Skip to main content

කොරෝනාවට එරෙහිව සංගීතය.....

මේ වනවිට ලෝකය මුහුණ දෙමින් සිටිනේ මෑත ඉතිහාසය තුල ඇති වි තිබෙන ලොව දරුණුතම වසංගතයටයි. බොහෝ දියුණු යැයි කියන ⁣රටවල පාලනයෙන් පවා ගිලිහිගිය වෛරසය ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගන හමාරය. එසේම ලෝකයේ වැසියන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් නිවාස අඩස්සියේ තබා ලෝකය අකර්මණ්‍ය කර අවසන්ය. සියළු ලෝ වැසියා පොදු සතුරෙකු වෙනුවෙන් එකම අරමුණකින් කටයුතු කරනු දැක ගත හැකි වේ. 
        චීනයේ වුහාන් කේනද්‍ර කරගනිමින් ඇරඹි නව කොරෝනා හෙවත් කෝවිඩ් -19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් 210 ක් පැතිර ගොසින් ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව  COVID-19 කිරීටක වෛරස් රෝගීන් 2,330,987 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 160,758 කි .
           මේ ලිපිය මගින් කතා කරන්න යන්නේ නව කොරෝනා වෛරසය ගැන නම් නොවේ. වෛරස තත්ත්වය නිසා බිහි වු ගීත සාහිත්‍යක් පිළිබඳව යි. විශේෂයෙන්ම බොහො රටවල් දෛනික කටයුතු අඩාල කරමින් තම වැසියන් නිවාස අඩස්සියේ තබා ඇත. එසේම ඒ ඒ රාජ්‍යයන් විවිධ වු ක්‍රියාමාරග අනුගමනය කරමින් මිනිස් සබදතා දුරස්ථ කරමින් රෝග පාලනයට දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරනු ලබයි. රෝග පාලනයට ගන්නා සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන්ට අමතරව, ආර්ථික ක්‍රියාමාර්ග, සමාජ ක්‍රියාමාර්ග ගනිමින් තම රටවල ජන ජීවිතය දෛනිකව පවත්වා ගන යෑමට ලෝව සියළුම රටවල් පාහේ විවිධ වු උත්සහයන් ගනිමින් පවතින බව දැක ගැනීමට හැකි වේ. 
         ඒ අතරින් නිවාසවල ගත කරන ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑමටත්. රෝග ව්‍යාප්තිය පාලනයට වෙහෙසවන සෞඛ්‍ය, ආරක්ෂක, රජයේ නිලධාරින් ධෛර්යයමත් කිරීමටත් රජයන් විසින්, සමාජය විසින්, සංවිධාන විසින් විවිධ වු වැඩසටහන්, ක්‍රියාමාර්ග, දිරි ගැන්වීමේ කටයුතු ද සිදු කරනු ලබයි. මෙම වැඩ සටහන් සංස්කෘතික, ආර්ථික, සමාජිය ස්වරූපයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. 
          ඒ අතර ලොව බොහොමයක් රටවල නිවාස වල සිටින ජනතාවට උපදේශාත්මක වශයෙනුත්, රෝග පාලනයට කටයුතු කරන සෞඛ්‍ය අංශ ඇතුළු විවිධ අංශයන් ධෛර්යමත් කිරීමේ අරමුණිනුත් ගීත ගායනා කිරීමේ සංස්කෘතියක් ජනප්‍රිය වෙමින් පවති. මෙම ගීත සංස්කෘතිය මගින් බොහෝ දෙනා උත්සහ දරනු ලබන්නේ මෙම වෛරසයෙන් බේරි සිටිමට අනුගමන කළ යුතු සනිපාරක්ෂක ක්‍රමෝපායන්, රෝග ව්‍යාප්තිය අවම කිරීම, නිරෝධායනයේ වැදගත්කම, රෝග ව්‍යාප්තියට එරහිව කටයුතු කරන අංශයන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම ගීත බොහෝමයක් ජනප්‍රිය වෙමින් පවති. ෆේස් බුක්, ටු ටියුබ්, ට්විටර් වැනි සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙමින් පවත්න මෙවැන් ගීත කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා ඇතිව තිබෙන සංස්කෘතික ප්‍රවණතාවයක් ලෙසින් ද පෙන්වා දිය හැකි වේ.
              පහත දැක්වෙන්නේ ඒ ආකාරයෙන් ලොව විවිධ රටවල ජනප්‍රිය වු එවැනි ගීතයන් ය.

 වියට්නාමය 
‘Ghen Cô Vy’ (The Washing Hand Song) අත් සේදිමේ ගීතය. වියට්නාමයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිශ්පාදනය කරන් ලැබු මෙම ගීතය යු ටියුබ් හි මිලියන 32 අධික පිරිසක් නරඹා ඇත.

