Skip to main content

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා.



            සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වසර උදා වෙයි. කෘෂිකාර්මික රටක්වන ශ්‍රි ලංකාවේ අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුහන් කරන්නේ ද මෙම කාලයේදිය. සිංහලයාගේ මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද උදාවනුයේද මේ සමගින් ය. ඒ දවස ගැමියා අලුත් අවුරුද්ද උදාවන බව එදවස නම් දැනගත්තේ සොබා දහමේ පණිවිඩය කියවා බලා ය.
            අලුත් අවුරුදු සමය එළෙඹෙන බව පළමුවෙන් අපට දැනුම් දෙනුයේ සොබා දහමයි. වසන්ත කාලය උදාවීමත් සමග ගහකොළ අතුරිකිලි ලියලමින් පරිසරයට කිසියම් නැවුම් බවක් එක් කරනු ලබයි.  ගස්වල කොළ දළු මල්බර වී, ඵල බරවී තිබෙනු දැකිය හැකි වේ. ගිරා, මලිති, බටිති, පක්ෂි සමූහයා නිතර දෙවෙලෙ ගහ කොළ වන පෙතේ සැරිසරයි. කඩින් කඩ ඇසෙන කොවුල් නාදය අවුරුදු කුමරාට කෙරෙන ආරාධනයක් වැනිය. රතු පැහැ මලින් බබලන එරබදු ගස් පරිසරයට එක් කරනුයේ චමත්කාරයකි. සොබාදහමේ නැවුම් පිබිදීම සමගින් සිංහල අලුත් අවුරුදු සමය උදාවු බව ගැමියා දැන ගන්නේ එලසින් ය.
            සොබා දහමේ අපුර්ත්වය කැටි කොට අවුරුදු සිරියේ චමත්කාරය ගැන කියවෙන පහත ගීතය මේ අසන අපට පරිසරයේ මෙම වෙනස්වීම සවිඥානිකව මනසේ මැවේ.
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස 
ඉද්ද පනා මල් කැන් පිපිලා..//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද..//
නැද්ද කනෙයියනි රොන් හැදිලා..
බැද්දට මල් වරුසාවක් වැහැලද 
නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..//

පාර වටේ ඇති සේරම ගස් 
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා..
ගෙඩි හට ගැනිලා..
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මී පැණි පිරිලා..
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද..//

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්..
සීනු හඬින් රස ගී ගයලා..රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා..
බැද්දට ගී වරුසාවක් වැහැලද.. 
ගී පොද මේ හොට අස්සට පෙරිලද..//

ගායනය : අමිතා වැදිසිංහ සමඟින් පියසිරි විජේරත්න
පද රචනය : හෙන්රි තෙන්නකෝන් 
සංගීතය : පියසිරි විජේරත්න

