Skip to main content

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ



දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ.
සම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක්‌ මහනුවර යුගයෙන් ද අසන්නට ලැබේ. එනම්, දස්‌කොන්-ප්‍රමිලා දෙදෙනාගේ ප්‍රේම කතාන්දරය යි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු වූ දස්‌කොන් අදිකාරම රජ බිසවක වූ ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳකමක්‌ ඇති කර ගත්තේය. එය හෙළිදරව් වීම නිසා කෝපයට පත් රජු දස්‌කොන්ගේ හිස ගසා මරා දමන්නට නියම කළේය. දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය ජනප්‍රවාදයේ එන ආකාරයට නම් මෙසේ ය
දස්‌කොන් අදිකාරම සහ ප්‍රමිලා දේවිය අතර පැවැති අසම්මත ප්‍රේමය නරේන්ද්‍රසිංහ රජුට දැනගන්නට ලැබුණේ විශේෂ සිද්ධියකිනි. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වූ බලි තොවිල් යාගයකට ඇයගේ රූපය අඹන්නට වුවමනා විය. බලි ඇදුරෝ දේවියගේ සිරුරේ රහස්‌ තැනක තිබූ ලපයක්‌ එම රූපයේ නිවැරැදිව සළකුණු කළහ. එම ලපය තබන්නට කීවේ කවුරුන්දැයි විපරම් කළ රජුට දැනගන්නට ලැබුණේ දස්‌කොන් අදිකාරම්ගේ නියමයෙන් එය සිදු කෙරුණ බව යි. ඔහු දඬුවමට ලක්‌වන්නේ එයින් පසුව යි



දස්කොන් අදිකාරම කලාකාමි සිතක් තිබු පුද්ගලයෙකු බව සදහන් වේ. එක් අවස්ථාවක දි අදිකාරම විසින් ප්‍රමිලා බිසව වෙනුවෙන් පහත සදහන් කවිය ගායනා කර තිබේ.


රන්මාලය පැළඳගෙන ගත                     සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත                    නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා

එම කවියට පිළිතුර ලෙසින් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය ගායනා කර තිබේ.

යන්නෝ මෙමග රෑ දහවල තොර                  වෙත්ද
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා           බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා                      දෙත්ද
දන්නෝ උපා මිණී බැඳි දොර                       නාරිත්ද

සිරගතව සිටින අවස්ථාවේ දි දස්කොන් අදිකාරම වෙනුවෙන් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය කියා තිබේ.


සක්‌මන් කරන මළුවේදී                                      බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව                         මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ                     යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ                  දෙනවාද


එම කවියට පිළිතුර ලෙසින් දස්කොන් අදිකාරම පහත සදහන් කවිය ගායනා කර තිබේ.

විසැස්‌ කමලාව රස පහස                 නොවිඳ මා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු                  පමණ මා
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස          ලත් මෙමා
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ                 නමට කිමා





දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ.......//

සියොලග හිමි ලග හදවත මා ලග කෙලෙස ද හද බැදලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ




ගායනය පණ්ඩිත් අමරදේවයන් සමගින් විශාරද නීලා වික්‍රමසිංහ.



Comments

Popular posts from this blog

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...