කොඩිතුවක්කු හමුදාව
පරංගි සහ ලන්දේසි යුගයන්හිදි රෝද පිට සවි කළ කුඩා කාලතුවක්කු කොඩිතුවක්කු
ලෙස හැදින්විය. අන් හැම තුවක්කු විශේෂයකට වඩා මේවා ප්‍රයෝජනවත් විය. මහත් රෞද්‍ර
හඩක් පිට කරමින් වෙඩි තැබීමට උපකාර වු හෙයින් විශේෂණයක් වශයෙන් රෞද්‍ර යන අර්ථය
ඇති කොඩි යන දෙමළ වචනය මුලට යොදා එම තුවක්කු විශේෂය හැදින් වූහ. ගන්ජල නමින්
හැදින්වුණ තුන්පා ධාරකයක් හෙවත් මුක්කාලියක් මත තබා වෙඩි තබන ලදි. යුද්ධයේදි බොහෝ
කොට උපයෝගි වුයේ කොඩිතුවක්කු වු හෙයින් රජුගේ තුවක්කු හමුදාව කොඩිතුවක්කු හමුදාව
ලෙසින් ප්‍රසිද්ධියට පත් විය.
කොඩිතුවක්කු හමුදාව නුවර යුගයේදි යුධ කටයුතුවලදි ප්‍රධාන තැනක් ගත් හෙයින්
එය යුධ හමුදාවට අයත් වැදගත් කාර්යංශයක් විය. කොඩිතුවක්කුකාරයෝ නිතර යුධ සේවාවට
සුදානමින් සිටිය හ.
මහනුවර අවධියේදි කොඩිතුවක්කු හමුදාවට යුධ කිරීමේ කාර්යයට අමතරව වෙනත්
කාර්යයන්ද අයත් වු බව පැරණි ලියකියවිලි වලින් පෙනේ. හමුදා කටයුතු මෙන්ම ආරක්ෂක බල ඇණි කටයුතු ද ඔවුන් වෙත පැවරි තිබුණි. ඔවුහු
මුර අනුව දිසාවගේ සහ අදිකාරමගේ වලව් හා රජතුමාගේ මාළිගයේද කොඩිතුවක්කු මඩුවේ ද මුර
සේවය කළ හ. සමහර අවස්ථාවන්හි දි අපරාධකරුවන්
හා අසංවර පුද්ලගයන් අල්ලා ගැනීම සදහා කටයුතු කරන ලද්දේ ද කොඩිතුවක්කු හමුදාව
විසිනි.
දිසාවේවරුන්ගේ ප්‍රයෝජනය සදහා වෙන් කළ ගම් අතර
කොඩිතුවක්කුකාරයන්ට වෙන් කළ ගම් ද වු බව සතර කෝරළයේ දිසාවට අයත් ලේකම් මිටිවල
දක්වා ඇත. මේවා රාජකාරි ගම් වශයෙන් දක්වා ඇත. කොඩිතුවක්කු හමුදාවේ
උසස් නිලධාරින් නිල ගමන් යන විට ඔවුන්ට අඩුක්කු සැපයීමටත් ගම්වසම්කාරයෝ බැදි
සිටියහ.
කොඩිතුවක්කු නිලමේ හෙවත් ලේකම් රජුගේ කාලතුවක්කු හමුදාවේ
ප්‍රධානියා විය. එකල රාජ්‍ය නිලධාරින් අතර ඔහුට උසස් තැනක් හිමි විය. මොහු දළදා
පෙරහැරේ දෙවනි තැන ගෙන තම පිරිවර හා ගමන් ගත් බව සදහන් වේ. පෙරහැරේ ඔහු ලගට ගමන්
ගත්තෝ ඒ ඒ දිසාවන් භාර වු දිසාවේවරුන්ය. ඔවුහු තම තමන්ගේ දිසාවට අයත් වු
කොඩිතුවක්කු හමුදාවන්ගේ පාලනය භාරව කටයුතු කරන ලදි.
කොඩිතුවක්කු තැම්පත් කළ මඩුව හා වෙඩි බෙහෙත් ගබඩාව ඒ ඒ
දිසාවේවරුන්ගේ වලව්වලට යාබදව තනන ලදි. කොඩිතුවක්කු මොහොට්ටාල හෙවත් මුහන්දිරම් ඒ ඒ
කෝරළයේ කොඩිතුවක්කු හමුදාව භාර නිලධාරියා
විය. කොඩිතුවක්කු ලේකම් ආදි උසස් නිලධාරින්ට ශාරිරික දඩුවම් පැමිණිවීම තහනම් විය.
1918 නොවැ 21 දා පනවන ලද රාජඥාව අනුව ඉංග්‍රීසි පාලනය විසින් කොඩිතුවක්කු ලබා
ගැනීමේ අවසරය දිසාවේවරුන්ට පමණක් සීමා කරන ලදි.
වැදගත් ලිපියක්
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න