Skip to main content

Posts

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ
Recent posts

දරුවන් හදාවඩා ගැනීමට පෙර.... කියවිය යුතුම ලිපියක්.....

මෙයට පෙර ලිපියකින් අප පෙර පාසලේ ගුරුතුමියට පමණක් දරුවාගේ අධ්‍යාපනික වගකීම් පවරා දෙමාපියන්ට නිහඬව නොසිට විශාල වගකීමක් ඉටු කිරීමට තිබෙන බව සාකච්ඡා කළෙමු. එසේම නිවෙස් පරිසරය දරුවෙකුගේ ඉදිරි ජීවිත කාලය හැඩ ගැස්වීමට තීරණාත්මක සාධකයක් ලෙසින් අප සාකච්ඡා කලේමු. මෙම ලිපිය තුලින් උත්සහ දරනුයේ දරුවන් හදාවඩා ගැනීමේදි දෙමාපියන්ගේ හැසිරිම් රටාවන් පිළිබඳවයි. විශේෂයෙන් මෙම ලිපිය තුළින් ඩයනා බෝමරියන් විසින් පෙන්වා දෙනු ලැබු දෙමාපිය රටාවන් තුන පිළිබඳවත් එලෙනෝර් මැකෝබි සහ ජෝන් මාර්ටින් විසින් පෙන්වා දෙනු ලැබු දෙමාපිය හැසිරීම් රටාවත් සමඟ දරුවන්ගේ පෞරුෂය හැඩ ගැසීම සඳහා බලපාන දෙමාපිය හැසිරීම් රටා හතර පිළිබඳ සාකච්ඡා කරමු. ළමයින් වර්ධනය වන්නේ ස්වකීය දෙමාපියන්ගේ ස්වරූපයට අනුවයි. වැඩිහිටියන් වු පසුත් ඔවුන් සිය දෙමාපියන් අනුගමනය කළ චර්යා රටාවමද අනුගමනය කළ හැකිය. දෙමාපියන් වශයෙන් ආදර්ශමත් ලෙසට කටයුතු කිරීමට යහපත් ගුණාංගයන් අවබෝධ කර ගැනීම අවශ්‍යය. විශේෂයෙන් දරුවාට අනුකරණය සඳහා දයාව, අනුකම්පාව, ඉවසීම, කරුණාවන්තභාවය, ස්වයං හික්මීම, ත්‍යාගශීලිභාවය ආදි ගුණාංගයන් දෙමාපියන් විසින් පිළිපැදිය යුතුය. කාලයත් සමඟ ළමායාද එම ග

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍

කොරෝනාවට එරෙහිව සංගීතය.....

මේ වනවිට ලෝකය මුහුණ දෙමින් සිටිනේ මෑත ඉතිහාසය තුල ඇති වි තිබෙන ලොව දරුණුතම වසංගතයටයි. බොහෝ දියුණු යැයි කියන ⁣රටවල පාලනයෙන් පවා ගිලිහිගිය වෛරසය ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගන හමාරය. එසේම ලෝකයේ වැසියන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් නිවාස අඩස්සියේ තබා ලෝකය අකර්මණ්‍ය කර අවසන්ය. සියළු ලෝ වැසියා පොදු සතුරෙකු වෙනුවෙන් එකම අරමුණකින් කටයුතු කරනු දැක ගත හැකි වේ.          චීනයේ වුහාන් කේනද්‍ර කරගනිමින් ඇරඹි නව කොරෝනා හෙවත් කෝවිඩ් -19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් 210 ක් පැතිර ගොසින් ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව  COVID-19 කිරීටක වෛරස් රෝගීන් 2,330,987 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 160,758 කි .            මේ ලිපිය මගින් කතා කරන්න යන්නේ නව කොරෝනා වෛරසය ගැන නම් නොවේ. වෛරස තත්ත්වය නිසා බිහි වු ගීත සාහිත්‍යක් පිළිබඳව යි. විශේෂයෙන්ම බොහො රටවල් දෛනික කටයුතු අඩාල කරමින් තම වැසියන් නිවාස අඩස්සියේ තබා ඇත. එසේම ඒ ඒ රාජ්‍යයන් විවිධ වු ක්‍රියාමාරග අනුගමනය කරමින් මිනිස් සබදතා දුරස්ථ කරමින් රෝග පාලනයට දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරනු ලබයි. රෝග පාලනයට ගන්නා සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන්ට

