Skip to main content

දරුවන් හදාවඩා ගැනීමට පෙර.... කියවිය යුතුම ලිපියක්.....



මෙයට පෙර ලිපියකින් අප පෙර පාසලේ ගුරුතුමියට පමණක් දරුවාගේ අධ්‍යාපනික වගකීම් පවරා දෙමාපියන්ට නිහඬව නොසිට විශාල වගකීමක් ඉටු කිරීමට තිබෙන බව සාකච්ඡා කළෙමු. එසේම නිවෙස් පරිසරය දරුවෙකුගේ ඉදිරි ජීවිත කාලය හැඩ ගැස්වීමට තීරණාත්මක සාධකයක් ලෙසින් අප සාකච්ඡා කලේමු. මෙම ලිපිය තුලින් උත්සහ දරනුයේ දරුවන් හදාවඩා ගැනීමේදි දෙමාපියන්ගේ හැසිරිම් රටාවන් පිළිබඳවයි.

විශේෂයෙන් මෙම ලිපිය තුළින් ඩයනා බෝමරියන් විසින් පෙන්වා දෙනු ලැබු දෙමාපිය රටාවන් තුන පිළිබඳවත් එලෙනෝර් මැකෝබි සහ ජෝන් මාර්ටින් විසින් පෙන්වා දෙනු ලැබු දෙමාපිය හැසිරීම් රටාවත් සමඟ දරුවන්ගේ පෞරුෂය හැඩ ගැසීම සඳහා බලපාන දෙමාපිය හැසිරීම් රටා හතර පිළිබඳ සාකච්ඡා කරමු.

ළමයින් වර්ධනය වන්නේ ස්වකීය දෙමාපියන්ගේ ස්වරූපයට අනුවයි. වැඩිහිටියන් වු පසුත් ඔවුන් සිය දෙමාපියන් අනුගමනය කළ චර්යා රටාවමද අනුගමනය කළ හැකිය. දෙමාපියන් වශයෙන් ආදර්ශමත් ලෙසට කටයුතු කිරීමට යහපත් ගුණාංගයන් අවබෝධ කර ගැනීම අවශ්‍යය. විශේෂයෙන් දරුවාට අනුකරණය සඳහා දයාව, අනුකම්පාව, ඉවසීම, කරුණාවන්තභාවය, ස්වයං හික්මීම, ත්‍යාගශීලිභාවය ආදි ගුණාංගයන් දෙමාපියන් විසින් පිළිපැදිය යුතුය. කාලයත් සමඟ ළමායාද එම ගුණාංගයන් ප්‍රදර්ශනය කරනු ඇත. අපේ මුතුන් මිත්තන් මේකට කීවේ නම් ` ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට´ යනුවෙන් ය.

දැන් අපි බලමු දරුවන්ගේ චර්යාවට බලපාන දෙමාපියන්ගේ හැසිරීම් අනුව සිදු,කරන ලද වර්ගිකරණයන් කවරේද යනුවෙන්.

1. ආත්මවිශ්වාසී දෙමාපියභාවය.
2. ආධිපත්‍යමය දෙමාපියභාවය.
3. ආසක්ත දෙමාපියභාවය.
4. අසම්බන්ධිත දෙමාපියභාවය.

යනුවෙනි.

ආත්මවිශ්වාසි දෙමාපියභාවය.

තුළිත දෙමාපියභාවය යනුවෙන්ද හදුන්වයි. ළමා කේනද්‍රිය දෙමාපිය චර්යා රටාවකි. තම දරුවන්ගේ හැගීම් කෙබඳු ද යන්න දැන සිටින අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරයන් දක්වති.
ස්වකීය දරුවන්ට අනුගමනය කිරීමට රීතින් සපයයි. ඒම රීති අනුගමනය නොකළහොත් ඇතිවන ඵලවිපාක ළමයින්ට පැහැදිලි කර දෙයි. තමන් වැරදි බව හෝ නරක බව දරුව්නට නොහැගෙන සේ ළමයින්ව හික්මවීමේ ලක්ෂණ මෙම දෙමාපියන් සතු වේ.

ආත්මවිශ්වාසි දෙමාපියන්ගේ දරුවන්....

තම අදහස් තහවුරු කළ හැකි සහ විශ්වාසනීය වැඩිහිටියන් බවට පත් වේ.
සමාජීය නිපුනතාවයෙන් යුක්ත වේ.
තමන් වෙනුවෙන් තෝරා ගැනීම් සිදු කිරීමට සමත්බවක් දක්වති.