මෙක්සිකෝව
 El Capi නම් වු මෙක්සිකෝවේ සංගීත කණ්ඩායමක් විසින්   'එල් කොරොන වයිරස් නම් වු ගීතයක් නිශ්පාදනය කර ප්‍රචාරය කර තිබේ.
" කොරෝනා වෛරසයෙන් ඔබ පරිස්සම් නොවන්නේ නම් එයට ඔබව මරා දැමිය හැකිය."
යන්න මෙම ගීතයේ සමස්ථ අර්ථය වේ.

මෙක්සිකෝවේ ඔක්සාකා හි El Capi සංගීත කණ්ඩායමේ  සාමාජිකයන්ම මෙම ගීතයේ නිරූපනයට එක්ව ඇත. 


ඇමරිකා එක්සත් ජනපදය

La Cumbia Del Coronavirus’ ස්පාඤ්ඤ බසින් රචිත මෙම ගීතය ගායනා කරනු ලබන්නේ Mister Cumbia විසින්ය. අත් සේදිම. රෝගයෙන් වැලකි සිටිමු යන පණිඩිඩය ගීතය තුලින් ලබා දෙනු ලබයි. යු ටියුබ් හි මිලියන 8 කට ආසන්න පිරිසක් මෙම ගීතය නරඹා තිබේ.


උගන්ඩාව
බොබී වයින් සහ නූබියන් ලී විසින් ගායනා කරන ගීතය.

ඇමරිකා එක්සත් ජනපදය

යෙන්ඩ්‍රිස් සෙස්පඩීස් විසින් රචිත 'ටුම්බාවෝ වෛරස්' නැමති ගීතය

      මෙයාකාරයෙන් ලොව විවිධ රටවල් කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් ගීත ඉදිරිපත් කරන අතර ශ්‍රි ලංකාවේද විවිධ පුද්ගලයන්, මාධ්‍ය ආයතන විසින් විවිධ ගීතයන් එළි දක්වා තිබේ ඒ අතරින් ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යය සාධක බලකාය ඇතුළු ආයතන එකතුවෙන් සහ කලකලාකරුවන් රැසකගේ එකතුවෙන් ගීතයක් නිශ්පාදනය කර සමාජ මාධ්‍යජාලා ඇතුළු මාධ්‍ය රැසක ප්‍රචාරය කරනු ලබයි.

මං අද ජීවත් වෙන්නේ ඔබ එහෙම කල නිසා

කොවිඩ් 19 වෛරසය පිළිබද සමාජය දැනුවත් කිරීමේ නිල ගීතය ලෙසින් එළි දක්වනු ලැබු මෙම ගීතය රචනා කර තිබෙන්නේ හිරාන් තෙනුවර සහ රුවිනි හපුආරච්චි විසින්ය. හිරාන් තේනුවර යනු කලකට ඉහත ජනප්‍රිය වු 6th lane සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ උසස් අධ්‍යාපන හදාල ඔහු වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකු වෙයි. ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය ද හිරාන් තේනුවර විසින්ම සිදු කර තිබේ.
     ගීතය ගායනයට අමරසිරි පිරිස්, හිරාන් තේනුවර, රොමේෂ් සුගතපාල, දුෂ්‍යන්ත වීරමන්, දීපිකා ප්‍රියදර්ශනී, උමාරියා සිංහවංශ ඇතුළු ගායක ගායිකාවන් රැසක් දායකත්වය ලබා දී තිබේ.
           එසේම ගීතයේ රූප රචනාව සඳහා දුලිකා මාරපන, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය ඇතුළු කලාකරුවන් සිය දායකත්වය ලබා දී තිබේ. එසේම පසුගිය කාලයේ කායවර්ධනය නිසාම ජනප්‍රිය වු මහනුවර ජාතික රෝහලේ වෛද්‍යතුමා පන්ඩුල බස්නායක මහතා ද මෙම ගීතයේ රූප රචනාවට දායකත්වය සපයනු ලබයි. වෛද්‍යවරයකු ලෙසින් කාර්යය බහුල අවස්ථාවකට ජනතාව දැනුවත් කිරීමට මෙම ගීතයේ රංගන දායකත්වය සැපයීමත් එක්තරා අන්දමකට වැදගත් සේවයක් ලෙසට පෙන්වා දිය හැකි වේ.
            කොරෝනා වෛරසය වැළදීම, රෝගය නොසැගවීම, නිරෝධායනය, ආදි කාර්යයන්හි වැදගත්කම රෝගයෙන් වැලකිම, පැතිරීමෙන් වැළක්වීම ආදි පණිවිඩ රාශියක් මෙම ගීතයේ පද මාලාවෙන් සහ රූප රචනාවෙන් ලබා දී තිබේ. 

පහත දැක්වෙන යු ටියුබ් ලින්ක් එක හරහා එම ගීතය රස විදින ලෙසින් ඔබට ආරාධනා කරමි. 



ධනුෂ්ක කොඩිතුවක්කු.
Dhanushka Kodituwakku.
ඇසිදිසි 2020/04/19….
අන්තර්ජාලය ඇසුරින්…..






Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...