Skip to main content

Posts

ගම්පොල රාජධානියේ විසු ප්‍රභු පරපුරවල් - 01 ලිපිය

සේනාලංකාධිකාර පරපුර             ගඟසිරිපුර හෙවත් ගම්පොල රාජධානි කේන්ද්‍රය පැවති සමයේ රජුන්ට වැඩ ඉදිරියට පැමිණ කැපි පෙනෙනුයේ රාජ්‍ය සභාවේ සිටි දේශපාලන අධිකාරි බලය හිමි ප්‍රභු පරපුරවල්වල ප්‍රධානින්ය. එයින් එක් පරපුරක් ලෙස සේනාලංකාධිකාර පරපුර හැදිනිය හැකි වේ. ගම්පොල රාජධානියේ ආරම්භය සහ එහි බලය පිහිටුවා රාජධානි කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට පුරෝගාමියා වුයේ සේනාලංකාධිකාරයන් ය.

අඹන්වල රාළ

අඹන්වල රාළ අඹන්වල රාළ වු කලි දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ සිටි උඩරට ජන ප්‍රධානියෙකි. මොහු කවියෙකු හැටියට ද ප්‍රසිද්ධව සිටි බව කියනු ලැබේ. 1664 නිල්ලඹ නුවර දි රජුට විරුද්ධව හට ගත් කැරැල්ලේ නායකයාද මොහු වේ.

අතපත්තු හමුදාව.

අතපත්තු සේවය මෙරට ආරම්භ වුයේ කවර දාක ද යන්න නිශ්චිතව කිව නොහැකි වේ. ක්වේරෝස්, රෝබෙයිරෝ හා කූටෝ ආදි ප්‍රතිකාල් ඉතිහාසඥයින් කෝට්ටේ යුගය සම්බන්ධයෙන් අතපත්තුව හා අතපත්තු නිලධාරින් ගැන තම කෘතියේ සදහන් කරත් කෝට්ටේ යුගයට පෙර ලියන ලද ග්‍රන්ථයක   අතපත්තුව ගැන හෝ අතපත්තු නිලධාරින් ගැන සදහනක් වී ඇති බවක් නොපෙනේ. සීතාවක සමයට අයත් මායදුන්නේ රජුගේ අතපත්තු හමුදාවක් ගැන හා සීතාවක රාජසිංහ රජුගේ හමුදාවක් ගැනත් ක්වේරෝස්ගේ ලංකාවිජය නැමති ග්‍රන්ථයේ සදහන් වේ. කෝට්ටේ යුගය හරියදි ආරම්භවී යැයි සැළකිය හැකි අතපත්තු සේවය මහනුවර යුගය අවසානය දක්වාම පැවති බව මහනුවර රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය පිළිබදව ලියවුණු ඩොයිලිගේ විස්තරයෙන් පෙනේ. අතපත්තුව පිළිබද සේවා සංවිධානය හැදින්වුණේ අතපත්තු වසම නමින් ය. ඊට අයත් වුවෝ ඒ ඒ දිසාවේ හෝ   රටේ වැදගත් අයයි. සෑම කෝරළයකම අතපත්තු වසමක් වු බව ඩොයිලි සදහන් කරයි. කෝරළේ අතපත්තුවක ප්‍රධානියා හැදින්වුයේ අතපත්තු ලේකම් නමින් ය. අතපත්තු ලේකම් යන්න බෙහෙවින් ම ව්‍යවහාර වුයේ උඩරට පෙදෙස්වල බවත් ඒ නිලධාරියා පහතරට පෙදෙස්වලදි අතපත්තු මුදලි යනුවෙන්ද හැදින්වු බවත් ඇතමුන්ගේ පිළීගැනීමයි.අතපත්තු මුදල...

