ආර්යයන් යනු කවරහු ද ?
ලෝකයේ පැවති ඉපැරණි මානව ශිෂ්ටාචාරයන්
අතුරින් ඉන්දීය අර්ධ මහද්විපයේ පැවති ඉන්දු නිම්න ආශ්‍රිතව පැවති හරප්පා සභ්‍යත්වයට
හිමි වන්නේ අද්වීතීය ස්ථානයකි. දියුණු නාගරික ශිෂ්ටාචාරයක් වශයෙන් සියවස් ගණනක්
ඉන්දු නදි නිම්නය අභිබවා ඉන්දීය උප මහද්වීපයේ අභ්‍යන්තරයේ ව්‍යාප්ත වු මෙම
ශිෂ්ටාචාරයේ බිද වැටීමට තුඩු දුන් හේතු පිළිබදව දක්වන උගතුන්ගේ මතය වන්නේ ආර්ය
සංක්‍රමණ හෝ ආක්‍රමණ සෘජුව හෝ වක්‍රව මෙ සදහා බලපාන්නට ඇති බවයි. මෙම ලිපියේ අරමුණ
වන්නේ එම ශිෂ්ටාචාරය බිදවැටීමේ හේතු විමසීමට නොව එහිදි කියවෙන ආර්යයන් යනුවෙන්
හැදින්වෙන්නේ කවර ආකාරයක පිරිසක්ද යන්න දැක්වීමයි. ක්‍රි:පු 1500 දි පමණ සිදුවුවා
යැයි සැළකෙන මෙම ජන සංක්‍රමණ හෝ ආක්‍රමණ ඉන්දියාවට උතුරින් වු කපොලු මාර්ග තරණය
කරමින් සිදු වු අතර මෙම ජන පිරිස ආර්යන් යනුවෙන් පෙන්වා දීමට උගතුන් විසින් උත්සහා
දරන්නේ ය. මෙසේ ආර්ය ලෙසට හැදින්වෙන පිරිස කවර අන්දමේ පිරිසක් ද යනුවෙන් උගතුන්
අතර එකගතාවයක් නොමැති අතර ඔවුන් ඒ සදහා විවිධ මතයන් ප්‍රකාශ කරනු ලබන්නේ ය.
විශේෂයෙන්
දහ නවවන සියවසේ සිටි ප්‍රාචීනවේදීන් යනුවෙන් හැදින්වේ ඉන්දීය සංස්කෘතිය සහ භාෂාවන්
පිළිබද උනන්දු වු පිරිස ඉන්දීය සහ පර්සියන් භාෂාවන් අතරත් පැරණි යුරෝපීය භාෂාවන්
අතරත් වාග් විද්‍යාත්මක සමස්වරූපිබවක් හදුනා ගෙන මූල භාෂාවක් කතා කළ ආර්ය
ජාතියක් පිළිබදව කතිකාවතක් ගොඩ නැගීමට උත්සහ දරන ලදි. එවනි පසුබිමක් තුල ආර්ය
යනුවෙන් හැදින්වෙන්නේ කවර පිරිසක් ද යන්නට විවිධ නිර්වචන රාශියක් ඉදිරිපත්ව තිබෙනු
දැක ගත හැකි වේ.
ආර්ය යන පදය ඉංග්‍රිසි භාෂාවෙන් ARYAN යනුවෙන් භාවිතා වේ නමුත් මෙම පදය යුරෝපීය බසකට අයත්
පදයක් නොව ඉන්දීය භාෂාත්මක පදයක් ලෙසට සැළකිය හැති වේ.එසේම ඉපැරණි පර්සියානුවන්
විසින් භාවිත කරනු ලබන ඉරාන් (අයිරාන් IRAN) යන වචනයේ අර්ථයද ආර්ය යන්න උගතුන්ගේ අදහසයි.
ඉන්දියානුවන් සහ ඉරාන ජාතිකයන්ගේ මානව වංශය (Ethnicity)ආර්ය යනුවෙන් හැදින්වෙන පිරිසගෙන් පැවත එන බව යි. දහනව
වන සියවසේ දී ඉන්දු යුරෝපීය මූල භාෂාවක් සොයා ගැනීමත් සමග ආර්ය ජාතියක් පිළිබද වු
ආර්ය සංකල්පය (Aryan Concept) සමාජ කතිකාවතට බදුන් වන්නට විය. විශේෂයෙන්ම උතුරු
ඉන්දීය සංස්කෘත භාෂාවත් පර්සියානු අවෙස්තාන් භාෂාවත් සමග ලතින්, ග්‍රීක, ජර්මන් සහ
කෙල්ටික් ඇතුලත් යුරෝපයේ ප්‍රධාන භාෂාවන් සමග ඥාති සම්බන්ධයක් සොයා ගැනීමත් සමගින්
මෙම කතිතාවත පිළිබද උනන්දුව සමාජය තුල ඇති විය.
