Skip to main content

අතපත්තු හමුදාව.



අතපත්තු සේවය මෙරට ආරම්භ වුයේ කවර දාක ද යන්න නිශ්චිතව කිව නොහැකි වේ. ක්වේරෝස්, රෝබෙයිරෝ හා කූටෝ ආදි ප්‍රතිකාල් ඉතිහාසඥයින් කෝට්ටේ යුගය සම්බන්ධයෙන් අතපත්තුව හා අතපත්තු නිලධාරින් ගැන තම කෘතියේ සදහන් කරත් කෝට්ටේ යුගයට පෙර ලියන ලද ග්‍රන්ථයක  අතපත්තුව ගැන හෝ අතපත්තු නිලධාරින් ගැන සදහනක් වී ඇති බවක් නොපෙනේ. සීතාවක සමයට අයත් මායදුන්නේ රජුගේ අතපත්තු හමුදාවක් ගැන හා සීතාවක රාජසිංහ රජුගේ හමුදාවක් ගැනත් ක්වේරෝස්ගේ ලංකාවිජය නැමති ග්‍රන්ථයේ සදහන් වේ. කෝට්ටේ යුගය හරියදි ආරම්භවී යැයි සැළකිය හැකි අතපත්තු සේවය මහනුවර යුගය අවසානය දක්වාම පැවති බව මහනුවර රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය පිළිබදව ලියවුණු ඩොයිලිගේ විස්තරයෙන් පෙනේ. අතපත්තුව පිළිබද සේවා සංවිධානය හැදින්වුණේ අතපත්තු වසම නමින් ය. ඊට අයත් වුවෝ ඒ ඒ දිසාවේ හෝ  රටේ වැදගත් අයයි. සෑම කෝරළයකම අතපත්තු වසමක් වු බව ඩොයිලි සදහන් කරයි. කෝරළේ අතපත්තුවක ප්‍රධානියා හැදින්වුයේ අතපත්තු ලේකම් නමින් ය. අතපත්තු ලේකම් යන්න බෙහෙවින් ම ව්‍යවහාර වුයේ උඩරට පෙදෙස්වල බවත් ඒ නිලධාරියා පහතරට පෙදෙස්වලදි අතපත්තු මුදලි යනුවෙන්ද හැදින්වු බවත් ඇතමුන්ගේ පිළීගැනීමයි.අතපත්තු මුදලි යනු මුදියන්සේ වෙනුවට ඇතැම් පළාත්වල පැවති ව්‍යවහාරයක් බව පෙනේ.
            රජ වාසල මුර කළ කණ්ඩායම සේවයේ යෙදි සිටි  ස්ථානය අතපත්තු මඩුව හෙවත් අතපත්තු මුර පොළ යන නම ව්‍යවහාර විය. අතපත්තු මුර පොළ භාරව සිටියේ නිලමේ කෙනෙකි. ඔහු හැදින්වුණේ අතපත්තු නිලමේ නැතහොත් මුහන්දිරම් යන නමින් ය. ඔහු යටතේ අතපත්තු කංකානම්වරුන් දෙදෙනකු ද, අතපත්තු අපුපුහාමිලා යනුවෙන් හැදින්වුණ සාමාන්‍ය භටයන් කිහිප දෙනෙක් ද වුහ. මහනුවර යුගයේ මුල් හරියේදි පමණ රජවාසල භාරව සිටි අතපත්තු හමුදාවෙහි අප්පුහාමිලා පණහක් හෝ හැටක් සිටි නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කාලයේදි එහි සිටියේ 48 දෙනෙකු පමණක් බව ඩොයිලි පවසයි. රජ මාළිගය මුර කිරීම මොවුන්ට පැවරි තිබු ප්‍රධාන කාරිය වු නමුත් පෑ දැමීම හෙවත් පෑතැටිය දිය කොරොස්වල දමා වේලාව නිශ්චිත කිරීම හා මිණි ගෙඩිය ගැසීමෙන් ජාම වේලාව හැගවීම ද රජවාසලහි වාහල්කඩ පෑතැටි සතර අසල මුර කළ අතපත්තු අප්පුහාමිලාට නියම කර තිබුණි. රජු රටේ සංචාරය සදහා යන විට ඔහුගේ ආරක්ෂාව සදහා මොවුන්ගෙන් කොටසක් රජු සමග ගිය බව පෙනේ. කෝට්ටේ සීතාවක හා මහනුවර රජවරුන් ප්‍රතිකාලුන්ට විරුද්ධව සටන් කරන අවස්ථා කිහිපයක් ගැන ක්වේරෝස්ගේ ලක්විජය යෙහි හා රෙබෙයිරෝගේ ලංකා ඉතිහාසය යෙහිද සදහන් වේ. 1578 දි පමණ ප්‍රතිකාල්වරුන් විසින් මුන්නේස්වරන් කොවිල විනාශ කරනු ලැබු අවස්ථාවේදි එය රැක ගැනීම පිණීස ප්‍රතිකාලුන්ට විරුද්ධව රජු වෙනුවෙන් සටන් කළේ අතපත්තු හමුදාවක් සමග පැමිණි අතපත්තු මදලි කෙනෙක් බව ක්වේරෝස් සදහන් කරයි. මහනුවර රාජ්‍යයේ සෙනරත් රජු 1629 දි පමණ  යාපනයේ ප්‍රතිකාලුන්ට පහර දීම සදහා අතපත්තු මුදලි කෙනෙකු යටතේ සේනාව යැවිමට තැත් කළ ද එය කල් තියා පෘතුගීසින්ට ආරංචි වු නිසා එය කඩාකප්පල් කර දැමු බව රොබෙයිරෝ සදහන් කරයි. එබැවින් අතපත්තු හමුදාව රජුගේ වාසල ආරක්ෂක භට පිරිසක් ලෙසට පමණක් නොව රජුගේ සෙබළ පිරිසක් වශයෙන් සෙවය කළ බව සිතිය හැකි වේ.

Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...