Skip to main content

Posts

ආර්යයන් යනු කවරහු ද ?

ආර්යයන් යනු කවරහු ද ?              ලෝකයේ පැවති ඉපැරණි මානව ශිෂ්ටාචාරයන් අතුරින් ඉන්දීය අර්ධ මහද්විපයේ පැවති ඉන්දු නිම්න ආශ්‍රිතව පැවති හරප්පා සභ්‍යත්වයට හිමි වන්නේ අද්වීතීය ස්ථානයකි. දියුණු නාගරික ශිෂ්ටාචාරයක් වශයෙන් සියවස් ගණනක් ඉන්දු නදි නිම්නය අභිබවා ඉන්දීය උප මහද්වීපයේ අභ්‍යන්තරයේ ව්‍යාප්ත වු මෙම ශිෂ්ටාචාරයේ බිද වැටීමට තුඩු දුන් හේතු පිළිබදව දක්වන උගතුන්ගේ මතය වන්නේ ආර්ය සංක්‍රමණ හෝ ආක්‍රමණ සෘජුව හෝ වක්‍රව මෙ සදහා බලපාන්නට ඇති බවයි. මෙම ලිපියේ අරමුණ වන්නේ එම ශිෂ්ටාචාරය බිදවැටීමේ හේතු විමසීමට නොව එහිදි කියවෙන ආර්යයන් යනුවෙන් හැදින්වෙන්නේ කවර ආකාරයක පිරිසක්ද යන්න දැක්වීමයි. ක්‍රි:පු 1500 දි පමණ සිදුවුවා යැයි සැළකෙන මෙම ජන සංක්‍රමණ හෝ ආක්‍රමණ ඉන්දියාවට උතුරින් වු කපොලු මාර්ග තරණය කරමින් සිදු වු අතර මෙම ජන පිරිස ආර්යන් යනුවෙන් පෙන්වා දීමට උගතුන් විසින් උත්සහා දරන්නේ ය. මෙසේ ආර්ය ලෙසට හැදින්වෙන පිරිස කවර අන්දමේ පිරිසක් ද යනුවෙන් උගතුන් අතර එකගතාවයක් නොමැති අතර ඔවුන් ඒ සදහා විවිධ මතයන් ප්‍රකාශ කරනු ලබන්නේ ය.

උඩරට මනාල මනාලි ඇදුම

උඩරට මනාල ඇදුම             උඩරට සිරිතට අනුව මනාලයාගේ ඇදුම වුයේ මුළු ඇදුම නමින් හැදින්වෙන් උඩරට පාරම්පරික ඇදුම හා ආභරණයි. මෙම මුළු ඇදුමට ඇතැම් පළාත්වල තුප්පොට්ටිය කියා ද කියති.             මනාලියගේ ඇදුම වුයේ   ඔසරියයි. ගෙඩි අත් සැට්ටය, කොංඩ මල්, නළල් හැඩය, ගෙල පටිය, බොටු පෙත්ත සහිත මාල හත ආදී ආභරණවලින් ඇය සැරසේ.

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

පහල හපුවිද ලාක්ෂා කර්මාන්තය.

මා තලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශිය කොට්ඨාෂයේ පිහිටි ග්‍රාමයකි පහළ හපුවිද. ගොවිතැන ජීවිකාව කොට ගත් මෙම ග්‍රාමයේ පවුල් 273 ක් ජීවත් වෙති. මෙම පිරිස ලාක්ෂා කර්මාන්තයට විශේෂ දස්කමක් දක්වන ලද පිරිසක් වේ. පෙර රජ දවස මහනුවර රජමාළිගයේ කැටයම් කිරීමේ කටයුතු පහල හපුවිද ග්‍රාමයේ ශිල්පීන් විසින් සිදු කළ බවට තොරතුරු ලැබේ.   විශේෂයෙන්ම ශ්‍රි දළදා මාළිගයේ කැටයම් නිර්මාණය කරන ලද්දේ ද පහල හපුවිද ලාක්ෂා ශිලපීන් විසින්ය. ලාක්ෂා කර්මානතයට අමතරව ලාක්ෂා කර්මාන්තයට අවශ්‍යවන වෙනත් හස්ත කර්මාන්තයන්ද මෙම ග්‍රාමයේ පවති.

උඩරට රජුගේ මුළු තැන්ගෙය සහ ආහාර ගැනීමේ චාරිත්‍ර.

උ ඩරට රජුගේ රාජ මාළිගයේ රජුට රාජ භෝජන සැකසීම සදහා මුළුතැන් ගෙයක් ද එහි පාලනය සහ කෑම සැකසීම සදහා   කාර්ය මණ්ඩලයක් ද විය. එම කාර්ය මණ්ඩලය මෙසේ ය.

උස අනුව ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව

දිය ඇල්ල                                                          උස මීටර වලින්                         උස අඩි වලින් 1 බඹරකන්ද ඇල්ල                                               263                                         863 2 දියලුම ඇල්ල                   ...

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ. අ සම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක්‌ මහනුවර යුගයෙන් ද අසන්නට ලැබේ. එනම් , දස්‌කොන්-ප්‍රමිලා දෙදෙනාගේ ප්‍රේම කතාන්දරය යි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු වූ දස්‌කොන් අදිකාරම රජ බිසවක වූ ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳකමක්‌ ඇති කර ගත්තේය. එය හෙළිදරව් වීම නිසා කෝපයට පත් රජු දස්‌කොන්ගේ හිස ගසා මරා දමන්නට නියම කළේය. දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය ජනප්‍රවාදයේ එන ආකාරයට නම් මෙසේ ය