Skip to main content

අඹන්වල රාළ



අඹන්වල රාළ
අඹන්වල රාළ වු කලි දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ සිටි උඩරට ජන ප්‍රධානියෙකි. මොහු කවියෙකු හැටියට ද ප්‍රසිද්ධව සිටි බව කියනු ලැබේ. 1664 නිල්ලඹ නුවර දි රජුට විරුද්ධව හට ගත් කැරැල්ලේ නායකයාද මොහු වේ.
            රාජසිංහ රජුගේ දරුණු ක්‍රියා මාර්ග නිසා තදින්ම කිපුණු වැසියෝ ඔහු මරා දැමීමට නොයෙක් විට තැත් කරන ලදි. ඇසළ පෙරහැර තහනම් කිරීම රජුකෙරහි වැසියන් කලකිරැවීමට ප්‍රධාන ලෙසින්ම බලපාන ලදි. 1664 දී  උදා වු වල්ගාතරුවක් දැක කලබල වු වැසියන් එතුමා මරා දම එතුමාගේ පුතා වු දෙවැනි විමලධර්මසුරිය රජුට රජකම ලබා දීමට තීරණය ගත් බව නොක්ස් සදහන් කරයි. අඹන්වල රාළ ප්‍රධාන තවත් නායකයින් කිහිප දෙනෙක් ද නුවර ආරාමයක තෙර නමක් ද මේ කුමන්ත්‍රණයේ පුරෝගමි වු බව කියනු ලැබේ. මේ සියලු දෙනා ලේ නෑයන් වු බව සදහන් වේ. එසේම මෙය රට පුරා පැතිර ගිය පෙරලියක් නොව ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් රාජ සභාව ඇතුළතම ඇති කරන ලද කැරැල්ලක් පමණි. කැරැල්ල ඇරඹු නායකයන්ගේ ප්‍රධාන අදහස වුයේ කුමරුව රෑකඩ රජකු සේ තබා ගෙන රාජ බලය අත්පත් කර ගැනීමයි.
            සොභාවයෙන්ම රෞද්‍ර ගති ගුණ ඇති රාජසිංහ රජතුමා මේ කාලයේ ඔලන්ද කාරයන්ගේ චංචානිසාත් ඔවුන්ගෙන් පලි ගැනීමට නොහැකි වු නිසාත් බලවත් සේ කෝපයට පත්ව සිටියේ ය. ඔහුගේ කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද බෙහෙවින් හීන වු හෙයින් හෙතම විවේකි ආරක්ෂිත ස්ථානය වු නිල්ලඹ නගරයට වාසය පිණිස ගියේ ය.
            දිනක මධ්‍යම රාත්‍රියේ අඹන්වල රාළ සහ තවත් දිසාපතීන් කිහිප දෙනෙක් ඇතුළත් දාමරිකයන් සමුහයක් නිලඹේ මාළිගාවට වැද මුර සෙබළුන්ද රජු ද මැරීමට තැත් කළහ. එහෙත් සතුරු පිරිසට පාන්දර වන විටත් රජුට ලගා වීමට නොහැකි වු විය. රජු පිරිවර සමගින් හගුරන්කෙත අසල වු ගලඋඩ නම් වු ගමට පලා යන ලදි. රජු මැරීමේ අදහස ව්‍යාර්ථ වු කැරැලිකරුවෝ  මහනුවර මාළිගයේ සිටි කුඩා කුමරුවන් සිංහාසුනාරෑඪ කිරීම පිණිස පිටත් විය. පහළොස්විය නොඉක්මවා සිටි කුමරා මේ පුවත අසා භීතියට පත් විය. රජුගේ සොහොයුරිය කුමරු සමගින් ගලඋඩ ගමට ගිය හෙයින් කලහාකරුවන්ට තම අදහස මුදුන් පත් කර ගැනීමට නොහැකි විය. ඉක්බිතිව ඔවුන් රජු විසින් සිර කොට සිටි යුරෝපීයයන් තමන් වෙත නම්මවා ගැනීමට උත්සහා ගත්තට එය ද ව්‍යාර්ථ විය. මේ නිසා අධෛර්යට පත් කැරැලිකරුවන් ඔවුනොවුන්ම ඇනකොට ගැනීමට පටන් ගත් හ. රජතුමාද කැරලිකරුවන් හැකි තරම් මරා අඹනවල රාළ අල්ලා වධ හිංසා පමුණවා මරනු වස් ලන්දේසින් වෙත යැවී ය.
            සිදු වුයේ අනෙකකි. ලන්දේසීන් ඔහුව කරුණාවෙන් පිළිගෙන සැලකිලි දැන්විය. රටතොට පිළිබද තොරතුරු දැන ගැනීමට අඹන්වල රාළ ඔවුන්ට ප්‍රයෝජනවත් විය. කවියෙකු වශයෙන් අඹන්වල රාළ රචනා ලකරන ලද ව්‍යක්ත ප්‍රබන්ධ රාශියක් වේ. ලන්දේසින් යටතේ සිටි සුරිය මුත්තයියා නම් නිලධාරියෙකු තමන් ආශිර්වාද වශයෙන් බදනා ලද කවි පන්තියක් අසා රන් පගෝදි පන්සීයයක් තෑගි කරන ලද බව කියති. මොහුගේ කවි අතර සිරිගර රසයෙන් යුත් කවි ද තේරවිලි කවි ද විය. අඹන්වල රාළ නොයෙකුත් අවස්ථාවන්හිදි කියන ලද කිවි රැසක් තවමත් නොනැසි පවති.
ස්ත්‍රියක් වරලස පීරනු දැක කී කවියක් මෙසේය.
පළ කළ පතළ කළ කත මගට යන ක                
පළ දළ පතළ එන තන රත මඩල බ                   
තල මල සගළ වත වදනත උර පළ                    
බල දළ ලකළ වමතට ගවසන වර                     
තේරවිලි කවියක් මෙසේ ය.
පිළිකන්නේ ගොරවන්නේ ගෙට එන්න            
ගෙයි ඉන්නෝ රැක ඉන්නේ බැට දෙන්න         
මළ මිනිහා දිය ලන්නේ පණ ගන්න                  
නොදොඩන්නේ බොරු බැරි නම් තෝරන්න     

ඔලන්දකාරයන් විසින් දෙන ලද කොල්ලුපිටියේ ඉඩමක පදිංචි වී පොල් වැවීමට පටන් ගත් අඹන්වල රාළ සිය අවසන් කාලය ගත කළේ වැවිලිකරුවකු හැටියට ය. මෙතෙම කොල්ලුපිටියේදීම අවසන් හුස්ම හෙලන ලදි.


Comments

  1. තොරතුරුවලට බොහොම ස්තූතියි. මම අඹන්වෙල රාළගේ අවසාන කාලය ගැන දැනගෙන හිටියෙම නැහැ. නමුත් 8 ශ්‍රේණිය පාසල් පෙළ පොතේ තියෙන්නෙ කුමන්ත්‍රණය අවසාන මොහොතෙ රජුට හිතවත් නිලධාරියෙක් දැනගෙන රජු වෙනුවෙන් සිිරි යහන් ගබඩාවෙ නිදා ගත් බවත් කුමන්ත්‍රණකරුවන් අතින් ඔහු ඝාතනය වූ බවත්. පසුව රජු එ නිලධාරියාගේ පවුලේ අයට හොඳට සලකපු බවත් කියනවා.. මොකක්ද ඇත්ත?
    අනෙක ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ අග්නි දාහය චිත්‍රපටියේ තියෙන්නෙත් මේ කුමන්ත්‍රණය ගැන නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...