උඩරට මනාල ඇදුම
උඩරට සිරිතට අනුව
මනාලයාගේ ඇදුම වුයේ මුළු ඇදුම නමින් හැදින්වෙන් උඩරට පාරම්පරික ඇදුම හා ආභරණයි.
මෙම මුළු ඇදුමට ඇතැම් පළාත්වල තුප්පොට්ටිය කියා ද කියති.
මනාලියගේ ඇදුම වුයේ ඔසරියයි. ගෙඩි අත් සැට්ටය, කොංඩ මල්, නළල්
හැඩය, ගෙල පටිය, බොටු පෙත්ත සහිත මාල හත ආදී ආභරණවලින් ඇය සැරසේ.
උඩරට මනාලියගේ ඇදුමේ මාල
හතට විශේෂත්වයක් ලැබේ. තැල්ල, ඉර සහ සද මාල සත සමග පළදින ආභරණ වේ. සත්පත්තනි
ඇදහිල්ල මුල් කරගෙන මෙම ආභරණ පලදින අතර එයට හේතුව වුයේ නුවර ප්‍රදේශය පුරා පත්තිනි
මැණියන්ගේ ඇදහීම මූලික වී තිබේ.
පත්තිනි මැණියන් නුවර ප්‍රදේශය
පුරා බැතිමත්ව ඇදහීමට හේතුව ඇය දේවත්වයෙහිලා සලකන එකම දෙවගනවීමයි. පත්තිනි මැණීයන්
ඉතාම කුලවත්,ගුන දහමින් පිරුණු දෙවගන ලෙස සළකන අතර, සංකේතවත් කිරීමට පතිවත රැක
ගන්නා කුල කාන්තාවන් ඉදිරිපත් කෙරේ. එලෙස ඉදිරිපත් කරන කුල කාන්තාව මනාලියයි.
එහෙයින් පත්තිනි
මැණියන්ගේ ආභරණ සිහි ගැන්වීමට මනාලියට ද ඇයගේ ආභරණ පැළදවිය යුතු බව විශ්වාස කර එම
ආභරණ මනාලියට පළදවයි. මාල හතෙන් එක් මාලයක් පොළවට ගෑවෙන තරමට දිගය. එයට හේතුව හිසේ
සිට පාදන්තය දක්වා ඇති දෝෂ සියල්ල දිගැති මාලය තුළින් මිහිකතට ගොස් දෝෂයන් හංගවන බවට
විශ්වාස කිරීමයි.
උඩරට මනාලියට නළල් තැල්ල
බදින්නේ ද පත්තිනි දෙවගනගේ ආභරණ සිහි ගැන්වීමට ය. ඉර සහ හද ද ඇයගේ ආභරණ අතර වේ. ඉර
රළු හෙයින් හිසහි දකුණු පසට පළදවන අතර සද සෞම්‍ය බවින් යුත් නිසා හිසෙහි වම් පසට
පළදවයි.
මුලාශ්‍රය
පී.ඇම් සේනාරත්න - ශ්‍රි ලංකාවේ
සංස්කෘතික දායාද
උඩරට මනාල යුවලක් මුළු ඇදුමෙන් සහ ඔසරියෙන් සැරසුනු
උඩරට මනාලියගේ ආභරණ මාල හත
Comments
Post a Comment