පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ. උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ. මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි. මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ. මුල් ළමාවිය අධ්‍යාපනයේ දෙමාපියන් හෝ පවුලේ සහභාගිත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් සිදු කර ඇති අතර එමගින් එහි තීරණාත්මක වැදගත්කම පිළිබඳ පරික්ෂණ ප්‍රතිඵල මගින් අපට වටහා ගැනීමට හැකියවක් ලැබේ. දෙමාපියන් වනාහි තම දරුවා පිළිබඳ විශේෂඤයා වන අතර පෙර පාසල් ගුරුතුමිය දරුවාගේ ඉගෙනීම සහ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂඤයා වෙති. එබැවින් මෙම පාර්ශවයන් දෙකම සහයෝගයෙන් කටයුතු කරන විට එහි ප්‍රතිලභයන් දරුවාට හිමි වේ. එසේම දෙමාපියන්ගේ රැකියාව, අධ්‍යාපනය හෝ ආදායමට වඩා බුද්ධිමය හා සමාජ සංවර්ධනය සඳහා ගෘහ ඉගෙනුම් පරිසරයේ ගුනාත්මකභාවය වැදගත් බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද එක් පර්යේෂණයකින් හෙලිවී තිබේ. එසේම මෙම පර්යේෂණයේ වැදගත්ම නිගමනය වන්නේ දෙමාපියන් කවුරුද යන්නට වඩා දෙමාපියන් විසින් කරන දේ වැදගත් යන්නයි. දරුවෙකුගේ මනස සංවර්ධනය කරන ක්‍රියාකාරකම් නිතිපතා සිදු කරන දෙමාපියන් සහ නිවාස පරිසරය දරුවාගේ සංවර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු කරන බව මෙහිදි අවධාරණය වි ඇත. දෙමාපියන්ට හෝ දරුවන් රැකබලා ගන්නන් හට දරුවන් සමඟ කියවීමට, පුස්තකාලයට යෑම, ගීත සවන් දීම, රිද්මයානුකූලව ගායනා කිරීම, චිත්‍ර ඇදීම, පින්තරු කිරීම, මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවන් සැලසීම, අංක සහ අකුරු සමඟ සෙල්ලම් කිරීම, දරුවන් සමඟ සමාජ ක්‍රියාකාරකම්වලට පන්සල් යෑම, ශ්‍රමදාන, දන්සැල් ආදි කටයුතුවලට සහභාගිවීම, දරුවන් අසන දැ හොදින් සවන්දි පිළිතුරු දීම, දරුවාගේ අදහස්වලට ගරු කීරීම වැනි කටයුතු එදිනෙදා කටයුතු අතරේදිම වෙහෙසීමකින් තොරව ඉටු කිරීමට හැකි වේ. මෙම ක්‍රියාකාරකම් නිවෙසේදි සැලසුම් කර ගැනීම සඳහා දෙමාපියන්ට උපදේශයන් ලබා දෙමින් මනා යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට පෙර පාසල් ගුරුතුමියට හැකියාව තිබේ. දරුවන්ට ගෙදරදි උගන්වන්න වෙනම විෂය නිර්දේශ අවශ්‍ය නොවන්නේ මේ නිසාවෙන්ය. එදිනෙදා කටයුතු මෙන්ම වෙහෙසකාරි ලෙසට දරුවා මත අනවශ්‍ය බරක් නොපටවා දෙමාපියන්ටද දරුවාගේ නිපුනතා සංවර්ධන කාර්යයට සහභාගිවිය හැකි වේ. එමෙන්ම දරුවගේ චර්යාවන් කෙරෙහි බලපෑම සිදු කරන දෙමාපියන්ගේ වර්යා රටාව අනුව දෙමාපිය ශෛලින් හතරක් පෙන්වා දිය හැකි අතර ඉදිරි ලිපියකින් ඒ පිළිබඳව දැනුවත් කරමි.
කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ
Comments
Post a Comment