Skip to main content

පහල හපුවිද ලාක්ෂා කර්මාන්තය.




මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශිය කොට්ඨාෂයේ පිහිටි ග්‍රාමයකි පහළ හපුවිද. ගොවිතැන ජීවිකාව කොට ගත් මෙම ග්‍රාමයේ පවුල් 273 ක් ජීවත් වෙති. මෙම පිරිස ලාක්ෂා කර්මාන්තයට විශේෂ දස්කමක් දක්වන ලද පිරිසක් වේ. පෙර රජ දවස මහනුවර රජමාළිගයේ කැටයම් කිරීමේ කටයුතු පහල හපුවිද ග්‍රාමයේ ශිල්පීන් විසින් සිදු කළ බවට තොරතුරු ලැබේ.  විශේෂයෙන්ම ශ්‍රි දළදා මාළිගයේ කැටයම් නිර්මාණය කරන ලද්දේ ද පහල හපුවිද ලාක්ෂා ශිලපීන් විසින්ය. ලාක්ෂා කර්මානතයට අමතරව ලාක්ෂා කර්මාන්තයට අවශ්‍යවන වෙනත් හස්ත කර්මාන්තයන්ද මෙම ග්‍රාමයේ පවති.
            රන්,රිදි, තඹ, පිත්තල යකඩ මෙන්ම වඩු කර්මාන්තය ද මෙම පහල හපුවිද ග්‍රාමයේ පවති. විශේෂයෙන්ම කම්මල් වැඩ ලාක්ෂා කර්මාන්තය පවත්වා ගෙන යාමට අවශ්‍ය දෙයක් වේ. ලාක්ෂා කර්මාන්තය සදහා පාවිච්චි කරනු ලබන ආයුධ සකස් කිරීම සහ අලුත් වැඩියා කිරීම සදහා යකඩ කම්හල් කර්මාන්තය වැදගත් වේ.  
ලාක්ෂා කර්මානතය ඈත අතීතයේ සිටම දක්නට ලැබෙන බව කියවේ. ජනප්‍රවාදයට අනුව ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඩම වන අවස්ථාවේ මෙරටට පැමිණි දහ අට කුලයකට අයත් පිරිස් අතර ලාක්ෂා ශිල්පීන් සිටි බව කියවේ. එහෙත් ලාක්ෂා කර්මාන්තයට පහල හපුවිද ප්‍රදේශය සම්බන්ධ වනුයේ මහනුවර යුගයේදී ය. ක්‍රි:ව 1634 දි පමණ දෙවන රාජසිංහ රජුගේ කාලයේදිය. මෙකල රජ මාළිගයට අවශ්‍ය වු ලාකඩවලින් කරන ලද අවිඅතු, බස්කම්, තිරපොලු, ජනෙල් පොලු, මේස, ආදිය ලාකඩවලින් කැටයම් කර ලබා ගැනීමට වු අවශ්‍යතාවය අණ බෙර මගින් ප්‍රසිද්ධ කරන ලදි.
ඒ අනුව සතර කොරළේ දනාගමුව හංගිදි ගෙදර පුසුබ අප්පු නැමැත්තා මේ කාර්ය සදහා ඉදිරි පත් විය. මෙම වැඩය සදහා කැතල ලී අවශ්‍ය බව පුසුබ අප්පු රජුගෙන් ඉල්වා ඇත. එම ලී වර්ගය නියඹේපොල, වැල්ල, දොළුව අමුණු ගමේ ඔය දෑලේ සහ ඇල්කඩුව නිකවැල්ල හේන ගමේ ඇති බව යුව රජු වු ගොඩපොල විජයපාල රජුගෙන් දැනගන්නට ලැබුණි. දෙවන රාජසිංහ රජු විසින් පුසුබ අප්පුට මෙම ප්‍රදේශය ගම්වරයක් වශයෙන්ප්‍රodනය කරන ලදි. භාණ්ඩාගාරයෙන් මිනිසුන් 60 දෙනකුට පහසුවෙන් ගෙන යා හැකි කෑම වර්ග සහ හැපී නැමති ඇතින්න ද පුසුබ අප්පුට ලබා දි ගමට පිටත් කරන ලදි. මේ අය සමග හැපී නැමති ඇතින්න ඉහත ගමේ ඔයේ තිබුණ ආදාවල නැමති ස්ථානයේ හිද ගන්නා ලදි. ඒ නිසා මෙම ගම හැපිහිද යනුවෙන් භාවිතා කරන ලදි. හැපිහිද පසුව හපුවිද යනුවෙන් ව්‍යවහාර විය.
