Skip to main content

හිදගල විහාරයේ බිතු සිතුවම්



නන්දදේව විජේසේකර මහතාග්, පැරණි සංහල බිතුසිතුවම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.1964,කොළඹ: රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

 හිදගල විහාරයේ බිතු සිතුවම්



හිගල

මහනුවර ප්‍රදේශයේ මෙතෙක් සොයාගෙන ඇති පුරාණ සිද්ධස්ථාන දෙක අතුරින් හිදගල එකකි. ගලෙහි ලියා තිබෙන තරමක් දිගු සෙල්ලිපි දෙක හැරුණු විට මේ ස්ථානය හා සම්බන්ධ අන් කිසිදු ඓතිහාසික සටහනක් සොයාගෙන නැත. ස්ථානය පිළිබදව පුරාවෘත්තයක ස්වරූපයෙන් දැක්වෙන ප්‍රාදේශීය පරම්පරා කථාවක් තවමත් පවති. බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේදි (1824-31) ලෙන් විහාරය ප්‍රකෘතිමත් කරන ලදි. අද නවීන විහාරයක් වශයෙන් පවත්නා ලෙන් විහාරය විශාල ගල්කුල පාමුල පිහිටියේ ය.
            මෙහි වහලට ඉහළින් හා ගල්පියස්සට යටින් පහතින්වන නවීන විහාරයේ වහළෙන් ඔබ්බට ප්‍රක්ෂේපණය වන බදාම පිළියම් කළ පෘෂ්ඨය මත ඇද තිබෙන පැරණි සිතුවම් දැක ගත හැකි වේ. රූපාවලින් දොළහක් පමණ සුරැකිව පවතී. 1918 දී බිතුසිතුවම මීට හොදින් ආරක්ෂා වු තත්ත්වයක පැවති බව පෙනේ. වර්තමාන තත්ත්වය කළගුණයේ පෙරළිවලට අතිශයෙන්ම ගොදුරුවු බව අතිශයෙන්ම පෙන්නුම් කරන්නකි. මුළු සිතුවමම සියවස් ගණන් වැස්සට සේදී ගොස් සූර්යතාපයෙන් පිළීස්සි ගොස් කලුගල තුල එක්රැස්වී විකිරණය වන තාපයෙන් ද පීඩා ලබා තිබේ. ශතවර්ෂ ගණනක් නොනැසී පැවති සේ පෙනෙන සිතුවමක් හිගල ගල්කුළු පෘෂ්ඨයෙන් මකා දැමීමට අවශ්‍යවනුයේ ඉතා සුළු කලයෙකි. දැනුදු සම්බන්ධයක් නොදැක්ක හැකි සේ වෙන වෙනම පවත්නා සිතුවම් කොටස් නිරීක්ෂකයාට ප්‍රහේළිකාවක් මෙන් පෙනේ.
            මුලදි සිත්තම්කරන ලද්දෙ පෘශ්ඨයෙන් දහයෙන් එකක් පමණි. අද ඉතිරව පවතින්නේ වැඩකට ගත නොහැකි අන්දමින් ශේෂව පවතින කොටස් ය. දකුණු පසින් බුදුරදුන් බුද්ධත්වයට පත්වීමෙන් පසුව පස්වැනි සතියෙදි අජපල් නුගරුක යට වැඩසිටින දර්ශනය වෙයි. බ්‍රහ්මයා, බුදුරදුන්ගේ දකුණුපසින් උන්වහන්සේට වැද සිටීන ලීලයෙන් හිද දම්සක් පැවතුම වස් ආරාධනා කරයි. බුද්ධ රූපය පැහැදිලිව හදුනාගත හැකිය. අලංකාරවත් ලෙස සරසන ලද ආසනයක් මත