Skip to main content

මොකක්ද මේ ඔටිසම් කියන්නේ - AUTISM

ඔටිසම් පිළිබදව ලෝකය දැනුවත් කිරීමේ දිනය අප්‍රේල් 02 නි දා ට යෙදි තිබේ. ඒ වෙනුවෙන්  ඔටිසම් පිළිබදව කෙටි හැදින්වීමක් 

කුඩා දරුවෙකු ඉපදුනු පසු පරිසරයේ සිදුවන බොහෝ දේ අනුව එම දරුවා ඉගෙනීම සිදු කරයි. ඒ ඔස්සේ දරුවාගේ මොළයේ සංවර්ධන සිදුවන අතර විවිධ අවධි කිහිපයකදි  එම සංවර්ධන කාර්යය හදුනා ගැනීමට හැකියාවක් ලැබේ. අදාල කාලයේදි එම අවස්ථාවන් නිසි පරිදි සිදුවීම මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට බලපානු ලබන්නේ ය. මෙම ක්‍රියාකාරකම් අතර භාෂාව සහ සන්නිවේදනය මෙන්ම සමාජශීලි වීම වැනි ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු නොවීම  මගින් එම දරුවා හුදකලා තත්ත්වයකට පත් කරනු ලබයි. මේ තත්ත්වය ඔටිසම් AUTISM ලෙස හදුන්වනු ලබයි.




මෙය දරුවකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. කුඩා කාලයේදි හට ගන්නා මෙම තත්ත්වය තරුණවිය දක්වා පැවතිය හැකිය. සමාජයේ අන්‍යෝන්‍ය ක්‍රියාවන් හා අදහස් හුවමාරු කරගැනීම් සිදු නොකරන අතර තනිව වාසය කිරීමට හෝ හුදකලාවීමට කැමැත්තක් දක්වයි. මෙම ඔටිසම් තත්ත්වයට ජාන සහ පරිසරික තත්ත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බවද සදහන් කරයි.


ඔටිසම් තත්ත්වයකින් පෙළෙන දරුවකුගේ ලක්ෂණ

හැසිරීම

  • උනන්දුවක් සහ විශේෂත්ත්වයක් දක්වන සෙල්ලම් බඩු සමග දැඩි කැමැත්තක් දක්වමින් සෙල්ලම් කරයි
  • කැමැත්තක් දක්වන සෙල්ලම් බඩු සමගින් එකම ආකාරයේ සෙල්ලම් පමණක් සිදු කරයි.
  • අසාමාන්‍ය වස්තූන් සදහා මහත් උනන්දුවක් දක්වයි ( උදා  ලෝහ සෙල්ලම් භාණ්ඩ)
  • වස්තූන් සහ ඒවායේ ක්‍රියාකාරකම් මත පටු ලෙස අවධානය යොමු කරයි
  • සීමිත ඇලුම් කිරීමක් පෙන්වයි

සමාජීය සම්බන්ධතා පැවැත්වීම
  • නම කියා ආමනත්‍රණය කළද ප්‍රතිචාර නොදක්වයි
  • ඔහු සමග කතා බහේදි කුඩා දරුවෙකු මෙන් කතා කිරීම මගින් වැඩිහිටියන්ට ප්‍රතිචාර දක්වනු ලබයි
  • රූපවාහිනියෙන් දකින දේ ඉක්මනින් අනුකරණය කිරීම
  • ලබා දෙන සරල උපදෙස් පව අවබෝධ කර ගැනීමට නොහැකි වේ.
  • වෙනත් ළමුන් වෙත කැමැත්තක් අවධානයක්  යොමු නොකිරීම
  • එකතු වී ක්‍රිඩා නොකිරීම
  • නිහඩව ක්‍රීඩා කිරීම
ඉගි සන්නිවේදනය
  • යමක් ලබා ගැනීමට අවශ්‍ය වු විට ප්‍රකාශ නොකර ලබා ගැනීමට අවශ්‍ය දෙය දෙස බලනු ලබයි
  • සිනාසීම අවම වේ
  • ඔවුන්ගේම ඉරියව් රටාවක් පෙන්නුම් කරයි
ඔවුන්ගේ පුරුදු වෙනස් කිරීමෙන් ඔවුන් පහසුවෙන් අපහසුතාවයට පත්වන බව අවධානයට ගත යුතු වේ.

දරුවෙකුට ඔටිසම් තත්ත්වයක් වැළදි ඇති දැයි බැලු බැල්ලමට කිව නොහැකි වේ. මේ සදහා විශේෂඥ වෛද්‍යවරුන් හා ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම මගින් රෝග නිර්ණය කර ගත හැකි වේ.

මෙම රෝගි තත්ත්වයට මූලිකවම ප්‍රතිකාර කිරීමක් සිදු නොකරනු ලබයි.
රෝගි තත්ත්වයේ ස්වභාවය හදුනා ගැනීම මගින් වෘත්තීය චිකිත්සක ක්‍රම මගින් සුව කළ හැකි බවට වාර්තා වේ. මෙවැනි දරුවකු සාමාන්‍ය සමාජය හා සෙමින් සෙමින් ගැටීමට සැලැස්වීමෙන් හා දරුවා සමග නිරන්තරව ක්‍රීඩා කිරීමෙන් තත්ත්වය අවම කර ගත හැකි වේ.


1911 වර්ෂයේදි ස්විස් ජාතික මනෝ විද්‍යාඥයකු වු යූජන් බ්ලුලර් විසින් Autism යන නම මෙම රෝගි තත්ත්වයට භාවිතා කිරීම හදුන්වා දෙන ලදි. ග්‍රික බසින් Autism යන්නහි අදහස Self  යන්නයි.

1943 වර්ෂයේදි ඇ. එ. ජ ජෝන් හොප්කින්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය ලියෝ නැවර් මහතා විසින් ඔටිසම් රෝගි තත්ත්වය පිළිබද මුලින්ම අධ්‍යනය කරන ලදි.

1944 වර්ෂයේදි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයකු වු හාන්ස් අස්පර්ගර් විසින් ඔටිසම් තත්ත්වය හා ඒ ආශ්‍රිත සහලක්ෂණ පිළිබද අධ්‍යනය කර එළි දක්වන ලදි.

වර්ෂ 1985 වන විට ළමුන් 2500:1 දරුවකුට ඔටිසම් තත්ත්වය වැළදීමේ ප්‍රවනතාවයක් තිබුණි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් විසින් සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව වර්තමානයේ දරුවන්   68:1 වශයෙන් ඔටිසම් තත්ත්වය ඇතැයි සොයා ගෙන ඇත.

මෙම තත්ත්වයට මුහුණ දි ඇති දරුවන් ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සහ දෙමාපියන්ගේ කැපවීම සහ උත්සහ මත සාර්ථක පුද්ගලයකු බවට පත් කර ගත හැකි වේ.




Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...