Skip to main content

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු

වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ.

ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන.

දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උදාහරණයක් ලෙස සෘජුවම සිගිති පොළ ක්‍රියාකාරකම තුළින් දරුවන්ගේ

සමාජ නිපුනතා සංවර්ධනය
ප්‍රජානන නිපුණතා සංවර්ධනය
භාෂා නිපුණතා සංවර්ධනය

සිදු වේ.

එම නිපුණතාවයන් සංවර්ධනය තුළින් පහත සදහන් කුසලතාවයන් දරුවන් තුළ වර්ධනය වීමට උපකාර වේ.

අන් අය සමග සුහද කතා බහ
සහයෝගයෙන් කටයුතු කිරීම
ඉවසීම ප්‍රගුන කිරීම
අන් අය පිලිබද සැළකිලිමත් වීම.
අන් අයට ඇහුම් කන් දීම ආදි ය.
තේරීම, ( හැඩය, ප්‍රමාණය අනුව)
තර්කානුකූල විස්තර කිරීම
ගැටළු විසදීම
සන්සන්දනය
මිනුමක් ඇති කිරීම ආදිය
සවන්දී ප්‍රතිචාර දැක්වීම
අවධානය
අවබෝධය
ශබ්ද අනුකරණය

( ඉහතින් දක්වා ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි )
සිගිති පොළක් පැවැත්වීම තුළින් දරුවන් තුල වර්ධනය කළ හැකි විශාල කුසලතාවයන් ප්‍රමාණය නිසාවෙන්ම මුල් ළමාවිය ක්‍රියාකාරකම් පිළිබද පාඩම් සංවර්ධනයේදි විද්වතුන් විසින් සිගිති පොළ නැමති ක්‍රියාකාරකම ඇතුළත් කර තිබෙන්නේ.

නමුත් වර්ථමානයේ බොහොමයක් පෙර පාසල්වල පවත්වන සිගිති පොළ ඉගෙනුම් ක්‍රියාකාරකමක් ලෙසින් භාවිතා කරනවාද යන්න ගැටළුවකි. මක් නිසාද පෙර පාසල් ගුරු පුහුණුවෙදි උපදෙස් ලබා දෙන්නේ දරුවන්ම ගැනුම්කරුවන් වු, දරුවන්ම පුංචි මුදලාලිලා වු පොළක් පැවැත්වීමට වූවත් දරුවන් ප්‍රේක්ෂකයන් වු අම්මලා තාත්තලා නැන්දලා මාමාලා මුදලාලිලා ගැනුම්කරුවන් වු පොළක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එසේ පවත්වන පොළක් තුලින් පෙර සදහන් කළ කුසලතාවයන් සංවර්ධනය දරුවන්ට කිසිදු රුකුලක් නොලැබේ.

එබැවින් වර්ථමානයේ පෙර පාසල්තුළ මෙම ක්‍රියාකාරකම ප්‍රධාන අංගයක් ලෙසට පවත්වා වැදගත්කමක් දීම වෙනුවට අනික් සෑම ක්‍රියාකාරකමක් මෙන්ම දරුවන්ගේ ක්‍රියාකාරකමක් ලෙසට පැවැත්වීම වැදගත් වේ.

වානිජකරණයට ලක් වු සමාජයක දරුවන්ගේ ක්‍රියාකාරකම් වෙළද ප්‍රචාරණයක් සදහා යොදා ගනිමින් සිගිති පොළක් පැවැත්වීම එක්තරා අන්දමකට දරුවන්ට සිදු කරන අසාධාරණයක් වේ. එබැවින් දරුවන්ට අයිති දේ දරුවන්ටම දෙන්න නම් මේ පිළිබදව දෙමාපියන්, ගුරුවරුන්, නිලධාරින් දැනුවත්භාවයකින් කටයුතු කිරීමට කාලය එළඹි ඇත.

ඔබගේ පෙර පාසලේ සිගිති පොළක් පවත්වන්නේ නම් අවංකවම සිතා බලන්න ඔබේ සිගිති පොළ පැවැත්වීම තුළින් වර්ධනය වන්නේ සැබවින්ම දරුවන්ගේ නිපුණතාවයන් ද එසේත් නැති නම් වෙළද ප්‍රචාරණයද යන්න.

#Dhanushka #Kodituwakku


Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...