මෙම අදහස් අනුව යමින් බොහෝ උගතුන්
විවිධ අදහස් පල කරන්නට විය. දහනව වන සියවස අවසානය දක්වාම ආර්ය යන නම ව්‍යවහාර වුයේ
ඉන්දියානු තදාසන්න පෙදෙස්හි සහ ඉරාන ජනයා හැදින්වීම සදහා ය. එසේම එම පෙදෙස්හි ජනයා
වහරන ලද භාෂාව හදුනවනු ලද්දෙ ද ආර්ය භාෂාවන් යනුවෙන් ය.
පෙන්තා නම් වු පඩිවරයාට අනුව ආර්ය භාෂාව කතා කළ මිනිසුන්
ආර්ය වර්ගයට අයත් ජනයා හෙවත් ආර්යන් ලෙස හැදින්විය. මෙසේ වාග් විද්‍යාත්මක අදහස්
මගින් ඇති වු අදහස් අනුව යමින් ආර්ය ජාතියක් පිළිබදව සංකල්පයක් ඇති විය. ආර්ය
ජාතියක් පිළිබදව අදහස් දක්වන ගෝඩ්න් චයිල්ඩ් මහතා ප්‍රකාශ කරනුයේ ඉන්දු - යුරෝපිය
භාෂා ගණයටඅයත් භාෂාවන්ගේ ප්‍රභවය පොදු මාතෘ භාෂාවකින් පැවත එන අතර එම මාතෘ භාෂාව
ව්‍යවහාර කළ පිරිස ආර්යන් වු බවයි.
මෙ අතර ව්‍යවහාර අර්ථය අනුව ඉන්දීය
සමාජය තුල මෙම ආර්ය යන පදය සැබවින්ම භාවිත වූයේ ජාතියක් හැගවීමේ අදහසින්ම ද යන්න ද
විමසා බැලිය යුතු වේ. සංස්කෘත භාෂාවේ සහ අවෙස්තාන් භාෂාවේ (ඉරාණීය පැරණි භාෂාව)
ආර්ය යන පදයේ අර්ථය වන්නේ උතුම් මිනිසා/උසස් මිනිසා(Noble
Person) යන්න යි.එසේම උතුරු ඉන්දීය ඉපැරණි වේද ග්‍රන්ථයන්හි
කිසි විටකත් ජාතියක් (Racial) හෝ වාර්ගිකත්වයක් (Ethnic) හැගවීමේ අභිප්‍රායෙන් මෙම පදය භාවිත කළ බවට සාධක
නොමැත. හින්දු ආගමේත්, සොරොස්තියානු ආගමේත් (Zoroastrians), බෞද්ධාගමේ සහ ජෛනාගමේ ආර්ය යන පදය භාවිත කොට ඇත්තේ
ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්ත්වය හෝ උතුම් යන අදහසින් විශේෂණ පදයක් ලෙසින්ය.
බුදුන් වහන්සේ කිහිප අවස්ථාවකම ස්වකීය ධර්මය තුල ආර්ය යන පදය භාවිත කර තිබන් මේ
සදහා දැක්විය හැකි හොදම උදාහරණය වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය - උතුම් වු අෂ්ඨ ධර්ම
මාර්ගය, චාතුරාර්ය සත්‍ය උතුම් වු සතර ධර්මය, යනුවෙන් ආර්ය යන පදය උතුම් යන
අර්ථයෙන් භාවිතා කර තිබෙනු පෙන්වා දිය හැකි වේ. මෙහිදි අපට පැහැදිලවම සෘග් වේදයත්
ඇතුලත් පැරණි භාරතීය ඉගැනවීම්වලදි කිසිදු අවස්ථාවක ජාතිය හෝ වර්ගයක් හැගවීමේ
අදහසින් ආර්ය යන පදය භාවිත කර තිබේ යැයි පැවසිය නොහැකි වේ.
ඉරාන සහ ඉන්දීය භාෂා අතරත් යුරෝපීය
භාෂා අතරත් ඇති සම්බන්ධතාව හෙලිවීමෙන් පසු ඇති වු සංකල්පයක් ලෙසට ආර්ය සංකල්පය
දැක්විය හැකි වේ. මේ අනු වඉන්දියාව තුල ආර්ය සංකල්පය පිළිබදව ඇතිව තිබෙන්නා වු
මතවාද පහක් පෙන්වාදිය හැකි වේ.
01 වාග් විද්‍යාව
අනුව සංස්කෘත බස, නැගෙනහිර මධ්‍යධරණි භාෂාවන් සහ යුරෝපීය භාෂාවන් පොදු
ප්‍රභවයක් පෙන්නුම් කෙරේ.
