Skip to main content

ගම්පොල රාජධානියේ විසු ප්‍රභු පරපුරවල් - 01 ලිපිය


සේනාලංකාධිකාර පරපුර
            ගඟසිරිපුර හෙවත් ගම්පොල රාජධානි කේන්ද්‍රය පැවති සමයේ රජුන්ට වැඩ ඉදිරියට පැමිණ කැපි පෙනෙනුයේ රාජ්‍ය සභාවේ සිටි දේශපාලන අධිකාරි බලය හිමි ප්‍රභු පරපුරවල්වල ප්‍රධානින්ය. එයින් එක් පරපුරක් ලෙස සේනාලංකාධිකාර පරපුර හැදිනිය හැකි වේ. ගම්පොල රාජධානියේ ආරම්භය සහ එහි බලය පිහිටුවා රාජධානි කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට පුරෝගාමියා වුයේ සේනාලංකාධිකාරයන් ය.


ශ්‍රි ලංකාවේ රාජධානි කේන්ද්‍රය ගම්පොලට ගෙන ඒම.

එහි ඉතිහාස කතාව මෙසේ ය. සේනාලංකාධිකාරවරුන් ගම්පොළ ප්‍රදේශයේ සිදුරුවානාබද පෙදෙස කේන්ද්‍ර කොට ගනිමින් දේශපාලන බලය භුක්තිවිදිමින් සිටි ප්‍රාදේශිය පාලක පරපුරකි. සමකාලින අවධියේ කුරුණැගල රාජධානි කේන්ද්‍රය වශයෙන් පැවැති අතර සේනාලංකාධිකාරවරුන් රජුන්ට සහය දක්වමින් හෝ සම්බන්ධතා පවත්වමින් කදුකර ප්‍රදේශයේ පාලනය කරමින් සිට ඇත. මෙම අවධියේ කුරුණැගල පස්වන විජයබාහු රජු හා සමකාලයේ ශ්‍රි ලංකාවේ උතුරේ යාපනය කේන්ද්‍ර කරගනිමින් ආර්යචක්‍රවර්තින් බලය තහවුරු කරගනිමින් තම බලය කුරුණැගල රාජධානි දේශ සීමාව දක්වා පතුරවමින් සිටි ආකාරයක් ද දැක ගැනීමට හැකි වේ. මේ නිසාවෙන් කුරුණැගල යනු ආරක්ෂිත ප්‍රදේශියක් නොවු අතර කුරුණැගල රාජධානි පාලකයා වු සවුළු පෙලපතේ පස්වන විජයබාහු රජු කෑගල්ල ප්‍රදේශයට ආරක්ෂාව පතා ගොස් ඇත.
            මෙම අවස්ථාවේදි පස්වන විජයබාහු රජුගේ පුත් හතරවන භුවෙනකබාහු ගම්පොල ප්‍රදේශයට කැදවා ගන රාජධානි කේන්ද්‍රයක් බිහි කිරීම සදහා පුරෝගාමි දායකත්වක් දක්වන ලද්දේ ගම්පොල සිදුරුවාන පෙදෙසේ සිටි සේනාලංකාධිකාරයන් ය. මෙම ක්‍රියාවලිය තුල අපට දැක ගැනීමට හැකි තවත් සංසිද්ධියක් වනුයේ සේනාලංකාධිකාර පරපුර සහ සවුළු පරපුරේ හතරවන භුවෙනබාහු රජු අතර ඇති වු විවාහ සම්බන්ධතාවයයි. මෙම විවහා සබදතාව සිදු වුයේ සේනාලංකාධිකාරතුමන්ගේ සොහොයුරියක් හතරවන භුවෙනබාහු රජු විවාහ කර ගැනිමත් රජුගේ සොහොයුරිය සේනාලංකාධිකාරතුමන් විවාහ කර ගැනීමත් ය. මහවැලි මිටියාවතේ ආරක්ෂිත ස්ථානයක් වු සේනාලංකාධිකාරවරුන්ගේ පාරම්පරික බල ප්‍රදේශයේ රාජධානි කේන්ද්‍රය පිහිටුවීම සදහා  මෙම විවහා සම්බන්ධතාවයම දැඩිවම බලපාන්නට ඇත.
            එසේම ගම්පොල රාජධානියේ අගමැති, සේනාධිපති ලෙසින් කටයුතු කරනු ලැබුවේ ද සේනාලංකාධිකාරයන් ය. සිදුරුවානාබද ප්‍රදේශයේ ප්‍රාදේශිය ආධිපත්‍යය ද, රජු සමග වු සමීප ඥාති සම්බන්ධතාවය ද  නිසාවේන් දේශපාලනික වශයෙන් මෙම පරපුරට ගම්පොල රාජධානි සමය තුලදි හිමි වු බලය අතිමහත් වේ.

