නන්දදේව
විජේසේකර මහතාග්, පැරණි සංහල
බිතුසිතුවම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.1964,කොළඹ: රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
හිදගල විහාරයේ බිතු සිතුවම්
හිදගල
මහනුවර ප්‍රදේශයේ මෙතෙක්
සොයාගෙන ඇති පුරාණ සිද්ධස්ථාන දෙක අතුරින් හිදගල එකකි. ගලෙහි ලියා තිබෙන තරමක්
දිගු සෙල්ලිපි දෙක හැරුණු විට මේ ස්ථානය හා සම්බන්ධ අන් කිසිදු ඓතිහාසික සටහනක්
සොයාගෙන නැත. ස්ථානය පිළිබදව පුරාවෘත්තයක ස්වරූපයෙන් දැක්වෙන ප්‍රාදේශීය පරම්පරා
කථාවක් තවමත් පවති. බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේදි (1824-31) ලෙන් විහාරය ප්‍රකෘතිමත්
කරන ලදි. අද නවීන විහාරයක් වශයෙන් පවත්නා ලෙන් විහාරය විශාල ගල්කුල පාමුල පිහිටියේ
ය.
මෙහි වහලට ඉහළින් හා ගල්පියස්සට යටින් පහතින්වන නවීන
විහාරයේ වහළෙන් ඔබ්බට ප්‍රක්ෂේපණය වන බදාම පිළියම් කළ පෘෂ්ඨය මත ඇද තිබෙන පැරණි
සිතුවම් දැක ගත හැකි වේ. රූපාවලින් දොළහක් පමණ සුරැකිව පවතී. 1918 දී බිතුසිතුවම
මීට හොදින් ආරක්ෂා වු තත්ත්වයක පැවති බව පෙනේ. වර්තමාන තත්ත්වය කළගුණයේ පෙරළිවලට
අතිශයෙන්ම ගොදුරුවු බව අතිශයෙන්ම පෙන්නුම් කරන්නකි. මුළු සිතුවමම සියවස් ගණන්
වැස්සට සේදී ගොස් සූර්යතාපයෙන් පිළීස්සි ගොස් කලුගල තුල එක්රැස්වී විකිරණය වන
තාපයෙන් ද පීඩා ලබා තිබේ. ශතවර්ෂ ගණනක් නොනැසී පැවති සේ පෙනෙන සිතුවමක් හිදගල ගල්කුළු පෘෂ්ඨයෙන්
මකා දැමීමට අවශ්‍යවනුයේ ඉතා සුළු කලයෙකි. දැනුදු සම්බන්ධයක් නොදැක්ක හැකි සේ වෙන
වෙනම පවත්නා සිතුවම් කොටස් නිරීක්ෂකයාට ප්‍රහේළිකාවක් මෙන් පෙනේ.
මුලදි සිත්තම්කරන ලද්දෙ පෘශ්ඨයෙන් දහයෙන් එකක් පමණි. අද
ඉතිරව පවතින්නේ වැඩකට ගත නොහැකි අන්දමින් ශේෂව පවතින කොටස් ය. දකුණු පසින්
බුදුරදුන් බුද්ධත්වයට පත්වීමෙන් පසුව පස්වැනි සතියෙදි අජපල් නුගරුක යට වැඩසිටින
දර්ශනය වෙයි. බ්‍රහ්මයා, බුදුරදුන්ගේ දකුණුපසින් උන්වහන්සේට වැද සිටීන ලීලයෙන් හිද
දම්සක් පැවතුම වස් ආරාධනා කරයි. බුද්ධ රූපය පැහැදිලිව
හදුනාගත හැකිය. අලංකාරවත් ලෙස සරසන ලද ආසනයක් මත උන් වහන්සේ අභය මුද්‍රාවෙන් එරමිණිය
ගොතා වැඩ හිදින සේක. හිසවටා තිබෙන ප්‍රභා මණ්ඩලය පෙනෙන්නට තිබේ. ආසනයේ යොදා තිබෙන
හතරැස් රටා, සීගිරියේ තිබෙන ඒවා හා සාදෘශ්‍යබවක් දක්වයි. බුදුන් වහන්සේ ඉදිරියේ
තවත් රූප කිහිපයක් නිරීක්ෂණය කළ හැකි ය. මෙම රූපවල හිසෙහි විචිත්‍ර හිස් පැළදුම්
වේ. සිනිදු සළුවලින් හා රමණිය ආභරණවලින් ද බ්‍රහ්මයාගේ රූපය සරසා ඇත.