The
linguistic thesis that Sanskrit shares a common origin with several
Mediterranean, Near Eastern
and European languages.
02 ආර්ය ආක්‍රමණ න්‍යායට
අනුව වෛදික සංස්කෘතිය ඉන්දියාවට පිටතින් පැමිණි ආක්‍රමණිකයන්ගේ
ප්‍රතිඵලයක් බවයි.
The AIT, or
Aryan invasion thesis that argues that Vedic culture in India is the result of
an
invasion of outsiders.
03 ආර්ය සංක්‍රමණ න්‍යායට අනුව සිදුවුයේ ආක්‍රමණයක් නොව
සංක්‍රමණයකි.
The AMT, or Aryan
migration thesis that says there was no invasion, merely a migration.
04 ආර්යයන් ස්වදේශීන් යන න්‍යායට අනවු
ඉන්දියාවට ආක්‍රමණයක් හෝ සංක්‍රමණයක් සිදුවුයේ
නොමැත.
The
“indigenous Aryan” thesis that says the Aryans never invaded nor migrated into
India, they
were already there.
05 ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත
වු බව කියන න්‍යායට අනුව ආර්ය සංස්කෘතිය ඉන්දියාවෙන් පිටතට
ව්‍යාප්තියක්
සිදු විය යන න්‍යාය.
The
OIT, or “out of India” thesis that says that Aryans are originally from India
and spread out from
there to the rest of the world.
ඉන්දියාවේ ආර්ය
සංකල්පය පිළිබද මෙවැනි අදහස් ඇති වුවත් බොහෝ ඉන්දීය ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ
හරප්පා සභ්‍යත්වය බිද වැටීමෙන් අනතුරුව ඉන්දියාවට පැමිණි සංක්‍රමණික හෝ ආක්‍රමණික
පිරිස මෙම ආර්ය යනුවෙන් හැදින්වෙන ජන පිරිසට අයත් කළ හැකි බවයි.වයඹදිග
ඉන්දියානු කපොලු මාර්ගවන බෝලාන්,ඛයිබර් සහ මක්රාන් යන දුර්ග මාර්ගයන් ඔස්සේ ඉන්දු
නිම්නයට සංක්‍රමණ හා ආක්‍රමණ යන දෙකම හෝ සිදු වන්නට ඇත. සෘග් වේදය මෙසේ පැමිණි
පිරිසගේ පැරණිතම ආගමික ග්‍රන්ථය ලෙසට සළකණු ලබන්නේ ය. ක්‍රිස්තු වර්ෂයේ දෙවන සහස්‍රකයේ
ආරම්භයත් සමග ඉන්දියාවට පැමිණි ජනයා එක් කණ්ඩායමක් නොවු අතර ඔවුන් එකිනෙකා අතර
සමාන ලක්ෂණ සහ සම්බන්ධතා පැවැත්වු ග්‍රෝත්‍ර රාශියක් විය. මෙසේ පැමිණි පිරිස්
වයඹදිග ඉන්දියාවට ඇතුලුවන විට හරප්පා නගරායනය පරිහානියට පත්වෙමින් පැවති අතර මෙම
සංක්‍රමණ හා ආක්‍රමණ නිසා පරිහානිය තවදුරටත් ඉක්මන් වන්නට ඇත. වේද ග්‍රන්ථයන්හි
ආර්ය පිරිස් තමන් ජයග්‍රහකයන් ලෙසට හදුවා ගන්නේ ඔවුන් ස්වදේශිකයන් පරාජයට පත් කොට
භූමිය අත්පත් කරගත් නිසාවෙන් විය යුතු වේ. සෘග් වේදයේ සදහන් අන්දමට දස්‍යුන්ට
(ස්වදේශකයන් හදුන්වා ඇති නාමය එහි අර්ථය දාසයා සේවකයා වේ) විරුද්ධව ගෙන යන සටන් ව්‍යාපාරය
තුලදි තමන් ආර්ය (උසස් ජනයා) යන්වෙන් හදුනවාගත් පිරිස භූමිය අත් කර ගැනීමට මුල්
කාලයේ අනවරත යුධ ව්‍යාපාරයක නිරත වු බව හොදින්ම පැහැදිලි කොට ගත හැකි ය.