සේනාලංකාධිකාර පරපුරේ ප්‍රභවය / වංශාවලිය

නිකාය සංග්‍රහය, රාජරත්නාකරය, වැනි සාහිත්‍ය මූලාශ්‍ර තුලින් මේ පිළිබදව සාධක ලැබේ. නිකාය සංග්‍රහයේ සේනාලංකාධිකාරයන් හදුන්වන්නේ මෙහෙණවර වංශාභිජාත සේනාලංකාධිකාර සෙනවිරත් නම් වු මන්ත්‍රීශ්වරයාණ යන්වෙනි. මෙහෙණවර වංශය යනු ශ්‍රි මහා බෝධිය මෙරටට වැඩම කළ බෝධි ගුප්ත කුමාරයා සහ සුනන්දා දේවිගේ පරම්පරවයි. ශාක්‍ය වංශයේ පිරිස් වු බෝධි ගුප්ත කුමාරයා සහ සුනන්දා දේවිගේත් විවාහය සහ මෙහෙණවර වංශයේ ආරම්භවය පිළිබදව රාජරත්නාකරයේ සදහන් වේ. ශාක්‍ය වංශයට සම්බන්ධතාවයක් දක්වමින් ආරම්භ වු මෙහෙණවර වංශයට අයත් වු පිරිස්  මහ බෝධිය මෙරටට වැඩම කළ දින සිට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපි පෙනෙන කාර්යයක් ඉටු කර තිබේ. මාලගම්මන චන්දජෝති හිමියන් සිය මහබෝ විත්ති ග්‍රන්ථයේ සදහන් කරනුයේ ශ්‍රි මහාබෝධිය මෙරටට වැඩම කරවු බෝධි වාංශිකයින් මෙහෙණවර සහ ගණවැසි යනුවෙන් වංශ දෙකක් වු අතර පසුව මෙම බෝධි වංශිකයින් ලැමැණි හෙවත් ලම්බකර්ණ පරපුර ලෙසින් රාජවංශයක් ද බිහි කළ බවයි. ලම්බකර්ණ වංශයේ ආරම්බකයා වසභ මහ රජු වේ. මෙම කරුණු සැළකිල්ලට ගත් විට මෙහෙණවරවංශික සේනාලංකාධිකාරයන් කදුකරයේ ප්‍රාදේශියව දේශපාලන බලයක් හිමි කර ගෙන සිටි මෙහෙණවර වංශයේ ශාඛාවක් ලෙසින් ද හැදින්විය හැකි වේ.
            එසේම සවුළු රාජ වංශයේ හතරවන බුවනෙකබාහු සමගින් විවහා සම්බන්ධතාවයක් සේනාලංකාධිකාරයන් ඇති කර ගැනිමටත් ඔහුගේ වංශයේ පෙලපතේ උසස් බව බලපාන්නට ඇත. එසේම රජුට මෙහෙණවර වංශයේ කුමාරිකාවක් විවහා කර ගනුයේ ද උභයකුල පාරිශුද්ධත්වය සළකා බලා විය හැකි වේ. ඒ අනුව සේනාලංකාධිකාරයන් උසස් වංශාධිපතියකු ලෙසින් පෙලපතින් බලය හිමි වු ප්‍රාදේශිය ආධිපතියකු ලෙසින් කුරුණැගල අවධියේදි කටයුතු කරන්නට ඇත.
           
