අඹන්වල රාළ
අඹන්වල රාළ වු කලි දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ සිටි උඩරට ජන ප්‍රධානියෙකි.
මොහු කවියෙකු හැටියට ද ප්‍රසිද්ධව සිටි බව කියනු ලැබේ. 1664 නිල්ලඹ නුවර දි රජුට
විරුද්ධව හට ගත් කැරැල්ලේ නායකයාද මොහු වේ.
රාජසිංහ රජුගේ දරුණු ක්‍රියා
මාර්ග නිසා තදින්ම කිපුණු වැසියෝ ඔහු මරා දැමීමට නොයෙක් විට තැත් කරන ලදි. ඇසළ
පෙරහැර තහනම් කිරීම රජුකෙරහි වැසියන් කලකිරැවීමට ප්‍රධාන ලෙසින්ම බලපාන ලදි. 1664
දී උදා වු වල්ගාතරුවක් දැක කලබල වු
වැසියන් එතුමා මරා දම එතුමාගේ පුතා වු දෙවැනි විමලධර්මසුරිය රජුට රජකම ලබා දීමට
තීරණය ගත් බව නොක්ස් සදහන් කරයි. අඹන්වල රාළ ප්‍රධාන තවත් නායකයින් කිහිප දෙනෙක් ද
නුවර ආරාමයක තෙර නමක් ද මේ කුමන්ත්‍රණයේ පුරෝගමි වු බව කියනු ලැබේ. මේ සියලු දෙනා
ලේ නෑයන් වු බව සදහන් වේ. එසේම මෙය රට පුරා පැතිර ගිය පෙරලියක් නොව ප්‍රධානින්
කිහිප දෙනෙකු විසින් රාජ සභාව ඇතුළතම ඇති කරන ලද කැරැල්ලක් පමණි. කැරැල්ල ඇරඹු
නායකයන්ගේ ප්‍රධාන අදහස වුයේ කුමරුව රෑකඩ රජකු සේ තබා ගෙන රාජ බලය අත්පත් කර
ගැනීමයි.
සොභාවයෙන්ම රෞද්‍ර ගති ගුණ
ඇති රාජසිංහ රජතුමා මේ කාලයේ ඔලන්ද කාරයන්ගේ චංචානිසාත් ඔවුන්ගෙන් පලි ගැනීමට
නොහැකි වු නිසාත් බලවත් සේ කෝපයට පත්ව සිටියේ ය. ඔහුගේ කායික ශක්තිය මෙන්ම මානසික
ශක්තිය ද බෙහෙවින් හීන වු හෙයින් හෙතම විවේකි ආරක්ෂිත ස්ථානය වු නිල්ලඹ නගරයට වාසය
පිණිස ගියේ ය.
දිනක මධ්‍යම රාත්‍රියේ
අඹන්වල රාළ සහ තවත් දිසාපතීන් කිහිප දෙනෙක් ඇතුළත් දාමරිකයන් සමුහයක් නිලඹේ
මාළිගාවට වැද මුර සෙබළුන්ද රජු ද මැරීමට තැත් කළහ. එහෙත් සතුරු පිරිසට පාන්දර වන
විටත් රජුට ලගා වීමට නොහැකි වු විය. රජු පිරිවර සමගින් හගුරන්කෙත අසල වු ගලඋඩ නම්
වු ගමට පලා යන ලදි. රජු මැරීමේ අදහස ව්‍යාර්ථ වු කැරැලිකරුවෝ මහනුවර මාළිගයේ සිටි කුඩා කුමරුවන් සිංහාසුනාරෑඪ
කිරීම පිණිස පිටත් විය. පහළොස්විය නොඉක්මවා සිටි කුමරා මේ පුවත අසා භීතියට පත්
විය. රජුගේ සොහොයුරිය කුමරු සමගින් ගලඋඩ ගමට ගිය හෙයින් කලහාකරුවන්ට තම අදහස
මුදුන් පත් කර ගැනීමට නොහැකි විය. ඉක්බිතිව ඔවුන් රජු විසින් සිර කොට සිටි
යුරෝපීයයන් තමන් වෙත නම්මවා ගැනීමට උත්සහා ගත්තට එය ද ව්‍යාර්ථ විය. මේ නිසා
අධෛර්යට පත් කැරැලිකරුවන් ඔවුනොවුන්ම ඇනකොට ගැනීමට පටන් ගත් හ. රජතුමාද
කැරලිකරුවන් හැකි තරම් මරා අඹනවල රාළ අල්ලා වධ හිංසා පමුණවා මරනු වස් ලන්දේසින්
වෙත යැවී ය.