සොබා දහමත් හෙල ගැමියත් අතර ඇත්තේ ඓන්ද්‍රීය සම්බන්ධතාවයකි. අවුරුදු සමය උදාවන විට සිය අස්වනු නෙලා විවේකයෙන් ගත කරන ගැමියාට තමන්ගේ මහා සංස්කෘතික මංගල්‍යයට සිත් පුරා සූදානම් වීමට හැකි වේ. මෙම කාලයේ පාසල් නිවාඩු සමයයි. රැකියා සදහා ගමේන් පිටව ගොස් සිටි තරුණයන්ද නිවෙස් කර ඇවිදින් සිටි. ගමේ කොලු කුරුට්ටන් වෙල් ඉපැනැලිවල දුව පැන ඇවිදමින් කෙළි දොලෙන් කල් ගෙවයි. ගැටිස්සියන් ඔංචිලි වාරම් ගයමින් ඔංචිලි පදියි. මාල වළලු පැලදි කතුන් තාලයට රබන් සුරල් වයති. මෙසේ අවුරුදු සිරියෙන් පරි ගිය සමාජය අද වෙනස් වී ඇත.
            කලාතුරකිනුදු අද ද ඈත පිටිසර යැයි කියන ගමක මෙම අවුරුදු සිරිය දැක ගත හැකි වේ. නමුත් අප්‍රේල් මාසය ආරම්භ වනවාත් සමග තරගකාරි මාධ්‍ය සංදර්ශනවල මාතෘකාව වන්නේ අලුත් අවුරුද්දයි. කෘත්‍රිමව මවාලනු ලබන අවුරුදු සිරිය රූපවාහිනි මාධ්‍ය ආයතනවල ප්‍රධාන වැඩ සටහන බවට පත් වේ. මේ අතර තරගකාරි ජීවන රටාවක නිරත වන මිනිසුන්ට අද අවුරුද්ද පැමිණෙන බවට පණිවිඩය දෙනු ලබන්නේ සොබා දහම නොව අවුරුද්ද විකුණන වෙළදුන් ය. නගරයේ වීදි පුරා ඉදිවෙන ඇදුම් කඩ සාප්පු, රතිඤ්ඤා, නිලා, බඹර චක්‍ර, කඩවල්, අද අවුරුද්ද ලග ලග බව අපට දන්වනු ලබයි.
            අවුරුදු නැකත් එදා නම් අපට කීවේ ගමේ ලොකු හාමුදුරුවොය. නැතිනම් ගමේ වෙද මහත්තයා, හෝ ලොකු ඉස්කොලේ මහත්තයා ය. නමුත් අද රූපවාහිනි මාධ්‍යය නිතර දෙවෙලේ අවුරුදු නැකැත් අපට කිය යි. හොදම විහිළුව වන්නේ කුලියට ගත් නළුවන් අවුරුදු දිනයේ දි මාපියන්, දරුවන් මෙන් නාට්‍යයක් රග දක්වනු ලබයි. නැකතට කා බී අනුග්‍රහය දක්වන බැංකුව සමග ගනුදෙනු කර පෙන්වයි. මේ අතර වැඩසටහන මෙහෙයවන නිවේදක මහතා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පියවරෙන් පියවර විස්තරාත්මක විග්‍රහයක ( අටුවා ටිප්පනි සමග ) නිරත වේ.
            අවසානයේ අද අපට දැකිය හැකි සුලබ දර්ශනය වන්නේ අවුරුදු නිවාඩුවට සිදාදියෙන් ගමට පැමිණි පිරිස් නැවත සිදාදියට යාමට දිගු බස් පෝලිම්වල සිටගෙන සිටින සුලබ දසුනයි.
            එදා සහ අද සමාජය වෙනස් වුවත් මහාචාර්ය ජේ. බි. දිසානයක මහතා පවසන්නේ අපේ රටේ ප්‍රධාන ජාතික සංස්කෘතික උළෙල සිංහල අලුත් අවුරුද්දයි. බිදිගිය සමාජ සබදතා යළි නගා සිටුවමින් සමාජය තුළ සමගිය ගොඩ නැගීමට ඉන් ලැබෙන්නේ මහත් දායකත්වයකි. එදා සහ අද අපේ ගමත් සමාජයත් කෙබදු වෙනස් වීමට ලක් වුවද සිංහල අලුත් අවුරුද්දේ මේ අරමුණු නොනැසි පවතින බවයි.

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා//

නීල කොබේයි පැටියන්ට ඇදුම්
මුතු මාල පොටක් ගිරවුනට අරන්//
රත්තරන් පාට කමතට ඉහලින්
කන්ද උඩින් එන ගෝමරියෙ දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි......

පන්සල් කන්දට සිරස නමන් 
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්
පන්සල් කන්දට සිරස නමන් 
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්

තෙල් දැමුව දොලොස් මහ පහන් වැටෙන්//
ගම රට එනවද පන්දරින් රන් එලිය අරන් රන් එලිය අරන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි....

ගායනය - කුමාරි සදලතා සමගින් ජැක්සන් ඇන්තනි





Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...