උන් වහන්සේ අභය මුද්‍රාවෙන් එරමිණිය ගොතා වැඩ හිදින සේක. හිසවටා තිබෙන ප්‍රභා මණ්ඩලය පෙනෙන්නට තිබේ. ආසනයේ යොදා තිබෙන හතරැස් රටා, සීගිරියේ තිබෙන ඒවා හා සාදෘශ්‍යබවක් දක්වයි. බුදුන් වහන්සේ ඉදිරියේ තවත් රූප කිහිපයක් නිරීක්ෂණය කළ හැකි ය. මෙම රූපවල හිසෙහි විචිත්‍ර හිස් පැළදුම් වේ. සිනිදු සළුවලින් හා රමණිය ආභරණවලින් ද බ්‍රහ්මයාගේ රූපය සරසා ඇත.
            වම් පස තවත් දර්ශනයක් වෙයි. එහෙත් දැනට ආරක්ෂා වී පවත්නා අවශේෂවලින් විස්තර කිසිත් පැහැදිලි කරගත නොහැක. ප්‍රභාමණ්ඩලයකින් සමුපලක්ෂිත හිසින් යුත් වැඩ හිදින රූපය නිසක වශයෙන්ම බුදුන් වහන්සේ ය. උන් වහන්සේ පිරිවර දෙවිවරුන්ගේ හිස් කිහිපයක් දැකගත හැකි ය. මෙම හිස් බුදුන් වහන්සේට දකුණින් හා වමින් ද දැන්වෙන් අතර ඒවායේ මනහර ඔටුනු පලදා තිබේ.
            පොදු වශයෙන් ගත් කළ මෙම චිතු උසස් තලයට පත්ව ඇති බව පෙනේ. බුදුන් වහන්සේ හා බ්‍රහ්මණයා නිරෑපණය කරන චිත්‍ර ජීවමාන ප්‍රමාණයට මනාව ඇද තිබේ. එහෙත් එවායේ සිරුරේ හා පාදවල ස්වල්ප දැඩි බවක් ලකුණු වී පෙනෙයි. ගලා වැටෙන සිවුරෙහි හා සළු පිළිවල ද රැළි දක්ෂ ලෙස නිරූපිතය. අනෙක් රූප මේවාට වඩා කුඩාය. එහෙත් එවායේ අවශේෂ පවත්නා මුහුණුවල උසස් සැලසුම් ශිල්ප කර්මයක් දිස්වන අතර. එවායේ භක්තිය හා ගෞරවය යන හැගීම් පළ කෙරේ. මුහුදු නිල, රන්වන් කහ පැහැය, රතු පැහැය ද යොදන ලද තැන් කිහිපයක් ශේෂව පවතී. රතු පැහැය අනෙක්වාට වඩා ඉස්මතුව පෙනේ.
            අනවශ්‍ය ලෙස රූප ගොඩනැගීමෙන් රචනාවේ උසස් බව කෙලෙසි තිබේ. රූප විශේෂයෙන්ම සම්ප්‍රදානුගත ආකාරයෙන් නිරූපිත රූප, මැනවින් ඇද වර්ණවත් කර තිබේ. එහෙත් ශ්‍රේෂ්ඨතම නිර්මාණය වනුයේ නිසැක වශයෙන්ම ග්‍රහමණ්ඩලය සහිත බුදුරුවයි. එය මැදින්ම පිහිටා තිබීම නිසා මුළු දර්ශනයම ශෝභාවත් කරමින් ප්‍රකටව පෙනේ. බ්‍රහ්ම රූපයද එතරම් හොදින් නිමවා තිබේ. වළාකුළු නිරූපණය කිරීමේ චිරාගත ක්‍රමය කිදුරාට හා දෙව් පිරිසට ද ඉදිරිපසින් නිරීක්ෂණය කළ හැක. එ මගින් ඔවුන්ගේ දේවත්වය පිළිබදව හැගීම ප්‍රකාශ කෙරේ. 


  හිදගල විහාරයේ බිතු සිතුවම් කිහිපයක්


 




Comments

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...