සිදු වුයේ අනෙකකි.
ලන්දේසීන් ඔහුව කරුණාවෙන් පිළිගෙන සැලකිලි දැන්විය. රටතොට පිළිබද තොරතුරු දැන
ගැනීමට අඹන්වල රාළ ඔවුන්ට ප්‍රයෝජනවත් විය. කවියෙකු වශයෙන් අඹන්වල රාළ රචනා ලකරන
ලද ව්‍යක්ත ප්‍රබන්ධ රාශියක් වේ. ලන්දේසින් යටතේ සිටි සුරිය මුත්තයියා නම්
නිලධාරියෙකු තමන් ආශිර්වාද වශයෙන් බදනා ලද කවි පන්තියක් අසා රන් පගෝදි පන්සීයයක්
තෑගි කරන ලද බව කියති. මොහුගේ කවි අතර සිරිගර රසයෙන් යුත් කවි ද තේරවිලි කවි ද
විය. අඹන්වල රාළ නොයෙකුත් අවස්ථාවන්හිදි කියන ලද කිවි රැසක් තවමත් නොනැසි පවති.
ස්ත්‍රියක් වරලස පීරනු දැක කී කවියක් මෙසේය.
පළ කළ පතළ කළ කත මගට යන
ක ල
පළ දළ පතළ එන තන රත මඩල
බ ල
තල මල සගළ වත වදනත උර පළ ල
බල දළ ලකළ වමතට ගවසන වර ල
තේරවිලි කවියක් මෙසේ ය.
පිළිකන්නේ ගොරවන්නේ ගෙට
එන්න ට
ගෙයි ඉන්නෝ රැක ඉන්නේ
බැට දෙන්න ට
මළ මිනිහා දිය ලන්නේ පණ
ගන්න ට
නොදොඩන්නේ බොරු බැරි නම්
තෝරන්න ට
ඔලන්දකාරයන් විසින් දෙන ලද කොල්ලුපිටියේ ඉඩමක පදිංචි වී පොල් වැවීමට පටන්
ගත් අඹන්වල රාළ සිය අවසන් කාලය ගත කළේ වැවිලිකරුවකු හැටියට ය. මෙතෙම
කොල්ලුපිටියේදීම අවසන් හුස්ම හෙලන ලදි.
තොරතුරුවලට බොහොම ස්තූතියි. මම අඹන්වෙල රාළගේ අවසාන කාලය ගැන දැනගෙන හිටියෙම නැහැ. නමුත් 8 ශ්‍රේණිය පාසල් පෙළ පොතේ තියෙන්නෙ කුමන්ත්‍රණය අවසාන මොහොතෙ රජුට හිතවත් නිලධාරියෙක් දැනගෙන රජු වෙනුවෙන් සිිරි යහන් ගබඩාවෙ නිදා ගත් බවත් කුමන්ත්‍රණකරුවන් අතින් ඔහු ඝාතනය වූ බවත්. පසුව රජු එ නිලධාරියාගේ පවුලේ අයට හොඳට සලකපු බවත් කියනවා.. මොකක්ද ඇත්ත?
ReplyDeleteඅනෙක ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ අග්නි දාහය චිත්‍රපටියේ තියෙන්නෙත් මේ කුමන්ත්‍රණය ගැන නේද?