එම්බා මහවැලිය. නවතිනු නවතිනු

ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් බිහි වි තිබෙන්නේ ගංගා නිම්න ඇසුරේය. ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරන විට මානවයා ශිෂ්ඨාචාරගත වීමත් සමාජ සංස්කෘතිකාංග ඇතුළු කරගත් ජීවෝනෝපායන් බිහිවි ඇත්තේ ගංගා නිම්න ඇසුරු කර ගනිමින්ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ප්‍රවාහනය ආදි සියළු කටයුතු ගංගා නිම්නයේ බිහිව ක්‍රමයෙන් විකාශනය වෙමින් ලෝක ඉත්හාසය පුරාවටම මානව සමාජය පරිනාමය වෙමින් ආ බව පැහැදිලිව පෙනෙන සාධකයකි.       නයිල් නදි නිම්නයේ මහ පිරමීඩ බිහි කළ මිසර ශිෂ්ඨාචාරයත්, යුප්‍රටීස්- ට්‍රයිග්‍රිස් ගංගා නිම්නයේ මෙසපොතෙමියානු සභ්‍යත්වයත්, ඉන්දු ගංගා නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා මහා වෙළද නගර බිහි වු හරප්පා සභ්‍යත්වයත්, හොවැංහෝ නිම්නයේ චීන ශිෂ්ඨාචාරයත් බිහි විමෙන් ගංගා නිම්න පදනම් කරගත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වු බවයි. එසේම සමාජ, සංස්කෘතික මෙන්ම දේශපාලන බලයද ගංගා නිම්න පදනම් කර ගනිමින් ලෝක ඉතිහාසය තුළ වර්ධනය වි තිබේ.           ලෝක ඉතිහාසය තුල දේශපාලන ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් හදබිම් සංකල්පය (Heartland theory) පිළිබඳව  Sir Halford Mackinder විසින් 1904 වර්ෂයේදී The Geographical Pivot of History කෘතියෙන් අදහස් දක්වන ලදි. එහිදි ඔහු

හෙලිකොප්ටර් දෙමාපියකු වෙන්න නම් එපා

හෙලිකොප්ටර් දෙමාපියන්...... මොකක්ද මේ හෙලිකොප්ටර් දෙමාපියන් යනුවෙන් හැදින්වෙන්නේ. කාලයකට පෙර නරඹපු හින්දි චිත්‍රපටයක් නිසාවෙන් නැවත මේ ගැන ලිපියක් සකස් කරන්නට තිරණය කලා. එම චිත්‍රපටයේ  නම helicopter eela. මේ චිත්‍රපටයට පාදක වන්නේ  මවක් සහ ඇගේ දරුවා පිළිබද  කතාවකි.  මෙහි මවගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය හින්දි නිළි කාජල් විසින්ය. ඇය තමන්ගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරනු ලබන මවකගේ චරිතයක් නිරුපනය කරනු ලබන අතර මෙයට දරුවා අකමැති සහ විරෝධය දක්වමින් කටයුතු කරනු ලබයි. මේ හින්දම අධ්‍යක්ෂවරයා HELICOPTER EELA යන නම යොදන්නට ඇත. එසේම තනි මවක්  Single morther විදියට දරුවා සමගින් ජිවත්වීමට ඇය දරණ අරගලයත් මෙම චිත්‍රපටයෙන් නිරූපනය වේ. නමුත් මෙම ලිපියේ අරමුණ චිත්‍රපටය ගැන කියන්න නම් නොවේ, මෙ හෙලිකොප්ටර් දෙමාපියන්, සහ එම හැසිරීම නිසා දරුවන්ට වන සංවර්ධන හානිය පිළිබදවත් දැනුවත් කිරීමයි. ළමා සංවර්ධන මනෝ විද්‍යාව හදාරා ඇති බොහෝ දෙනෙක් නම් මෙම සංකල්පය ගැන  දැනුවත් ඇති නමුත් ලැබි ඇති නිවාඩුව ප්‍රයෝජනයට ගෙන නොදන්නා ඔබට දැනුමට යමක් එකතු කර ගැනීමට හෙලිකොප්ටර් දෙමාපිය සංකල්පය ගැන සරලව විස

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උදාහරණයක් ලෙස ස