Skip to main content

උඩරට රජුගේ කොඩිතුවක්කු හමුදාව


කොඩිතුවක්කු හමුදාව
        පරංගි සහ ලන්දේසි යුගයන්හිදි රෝද පිට සවි කළ කුඩා කාලතුවක්කු කොඩිතුවක්කු ලෙස හැදින්විය. අන් හැම තුවක්කු විශේෂයකට වඩා මේවා ප්‍රයෝජනවත් විය. මහත් රෞද්‍ර හඩක් පිට කරමින් වෙඩි තැබීමට උපකාර වු හෙයින් විශේෂණයක් වශයෙන් රෞද්‍ර යන අර්ථය ඇති කොඩි යන දෙමළ වචනය මුලට යොදා එම තුවක්කු විශේෂය හැදින් වූහ.  ගන්ජල නමින් හැදින්වුණ තුන්පා ධාරකයක් හෙවත් මුක්කාලියක් මත තබා වෙඩි තබන ලදි. යුද්ධයේදි බොහෝ කොට උපයෝගි වුයේ කොඩිතුවක්කු වු හෙයින් රජුගේ තුවක්කු හමුදාව කොඩිතුවක්කු හමුදාව ලෙසින් ප්‍රසිද්ධියට පත් විය.
කොඩිතුවක්කු හමුදාව නුවර යුගයේදි යුධ කටයුතුවලදි ප්‍රධාන තැනක් ගත් හෙයින් එය යුධ හමුදාවට අයත් වැදගත් කාර්යංශයක් විය. කොඩිතුවක්කුකාරයෝ නිතර යුධ සේවාවට සුදානමින් සිටිය හ.
        මහනුවර අවධියේදි කොඩිතුවක්කු හමුදාවට යුධ කිරීමේ කාර්යයට අමතරව වෙනත් කාර්යයන්ද අයත් වු බව පැරණි ලියකියවිලි වලින් පෙනේ.      හමුදා කටයුතු මෙන්ම ආරක්ෂක බල ඇණි කටයුතු ද ඔවුන් වෙත පැවරි තිබුණි. ඔවුහු මුර අනුව දිසාවගේ සහ අදිකාරමගේ වලව් හා රජතුමාගේ මාළිගයේද කොඩිතුවක්කු මඩුවේ ද මුර සේවය කළ හ.  සමහර අවස්ථාවන්හි දි  අපරාධකරුවන් හා අසංවර පුද්ලගයන් අල්ලා ගැනීම සදහා කටයුතු කරන ලද්දේ ද කොඩිතුවක්කු හමුදාව විසිනි.
දිසාවේවරුන්ගේ ප්‍රයෝජනය සදහා වෙන් කළ ගම් අතර කොඩිතුවක්කුකාරයන්ට වෙන් කළ ගම් ද වු බව සතර කෝරළයේ දිසාවට අයත් ලේකම් මිටිවල දක්වා ඇත. මේවා රාජකාරි ගම් වශයෙන් දක්වා ඇත. කොඩිතුවක්කු හමුදාවේ උසස් නිලධාරින් නිල ගමන් යන විට ඔවුන්ට අඩුක්කු සැපයීමටත් ගම්වසම්කාරයෝ බැදි සිටියහ.
        කොඩිතුවක්කු නිලමේ හෙවත් ලේකම් රජුගේ කාලතුවක්කු හමුදාවේ ප්‍රධානියා විය. එකල රාජ්‍ය නිලධාරින් අතර ඔහුට උසස් තැනක් හිමි විය. මොහු දළදා පෙරහැරේ දෙවනි තැන ගෙන තම පිරිවර හා ගමන් ගත් බව සදහන් වේ. පෙරහැරේ ඔහු ලගට ගමන් ගත්තෝ ඒ ඒ දිසාවන් භාර වු දිසාවේවරුන්ය. ඔවුහු තම තමන්ගේ දිසාවට අයත් වු කොඩිතුවක්කු හමුදාවන්ගේ පාලනය භාරව කටයුතු කරන ලදි.
        කොඩිතුවක්කු තැම්පත් කළ මඩුව හා වෙඩි බෙහෙත් ගබඩාව ඒ ඒ දිසාවේවරුන්ගේ වලව්වලට යාබදව තනන ලදි. කොඩිතුවක්කු මොහොට්ටාල හෙවත් මුහන්දිරම් ඒ ඒ කෝරළයේ කොඩිතුවක්කු  හමුදාව භාර නිලධාරියා විය. කොඩිතුවක්කු ලේකම් ආදි උසස් නිලධාරින්ට ශාරිරික දඩුවම් පැමිණිවීම තහනම් විය. 1918 නොවැ 21 දා පනවන ලද රාජඥාව අනුව ඉංග්‍රීසි පාලනය විසින් කොඩිතුවක්කු ලබා ගැනීමේ අවසරය දිසාවේවරුන්ට පමණක් සීමා කරන ලදි.


         

Comments

  1. වැදගත් ලිපියක්

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...