Skip to main content

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ



දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ.
සම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක්‌ මහනුවර යුගයෙන් ද අසන්නට ලැබේ. එනම්, දස්‌කොන්-ප්‍රමිලා දෙදෙනාගේ ප්‍රේම කතාන්දරය යි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු වූ දස්‌කොන් අදිකාරම රජ බිසවක වූ ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳකමක්‌ ඇති කර ගත්තේය. එය හෙළිදරව් වීම නිසා කෝපයට පත් රජු දස්‌කොන්ගේ හිස ගසා මරා දමන්නට නියම කළේය. දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය ජනප්‍රවාදයේ එන ආකාරයට නම් මෙසේ ය
දස්‌කොන් අදිකාරම සහ ප්‍රමිලා දේවිය අතර පැවැති අසම්මත ප්‍රේමය නරේන්ද්‍රසිංහ රජුට දැනගන්නට ලැබුණේ විශේෂ සිද්ධියකිනි. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වූ බලි තොවිල් යාගයකට ඇයගේ රූපය අඹන්නට වුවමනා විය. බලි ඇදුරෝ දේවියගේ සිරුරේ රහස්‌ තැනක තිබූ ලපයක්‌ එම රූපයේ නිවැරැදිව සළකුණු කළහ. එම ලපය තබන්නට කීවේ කවුරුන්දැයි විපරම් කළ රජුට දැනගන්නට ලැබුණේ දස්‌කොන් අදිකාරම්ගේ නියමයෙන් එය සිදු කෙරුණ බව යි. ඔහු දඬුවමට ලක්‌වන්නේ එයින් පසුව යි



දස්කොන් අදිකාරම කලාකාමි සිතක් තිබු පුද්ගලයෙකු බව සදහන් වේ. එක් අවස්ථාවක දි අදිකාරම විසින් ප්‍රමිලා බිසව වෙනුවෙන් පහත සදහන් කවිය ගායනා කර තිබේ.


රන්මාලය පැළඳගෙන ගත                     සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත                    නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා

එම කවියට පිළිතුර ලෙසින් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය ගායනා කර තිබේ.

යන්නෝ මෙමග රෑ දහවල තොර                  වෙත්ද
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා           බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා                      දෙත්ද
දන්නෝ උපා මිණී බැඳි දොර                       නාරිත්ද

සිරගතව සිටින අවස්ථාවේ දි දස්කොන් අදිකාරම වෙනුවෙන් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය කියා තිබේ.


සක්‌මන් කරන මළුවේදී                                      බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව                         මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ                     යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ                  දෙනවාද


එම කවියට පිළිතුර ලෙසින් දස්කොන් අදිකාරම පහත සදහන් කවිය ගායනා කර තිබේ.

විසැස්‌ කමලාව රස පහස                 නොවිඳ මා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු                  පමණ මා
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස          ලත් මෙමා
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ                 නමට කිමා





දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ.......//

සියොලග හිමි ලග හදවත මා ලග කෙලෙස ද හද බැදලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ




ගායනය පණ්ඩිත් අමරදේවයන් සමගින් විශාරද නීලා වික්‍රමසිංහ.



Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...