            දෙවන රාජසිංහ රජුගෙන් පසුව දිගටම රජමාළිගයට අවශ්‍ය අවිඅතු, බස්තම්, තිර, ජනෙල් පොලු, ආදි ද්‍රව්‍යයන් වර්ෂයක් පාසා පහළ හපුවිද පුසුබ අප්පුගේ පරපුර විසින් සපයන ලදි. මෙයට අමතරව ප්‍රභු පවුල් සදහා අවශ්‍ය ලාක්ෂා භාණ්ඩත් සපයන් ලදි. මේ සදහා අවශ්‍ය දුව්‍ය අවට ප්‍රදේශයෙන් හා  දුර බැහැර ප්‍රදේශවලින් සපයා ගන තිබේ. ලාකඩ, කෝන්, මසං, කැප්පෙටියා ගස්වල කෘමීන් විසින් සාදන ලද කූඩුවල කුඩු සූරා ගෙනවිත් රත් කොට ලාකඩ පෙරාගෙන ඒවාට පාට වර්ග එකතු කොට පහත සදහන් ආකාරයට සකසා ගෙන ඇත.
රතු කුඩු - සාදලිංගම් නැමති රතුගල් කුඩු කරගෙන ඇත.  ඇත් දළ පාට, කහ නිල් පාට වර්ග සදහා ද පොළවේ ඛනිජ වර්ග යොදාගෙන වර්ණ සකස් කර තිබේ.
            ලාක්ෂා කර්මාන්තයේ නියපොතු වැඩ සහ පට්ටල් වැඩ වශයෙන් කොටස් දෙකකට බෙදේ.  නියපොතුවැඩ මහින්දාගමනයෙන් පසු ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම වන අවස්ථාවේ පැමිණි අටලොස්කුල ශිල්පීන්ට සම්බන්ධය. එම පරම්පරාවේ පිරිස්ක් මාවනැල්ල දනාගමුවේ සිට රජවාසලට අවශ්‍ය උපකරණ සපයා ඇත. පහල හපුවිද පැමිණි පුසුබු අප්පු දනාගමුවේ පරම්පරාවේ කෙනෙකු බව පැහැදිලිය. හැරමිටි, බස්තම්, සේසත්, අවුඅතු, මිටි, තිරපොල, බටනලා, කැට, හැදි, ආභරණ පෙට්ටි, පුටු, බංකු, ඇදන්, තොටිලි, දුණු, ඊතල, සන්නස්, කොපු, බෝල, ආදිය නියපොතු වැඩ ලෙස සැළකේ.
            පට්ටල් වැඩ 1927 ශ්‍රි ලංකාවෙන් ඉන්දියාවේ ලාහෝර්වලට ගිය පිරිසක් පුහුණුව ලබා ඇත. පහල හපුවිද ප්‍රදේශයේ සිටි කේ.එච්  අබේවර්ධන නැමැත්තා ද ඒ පිරිස සමග ගොස් පුහුණුව ලබා ඇත. හදුන් කූරු ස්ටැන්ඩ්, ඉටි පන්දම් ස්ටැන්ඩ්, ඇස්ටර්, පවුඩර් පෙට්ටි, ආභරණ පෙට්ටි, ස්ටූල්, කේක් පෙට්ටි, බෝල, දාන් ලෑලි, දුනු කැට, ආදා පට්ටල් වැඩ මෙහි සිදු වේ.
           
           

Comments

  1. මේ පාරම්පරික ගම්මාන පිළිබදව අපට දැනුවත් කිරීම පිළිබදව ස්තූතිවන්ත වෙමි

    ReplyDelete
  2. if u had the making way it's good

    ReplyDelete
  3. මේතියෙන්නේ මන් සොයා සොයා සිටි විස්තරයක්...බොහොමයක් ස්තුතියි. ලැකර් චිත්‍ර ගැන ලියද්දි ලංකාවේ ලාක්ෂා කර්මාන්තය ගැන සොයමින් සිටියේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...