දෙවන
ලෝක යුධ සමයේ ආර්ය යනු කවර අන්දමේ පිරිසක් ද යන ප්‍රශ්ණයට පිළිතුරු දුන්
ජර්මානුවන් ආර්යන් යනු තමන්ගේ ශරීර ලක්ෂණයන්ට සමාන වු පිරිසක් බවත් ආර්යන් යනු
පැහැදිලිවම ජර්මානුවන් බවත් ප්‍රකාශ කරන ලදි. එම තත්ත්වය නට්සි පාලක හිට්ලර්ගේ ක්‍රියා
කලාපය තුලින් විද්‍යාමාන් වේ. එසේම බයිබලයේ සදහන් කතා පුවක් අනුව විලියම් ජෝන්ස්
ප්‍රකාශ කර සිටිනුයේ ග්‍රික, ලතින්, ගොතික් සහ කෙල්ටික් භාෂාවන් සංස්කෘත භාෂාව සමග
දක්වන සම්බන්ධතාව අනුව හෙලි වන්නේ නෝවා පිළිබද වු කතාන්දරය බවයි. නෝවාගේ පුතුන්
මගින් මෙවැනි භාෂාත්මක සමාන කමක් ලෝකය පුරා ව්‍යාප්ත වන්නට ඇතැයි ඔහු තව දුරටත්
අදහස් දක්වයි. නමුත් මෙම අදහස පිළිගත නොහැකි කල්පිතයක් බව පෙනී යන නමුත් එකම
මූලයකින් භාෂා සමානතාවය ඇති වු බවට යම් අදහසක් ගත හැකි වේ.
ඉන්දියාව දෙස බලන විට පෙනී යන්නේ
ඉන්දු නිම්නයේ පැවති හරප්පා නාගරික ශිෂ්ඨාචාරය කෙතරම් දියුණු අවධියක පැවතියත්
ඉන්දීය ඉතිහාසය කෙරහි වඩාත්ම බලපෑමක් ඇති කරනු ලැබුයේ වයඹ දිග කපොලු මාර්ග ඔස්සේ ඉන්දියාවට
පැමිණි ආර්ය යනුවෙන් හැදින්වෙන සංක්‍රමණික හෝ ආක්‍රමණිකජන පිරිස බවයි. ඉන්දියාව
පමණක් නොව ඉන්දියාවට වඩාත් දකුණින් වු ශ්‍රි ලංකාවද තම ඉතිහාසය හැඩ ගස්සවා
ගැනීමේදි වැඩි බලපෑමක් සහිතව ආභාෂ ලබා තිබෙන්නේ උතුරු ඉන්දියානු සංස්කෘතියෙන් වීම
ද වැදගත් කොට සැළකිය යුතු වේ. ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ද වාග් විද්‍යාත්මක
වර්ගකිරීම් අනුව ඉන්දු යුරෝපීය භාෂා කාණ්ඩයටම වැටෙන් හෙයින් ආර්ය සංකල්පයෙන්
දිවයිනේ ඉතිහාසකරණය සිදුවීමත් නොවැළක්විය හැකි හේතුවක් වේ. ඉන්දියානුවන් පමණක් නොව
මෙම අදහස් සළකා බලන ලද යුරෝපීය ජාතීන් ද තමන්ගේ මුතුන් මිත්තන් ඉන්දු යුරෝපීය මූල
භාෂාව කතා කළ පොදු ජන කණ්ඩායමකින් ප්‍රභවය ලද පිරිසක් සේ සළකා තම නිජ භූමිය
පිළීබදව විවිධ අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගන්නා ලදි. මේ අනුව බලන කල පැහැදිලි
වන්නේ ආර්ය යන සංකල්ප වඩාත් පෝෂණය වීමට පටන් ගනු ලබන්නේ යුරෝපීය භාෂාත්මක ඥාති
සම්බන්ධය හෙළිවීමත් සමගින් ය.
මුලාශ්‍ර
ආනන්ද ජයසේකර - තුලනාත්මක
වාග්විද්‍යාව.
රෝමිලා තාපර් - ජාති බේද වාදය
හා පුරාණ ඉන්දීය ඉතිහාසය ලිවීම.
කේ.එන්.ඕ ධර්මදාස - භාෂාවේ සම්භවය හා සංස්කෘතික
මුහුණුවර.
Gordon Child - The
Aryans, a study of Indo-European origins.
A Drucker - The Evolution Of The Aryans.
Randall J Groves - Professor of Humanities Ferris State University). “The Aryan Hypothesis and Indian Identity: A Case Study in the Postmodern Pathology of National Identity”.
Romila Thapar - “The Aryan Recasting
Construct”.
හරප්පා නගරයේ දර්ශනයක් පුරාවිද්‍යා සංරක්ෂණයන්ගෙන් පසු
පුරාණ ඉන්දියාවට ඇතුළුවීමට තිබු ඛයිබර් දුර්ගය වර්තමාන්යේ ඇෆ්ගනිස්ථානයට අයත් වේ
ane machan me akuru tika kiyawanna puluwan widiyata hadapanko.........great job
ReplyDeleteniyamai
ReplyDeleteGood work
ReplyDelete