ආධිපත්‍යමය දෙමාපියභාවය.

ඉතාම දැඩිබවකින් යුතු දෙමාපිය හැසිරීම් රටාවක් ප්‍රකාශ කෙරේ. දරුවන් වෙත දැඩි නීතිරීති සපයයි. කිසිදු ප්‍රතිරෝදයකින් තොරව එම නීතිරීති දරුවා අනුගමනය කිරීමක් අපේක්ෂා කරති. මං කියන දේ කරන්න යනුවෙන් නිතරම පවසයි. නමුත් එම නීති දරුවන් විසින් පිළිපැදිය යුත්තේ කුමක් නිසාදැයි නොදනි. දරුවන් හික්මවීම සඳහා බොහෝවිට දඬුවම යොදා ගනු දැක ගත හැකි වේ.

ආධිපත්‍යමය දෙමාපියන්ගේ දරුවන්....

මෙම දරුවන් පාසලේදි කාර්යයන් නිසි ලෙස ඉටු කළ ද අඩු ආත්ම අභිමානයෙන් යුක්ත වෙයි. දුර්වල සමාජ කුසලතා සහිත වෙයි. අනෙක් අය මත යැපීමක් හෝ නව යෞවනයන් ලෙස කලහාකාර හැසිරීම් දක්වනු ලැබිය හැක්,වේ.

ආසක්ත දෙමාපියභාවය..

මෙම දෙමාපියන් ඉවසන සුළු මෘදු ගතිගුණ ප්‍රකට කරනු ලබයි. දරුවන් පාලනය කිරීමට උත්සහ නොදරයි. රීති අනුගමනය කිරීමක් දරුවන්ගෙන් අපේක්ෂා නොකරයි. දරුවන්ගේ අපේක්ෂාවන් ඉටුකරනු ලබයි.

ආසක්ත දෙමාපියන්ගේ දරුවන් .....

මෙම දෙමාපියන්ගේ දරුවන් බලය පෙන්වයි. ස්වයංකේන්ද්‍රීය වේ. සහයෝගයෙන්,කටයුතු කිරීමට උන්නදුවක් නොදක්වයි. අවශ්‍යයැයි සිතු දේ ලබා ගැනීමට උත්සහ කරයි. ස්වයංපාලනය අඩු යි. ආත්මාර්ථකාමි හැසිරීම් රටාවක් පෙන්නුම් කරයි.

අසම්බන්ධිත දෙමාපියභාවය.

මෙම දෙමාපියන් දරුවන් කෙරෙහි ප්‍රතිචාරයක් නොදක්වන අතර තමන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි. වගකීම් ඉටු කිරීම පිළිබද තදබල උනන්දුවක් නොවේ. දරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරකම් ඉතාම අඩු මට්ටමකින් පවති. එසේම දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳවත් උනන්දුවක් නොදක්වයි. දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් සීමා නොපනවනවා මෙන්ම හැසිරීම් පිළිබද අධික්ෂණයකටද උන්නදු නොවේ.

අසම්බන්ධිත දෙමාපියන්ගේ දරුවන්...

අඩු ආත්ම අභිමානයෙන් යුතු වන අතර පරිණතබවක් ප්‍රකට නොකරයි. උදාසීන වන අතර අවේගශීලි චර්යා පෙන්වයි.

එක් එක් දෙමාපිය,රටාවන්ගේ ස්වභාවය සහ එවායේ ඵල විපාක පිළිබදව අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇත. ඇතැම් විට මව හෝ පියා වෙනස් වු රටාවන් අනුගමනය කරනු ඇත. එවිට දෙදෙනා කතා බහ කර තම දරුවන් හදාවඩා ගැනීම සඳහා සුදුසු රටාවක් තෝරාගත යුතුව ඇත.

සැබදී ලිපි / ආශ්‍රිත මූලාශ්‍ර......

  • https://en.m.wikipedia.org/wiki/Diana_Baumrind
  • https://www.parentingforbrain.com/4-baumrind-parenting-styles/
  • http://psychology.iresearchnet.com/papers/parenting/
  • https://www.encyclopedia.com/social-sciences/applied-and-social-sciences-magazines/maccoby-eleanor


Dhanushka kodituwakku
Archer/2020/12/25..... 
ඇසිදිසි අධ්‍යාපන ලිපි......


Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...