වම් පස තවත් දර්ශනයක් වෙයි. එහෙත් දැනට ආරක්ෂා වී පවත්නා
අවශේෂවලින් විස්තර කිසිත් පැහැදිලි කරගත නොහැක. ප්‍රභාමණ්ඩලයකින් සමුපලක්ෂිත
හිසින් යුත් වැඩ හිදින රූපය නිසක වශයෙන්ම බුදුන් වහන්සේ ය. උන් වහන්සේ පිරිවර
දෙවිවරුන්ගේ හිස් කිහිපයක් දැකගත හැකි ය. මෙම හිස් බුදුන් වහන්සේට දකුණින් හා
වමින් ද දැන්වෙන් අතර ඒවායේ මනහර ඔටුනු පලදා තිබේ.
පොදු වශයෙන් ගත් කළ මෙම චිතු උසස් තලයට පත්ව ඇති බව පෙනේ.
බුදුන් වහන්සේ හා බ්‍රහ්මණයා නිරෑපණය කරන චිත්‍ර ජීවමාන ප්‍රමාණයට මනාව ඇද තිබේ.
එහෙත් එවායේ සිරුරේ හා පාදවල ස්වල්ප දැඩි බවක් ලකුණු වී පෙනෙයි. ගලා වැටෙන
සිවුරෙහි හා සළු පිළිවල ද රැළි දක්ෂ ලෙස නිරූපිතය. අනෙක් රූප මේවාට වඩා කුඩාය.
එහෙත් එවායේ අවශේෂ පවත්නා මුහුණුවල උසස් සැලසුම් ශිල්ප කර්මයක් දිස්වන අතර. එවායේ
භක්තිය හා ගෞරවය යන හැගීම් පළ කෙරේ. මුහුදු නිල, රන්වන් කහ පැහැය, රතු පැහැය ද
යොදන ලද තැන් කිහිපයක් ශේෂව පවතී. රතු පැහැය අනෙක්වාට වඩා ඉස්මතුව පෙනේ.
අනවශ්‍ය ලෙස රූප ගොඩනැගීමෙන් රචනාවේ උසස් බව කෙලෙසි තිබේ.
රූප විශේෂයෙන්ම සම්ප්‍රදානුගත ආකාරයෙන් නිරූපිත රූප, මැනවින් ඇද වර්ණවත් කර තිබේ.
එහෙත් ශ්‍රේෂ්ඨතම නිර්මාණය වනුයේ නිසැක වශයෙන්ම ග්‍රහමණ්ඩලය සහිත බුදුරුවයි. එය
මැදින්ම පිහිටා තිබීම නිසා මුළු දර්ශනයම ශෝභාවත් කරමින් ප්‍රකටව පෙනේ. බ්‍රහ්ම
රූපයද එතරම් හොදින් නිමවා තිබේ. වළාකුළු නිරූපණය කිරීමේ චිරාගත ක්‍රමය කිදුරාට හා
දෙව් පිරිසට ද ඉදිරිපසින් නිරීක්ෂණය කළ හැක. එ මගින් ඔවුන්ගේ දේවත්වය පිළිබදව හැගීම
ප්‍රකාශ කෙරේ.
හිදගල විහාරයේ බිතු සිතුවම් කිහිපයක්
Comments
Post a Comment