Skip to main content

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍යාපනයේ දෙමාපියන් හෝ පවුලේ සහභාගිත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් සිදු කර ඇති අතර එමගින් එහි තීරණාත්මක වැදගත්කම පිළිබඳ පරික්ෂණ ප්‍රතිඵල මගින් අපට වටහා ගැනීමට හැකියවක් ලැබේ. දෙමාපියන් වනාහි තම දරුවා පිළිබඳ විශේෂඤයා වන අතර පෙර පාසල් ගුරුතුමිය දරුවාගේ ඉගෙනීම සහ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂඤයා වෙති. එබැවින් මෙම පාර්ශවයන් දෙකම සහයෝගයෙන් කටයුතු කරන විට එහි ප්‍රතිලභයන් දරුවාට හිමි වේ.             එසේම දෙමාපියන්ගේ රැකියාව, අධ්‍යාපනය හෝ ආදායමට වඩා බුද්ධිමය හා සමාජ සංවර්ධනය සඳහා ගෘහ ඉගෙනුම් පරිසරයේ ගුනාත්මකභාවය වැදගත් බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද එක් පර්යේෂණයකින් හෙලිවී තිබේ. එසේම මෙම පර්යේෂණයේ වැදගත්ම නිගමනය වන්නේ දෙමාපියන් කවුරුද යන්නට වඩා දෙමාපියන් විසින් කරන දේ වැදගත් යන්නයි. දරුවෙකුගේ මනස සංවර්ධනය කරන ක්‍රියාකාරකම් නිතිපතා සිදු කරන දෙමාපියන් සහ නිවාස පරිසරය දරුවාගේ සංවර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු කරන බව මෙහිදි අවධාරණය වි ඇත.            දෙමාපියන්ට හෝ දරුවන් රැකබලා ගන්නන් හට දරුවන් සමඟ කියවීමට, පුස්තකාලයට යෑම, ගීත සවන් දීම, රිද්මයානුකූලව ගායනා කිරීම, චිත්‍ර ඇදීම, පින්තරු කිරීම, මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවන් සැලසීම, අංක සහ අකුරු සමඟ සෙල්ලම් කිරීම, දරුවන් සමඟ සමාජ ක්‍රියාකාරකම්වලට පන්සල් යෑම, ශ්‍රමදාන, දන්සැල් ආදි කටයුතුවලට සහභාගිවීම, දරුවන් අසන දැ හොදින් සවන්දි පිළිතුරු දීම, දරුවාගේ අදහස්වලට ගරු කීරීම වැනි කටයුතු එදිනෙදා කටයුතු අතරේදිම වෙහෙසීමකින් තොරව ඉටු කිරීමට හැකි වේ. මෙම ක්‍රියාකාරකම් නිවෙසේදි සැලසුම් කර ගැනීම සඳහා දෙමාපියන්ට  උපදේශයන් ලබා දෙමින් මනා යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට පෙර පාසල් ගුරුතුමියට හැකියාව තිබේ.            දරුවන්ට ගෙදරදි උගන්වන්න වෙනම විෂය නිර්දේශ අවශ්‍ය නොවන්නේ මේ නිසාවෙන්ය. එදිනෙදා කටයුතු මෙන්ම වෙහෙසකාරි ලෙසට දරුවා මත අනවශ්‍ය බරක් නොපටවා දෙමාපියන්ටද දරුවාගේ නිපුනතා සංවර්ධන කාර්යයට සහභාගිවිය හැකි වේ.        එමෙන්ම දරුවගේ චර්යාවන් කෙරෙහි බලපෑම සිදු කරන දෙමාපියන්ගේ වර්යා රටාව අනුව දෙමාපිය ශෛලින් හතරක් පෙන්වා දිය හැකි අතර ඉදිරි ලිපියකින් ඒ පිළිබඳව දැනුවත් කරමි.



ධනුෂ්ක කොඩිතුවක්කු

Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...