ආගමික සේවාව

සේනාලංකාධිකාරයන් සහ ඔවුන්ගේ පරපුරේ පිරිස විසින් සිදු කරන ලද ආගමික සේවාව පිළිබදව තොරතුරු රාශියක් ගම්පොල යුගයට අයත් ශිලා ලේඛන ගණනාවක සදහන් වේ. මෙම යුගයේ බෞද්ධාගමේ උන්නතිය උදෙසා සහ ප්‍රබෝධයක් ඇති කිරීම සදහා සේනාලංකාධිකාරයන්ගේ ආගමික සේවාව ඉවහල්ව තිබේ. ගඩලාදෙණි ශිලා ලේඛනයේ සදහන් තොරතුරවලට අනුව ඉන්දියාවේ ධාන්‍යකටකයේ බෞද්ධ සිද්ධස්ථානයක් කරවු ධර්මකීර්ති හිමියන් සමග එහි විහාරයක් කරවා තිබේ. එසේම ලංකාතිලක විහාරය ඉදි කිරීමේ ප්‍රධාන අනුග්‍රහකයා සේනාලංකාධිකාරයන් විය. ලංකාතිලක ශිලා ලේඛනයට අනුව මෙම සිව්මහල් විහාරයට නම් තැබීමේදි තමාගේ නාමයේ ලංකා යන කොටස භාවිතා කර තිබේ. මෙම විහාර කර්මාන්තය සදහා මසුරන් තුන් කෝටි හැට ලක්ෂයක්  වැය කළ බවත්, විහාරයේ නඩත්තුව සදහා ගොඩමඩ ඉඩම් ද එවායේ සේවයට සේවක පිරිස් ද තම පරපුර භුක්ති විදි ඇතැම් ඉඩ කඩම් හි ආදායම ද සඝ සතු කොට පූජා කළ බව ලංකාතිලක ශිලා ලේඛනයේ සදහන් වේ.
            සේනාලංකාධිකාරයන්ගේ ආගමික සේවාව පිළිබද පැහැදුනු හතරවන භුවනෙකබාහු රජු ලංකාතිලක විහාරයට සහ සේනාලංකාධිකාරයන්ගේ ඥාති පරපුරට ද ඉඩම් ප්‍රදානයක් සිදු කළ බව අලවල ශිලා ලේඛනයේ සදහන් වේ.
            එසේම එකල සංඝ ශාසනයේ පැවති යම් යම් අඩුපාඩු දැක ඒවා නිවරදි කිරීමට අමරගිරිවාසි වනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සංඝ සංශෝධනයක් සිදු කිරීමට මූලික වූයේ ද සේනාලංකාධිකාරයන් බව නිකාය සංග්‍රහයේ සදහන්ව ඇත
            එසේම  තිසර සංදේශයේ  සදහන් ඇතැම් කවි තුලින් හෙලි වන්නේ සේනාලංකාධිකාරයන් විසින් මාතර අග්‍රබෝධි විහාරය යළි පිළිසකර කළ බව යි.
            මෙම අවධියේ ආගමික සේවව සදහා ඉමහත් සේවාවක් කිරීමට මූලිකත්වය ගනු ලැබූවේ ද ප්‍රභල දේශපාලන භූමිකාවක් රග දක්වනු ලැබු සේනාලංකාධිකාරයන් බව සමකාලීන සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් තහවුරු වන්නේ ය.


                                                          ලංකාතිලක පර්වත ලිපිය


                                                                    ලංකාතිලක විහාරය

                                                               ලංකාතිලක විහාරය

                                                    ලංකාතිලක ශිලා ලේඛනය

ආශ්‍රිත මූලාශ්‍ර


v මහාවංසය
v නිකාය සංග්‍රහ
v රාජරත්නාකරය
v තිසර සංදේශය
v මයුර සංදේශය
v  Eplgraphia Zeylanica Vol-IV
v  Eplgraphia Zeylanica Vol-V
v ගම්පොළ ඉතිහාසය - වරසම්බොධි ගුණාලංකාර හිමි
v මහබොවිත්ති - මාලගම්මන චන්දජෝති හිමි
v ගම්පොල යුගයේ දේශපාන ඉතිහාසය සහ ක්‍රියාකාරිත්වය - එච්. එම්. එස්. තුන්දෙණිය
v ගම්පොල යුගය - කහටපිටියේ ධීරානන්ද හිමි


                                                                                                          ධනුෂ්ක කොඩිතුවක්කු BA,MA





Comments

Popular posts from this blog

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උදාහරණයක් ලෙස ස