සඳහා කතන්දර කීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


කතාන්දර කියා දීම තුලින් දරුවා තුල වර්ධනය වන මේ ප්‍රජානන හැකියාවන් මොනවාද?


  • දරුවාගේ මතක තබා ගැනීමේ කුසලතාවයන්.

  • භාෂා කුසලතා/ කථන කුසලතාවයන්.

  • සවන්දීමේ කුසලතාවයන්.


වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට උපකාරී වන අතරම


එය දරුවාගේ පරිකල්පනීය කුසලතා (Imagine) වැඩි කරන කුතුහලය වර්ධනය කරයි. දරුවෝ ඉගෙන ගන්නේ ප්‍රශ්න අසමින්….


එසේම කතාන්දර කියාදීම තුලින් සෑම විටම දරුවාට තමන් අවට ලෝකය පිළිබඳව නව අවබෝධයක් ලබා දෙයි.


එසේම විවිධ සංස්කෘතීන්, පරිසරයන් පිළිබඳ කතන්දර කියාදීම තුලින් දරුවාගේ මනස අවට ඇති විචල්‍යතාවයන් විවෘත වන අතර මිනිසුන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වේ.


කතාන්දර කීමේ කලාව නිසා අපට ඉතිහාසයක් උරුමවී ඇත. වසර ගණනාවක් පුරා, කතන්දර කීමේ සම්ප්‍රදාය ඉතිහාසය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන මාධ්‍යයකි.



කතන්දර කීම යනු


ඔබේ දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම සඳහා සැබවින්ම අන්තර්ක්‍රියාකාරී හා විනෝදජනක ක්‍රමයක් වන අතර එමඟින් ඔබ ඔවුන් සමඟ ඇති බැඳීම ශක්තිමත් කරනු ඇත.


මෙමගින් ඔවුන්ට ආදරය, සැලකිල්ල සහ පෙරට වඩා ඔබට සමීප බවක් දැනෙනු ඇත.


“කුඩා රූකඩයන් කතාන්දර කියවන විට  කතාන්දරයේ චරිත ලෙස පෙන්වීමෙන්  කුඩා දරුවන්ට විනෝදජනක හා රසවත්ව දෙමාපියන් සමඟ සිදුවන සංවාදයට සහභාගි කරගත  හැකිය. නිර්මාණශීලීව කතාන්දර කියාදීම තුලින් දරුවාතුළ නිර්මාණාත්මක හා පරිකල්පනීය කුසලතාවයන් සංවර්ධනයට උපකාරී වේ. මේ තත්ත්වය දිගින් දිගටම දරුවා සමඟ සිදු කිරීම තුලින් දරුවාද හොඳ කතන්දරකාරයෙක සිදු කිරීමට හැකි අතර ඕනෑම මාතෘකාවක් පිළිබඳ කතාවක් ක්ෂණිකව ඉදිරිපත් කළ හැකිය කුසලතා කුඩා දරුවන් විසින් අත්පත් කර ගන්නා බව පර්යේෂණයකයන් විසින් පවසයි. ”


කතන්දර හරහා, ඔබට ඔබේ දරුවාට ඕනෑම දෙයක් ඉගැන්විය හැකිය.


ගින්දර, ජලය සමඟ සෙල්ලම් කිරීමෙන් සිදුවන අනතුරු ගැන ඉගැන්වීමට.

හොඳ ස්පර්ශයක් / නරක ස්පර්ශයක් ගැන ඔවුන්ට ඉගැන්වීමට. 

ගුවන් යානා පියාසර කරන්නේ කෙසේද?

තරු පායන්නේ කෙසේද?

දහවල් රෑ උදාවෙන්නේ කොහමද?

ඔබට දරුවාට උගැන්විය යුතු ඕනෑම දෙයක් සරලව, රසවත්ව මතක හිටින ලෙසට උගැන්වීමට නම් ඔවුන්ට කතන්දර කියා දෙන්න.


විශේෂයෙන්ම ස්වභාවයෙන්ම  ලැජ්ජාශීලී දරුවන්ට නව වටපිටාවක සැපපහසු වීමටත් ආත්ම අභිමානය වැඩි දියුණු කිරීමටත් කතන්දරවලට හැකිය. කතන්දර භාවිතා කරනුයේ සාරධර්ම ඉගැන්වීමට, සංකීර්ණ තේමාවන් පැහැදිලි කිරීමට සහ විනෝද වීමට ය. 


මෙන්න මේ හේතුන් නිසාවෙන්ම ඔබේ දරුවාට මුල් ළමාවිය අවධියේදිම කතාන්දර කියා දෙන්න. ඔවුන් ප්‍රශ්න අසමින් අපුරුවට ලෝකය ගැන ඉගෙන ගනිවි.


කාලයක් යන විට දරුවෝ ඔබට ඔවුන් නිර්මාණය කරගත්ත කතාන්දර කියා දේවි. ඒ කතාන්දරවල පියාඹන කාර්, වතුරේ යටින් ගමන් කරන අහස් යානා. විශ්වාස කරන්න බැරි දේවල් තියේවි. පිළිගන්න ඔබ ඒ දේවල්. ප්‍රශ්න අසන්න ඔවුන්ගෙන් ඔවුන් නිර්මාණය කරයි ඔවුන්ගේ පරිකල්පනය තුල ඔවුන්ගේම කතාවක්………...


Dhanushka kodituwakku 

2020/12/28

ඇසිදිසි ලිපි අධ්‍යාපන


තවත් ලිපි කියවන්න.




Comments

Post a Comment

Popular posts from this blog

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උදාහරණයක් ලෙස ස