Skip to main content

උඩරට මනාල මනාලි ඇදුම



උඩරට මනාල ඇදුම
            උඩරට සිරිතට අනුව මනාලයාගේ ඇදුම වුයේ මුළු ඇදුම නමින් හැදින්වෙන් උඩරට පාරම්පරික ඇදුම හා ආභරණයි. මෙම මුළු ඇදුමට ඇතැම් පළාත්වල තුප්පොට්ටිය කියා ද කියති.
            මනාලියගේ ඇදුම වුයේ  ඔසරියයි. ගෙඩි අත් සැට්ටය, කොංඩ මල්, නළල් හැඩය, ගෙල පටිය, බොටු පෙත්ත සහිත මාල හත ආදී ආභරණවලින් ඇය සැරසේ.
            උඩරට මනාලියගේ ඇදුමේ මාල හතට විශේෂත්වයක් ලැබේ. තැල්ල, ඉර සහ සද මාල සත සමග පළදින ආභරණ වේ. සත්පත්තනි ඇදහිල්ල මුල් කරගෙන මෙම ආභරණ පලදින අතර එයට හේතුව වුයේ නුවර ප්‍රදේශය පුරා පත්තිනි මැණියන්ගේ ඇදහීම මූලික වී තිබේ.
            පත්තිනි මැණියන් නුවර ප්‍රදේශය පුරා බැතිමත්ව ඇදහීමට හේතුව ඇය දේවත්වයෙහිලා සලකන එකම දෙවගනවීමයි. පත්තිනි මැණීයන් ඉතාම කුලවත්,ගුන දහමින් පිරුණු දෙවගන ලෙස සළකන අතර, සංකේතවත් කිරීමට පතිවත රැක ගන්නා කුල කාන්තාවන් ඉදිරිපත් කෙරේ. එලෙස ඉදිරිපත් කරන කුල කාන්තාව මනාලියයි.
            එහෙයින් පත්තිනි මැණියන්ගේ ආභරණ සිහි ගැන්වීමට මනාලියට ද ඇයගේ ආභරණ පැළදවිය යුතු බව විශ්වාස කර එම ආභරණ මනාලියට පළදවයි. මාල හතෙන් එක් මාලයක් පොළවට ගෑවෙන තරමට දිගය. එයට හේතුව හිසේ සිට පාදන්තය දක්වා ඇති දෝෂ සියල්ල දිගැති මාලය තුළින් මිහිකතට ගොස් දෝෂයන් හංගවන බවට විශ්වාස කිරීමයි.
            උඩරට මනාලියට නළල් තැල්ල බදින්නේ ද පත්තිනි දෙවගනගේ ආභරණ සිහි ගැන්වීමට ය. ඉර සහ හද ද ඇයගේ ආභරණ අතර වේ. ඉර රළු හෙයින් හිසහි දකුණු පසට පළදවන අතර සද සෞම්‍ය බවින් යුත් නිසා හිසෙහි වම් පසට පළදවයි.


මුලාශ්‍රය

පී.ඇම් සේනාරත්න - ශ්‍රි ලංකාවේ සංස්කෘතික දායාද

                                                                      උඩරට පෝරුව
                                         උඩරට මනාල යුවලක් මුළු ඇදුමෙන් සහ ඔසරියෙන් සැරසුනු
                                                      උඩරට මනාලියගේ ආභරණ මාල හත

Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...