උඩරට රජුගේ කොඩිතුවක්කු හමුදාව

කොඩිතුවක්කු හමුදාව         පරංගි සහ ලන්දේසි යුගයන්හිදි රෝද පිට සවි කළ කුඩා කාලතුවක්කු කොඩිතුවක්කු ලෙස හැදින්විය. අන් හැම තුවක්කු විශේෂයකට වඩා මේවා ප්‍රයෝජනවත් විය. මහත් රෞද්‍ර හඩක් පිට කරමින් වෙඩි තැබීමට උපකාර වු හෙයින් විශේෂණයක් වශයෙන් රෞද්‍ර යන අර්ථය ඇති කොඩි යන දෙමළ වචනය මුලට යොදා එම තුවක්කු විශේෂය හැදින් වූහ.   ගන්ජල නමින් හැදින්වුණ තුන්පා ධාරකයක් හෙවත් මුක්කාලියක් මත තබා වෙඩි තබන ලදි. යුද්ධයේදි බොහෝ කොට උපයෝගි වුයේ කොඩිතුවක්කු වු හෙයින් රජුගේ තුවක්කු හමුදාව කොඩිතුවක්කු හමුදාව ලෙසින් ප්‍රසිද්ධියට පත් විය.

ආර්යයන් යනු කවරහු ද ?

ආර්යයන් යනු කවරහු ද ?              ලෝකයේ පැවති ඉපැරණි මානව ශිෂ්ටාචාරයන් අතුරින් ඉන්දීය අර්ධ මහද්විපයේ පැවති ඉන්දු නිම්න ආශ්‍රිතව පැවති හරප්පා සභ්‍යත්වයට හිමි වන්නේ අද්වීතීය ස්ථානයකි. දියුණු නාගරික ශිෂ්ටාචාරයක් වශයෙන් සියවස් ගණනක් ඉන්දු නදි නිම්නය අභිබවා ඉන්දීය උප මහද්වීපයේ අභ්‍යන්තරයේ ව්‍යාප්ත වු මෙම ශිෂ්ටාචාරයේ බිද වැටීමට තුඩු දුන් හේතු පිළිබදව දක්වන උගතුන්ගේ මතය වන්නේ ආර්ය සංක්‍රමණ හෝ ආක්‍රමණ සෘජුව හෝ වක්‍රව මෙ සදහා බලපාන්නට ඇති බවයි. මෙම ලිපියේ අරමුණ වන්නේ එම ශිෂ්ටාචාරය බිදවැටීමේ හේතු විමසීමට නොව එහිදි කියවෙන ආර්යයන් යනුවෙන් හැදින්වෙන්නේ කවර ආකාරයක පිරිසක්ද යන්න දැක්වීමයි. ක්‍රි:පු 1500 දි පමණ සිදුවුවා යැයි සැළකෙන මෙම ජන සංක්‍රමණ හෝ ආක්‍රමණ ඉන්දියාවට උතුරින් වු කපොලු මාර්ග තරණය කරමින් සිදු වු අතර මෙම ජන පිරිස ආර්යන් යනුවෙන් පෙන්වා දීමට උගතුන් විසින් උත්සහා දරන්නේ ය. මෙසේ ආර්ය ලෙසට හැදින්වෙන පිරිස කවර අන්දමේ පිරිසක් ද යනුවෙන් උගතුන් අතර එකගතාවයක් නොමැති අතර ඔවුන් ඒ සදහා විවිධ මතයන් ප්‍රකාශ කරනු ලබන්නේ ය.

උඩරට මනාල මනාලි ඇදුම

උඩරට මනාල ඇදුම             උඩරට සිරිතට අනුව මනාලයාගේ ඇදුම වුයේ මුළු ඇදුම නමින් හැදින්වෙන් උඩරට පාරම්පරික ඇදුම හා ආභරණයි. මෙම මුළු ඇදුමට ඇතැම් පළාත්වල තුප්පොට්ටිය කියා ද කියති.             මනාලියගේ ඇදුම වුයේ   ඔසරියයි. ගෙඩි අත් සැට්ටය, කොංඩ මල්, නළල් හැඩය, ගෙල පටිය, බොටු පෙත්ත සහිත මාල හත ආදී ආභරණවලින් ඇය සැරසේ.

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.