මධ්‍යම පළාතේ ටැම්පිට විහාර
මහනුවර දිස්ත්‍රික්කය.
01. කුඹල්ඔලුව ටැම්පිට විහාරය
මහනුවර ගම්පොල මාර්ගයේ
වැලිගල්ල පසුකර ගංහත මාර්ගයේ ගමන් කිරීමෙන් ළගා විය හැකි ය.
02. අරත්තන විහාරය
දවුලගල සිට එළදැත්ත
මාර්ගයේ කි.මි 01 දුරින් පිහිටා ඇත.
03. සූරියගොඩ විහාරය
කොළඹ මහනුවර මාර්ගයේ
කිරිබත්කුඹුරින් දකුණට හැරි වතුරකුඹුර පාරේ ගොස් ලගා විය හැකි ය.
04. දන්තුරේ ටැම්පිට විහාරය
යටිනුවර දන්තුරේ නගරයේ
විහාරය පිහිටා ඇත.
05. මාලම්මන ටැම්පිට විහාරය
මාලගම්මන
මුලදි පැවති ටැම්පිට විහාරය 1818 කැරැල්ලේදි ඉංග්‍රීසින් විනාශ කළ අතර දැන් ඇත්තේ
ඊට පසුව ඉදි කල
විහාරයකි.
06. මැදවල ටැම්පිට විහාරය
මහනුවර කටුගස්තොට හරහා
මැදවල පාරේ මැදවල නගරය අසල පිහිටා ඇත.
07. දොරගමුව විහාරය
පල්ලේගම්පහ
කොරළයේ දොරගමුව ගමේ පිහිටි මෙයට මහනුවර අලවතුගොඩ මාර්ගයේ කුඩුගල
හන්දියෙන් හැරී යන පාරේ
කි.මි 4.8 යි.
08. උඩතලවින්න ටැම්පිට විහාරය
කටුගස්තොට සිට වත්තේගම
පාරේ ගොස් නවයාලතැන්නෙන් හැරි ළගා විය හැකි ය.
09. ගෝන්දෙනිය ටැම්පිට විහාරය
කඩුගන්නාවේ සිට අලගල්ල
පාරේ ගොස් 3 කණුව හන්දියෙන් හැරි පිවිසිය හැකි ය.
10. කලෝටුවාව ටැම්පිට විහාරය
හතරලියද්දහි පිහිටා ඇත.
තුම්පනේ ටැම්පිට විහාර.
11. වැලිගොඩපොල ටැම්පිට විහාරය.
හතරලියද්ද සිට රඹුක්කන
පාරේ කි.මි0ග75 ක් දුරින් පිහිටා තිබේ.
12. දුන්කුඹුර ටැම්පිට විහාරය
13. මිනිගමුව ටැම්පිට විහාරය
14. මුරුද්දෙනිය ටැම්පිට විහාරය
15. වැලිවිට සංසිකාරාම ටැම්පිට විහාරය
මාතලේ දිස්ත්‍රික්කය.
01. දැඹව පුරාණ විහාරය
මාතලේ ගලේවල පාරේ මාදිපොල
අසල දැඹව ගමේ පිහිටා ඇත.
02. බෝධිරාජ විහාරය
මනන්වත්ත අලුත්ගම
මනන්වත්තේ පිහිටි විහාරස්ථානයකි.
03. තලකිරියාව ටැම්පිට විහාරය
මාතලේ ගලේවල මාර්ගයේ
මාදිපොල අසල තලකිරියාව ගමේ පිහිටා ඇත.
04. ගුරුබැවිල ටැම්පිට විහාරය
මාතලේ රත්තොට පාරේ කි.මි 08 ගොස් කයිකාවලින් හැරි කුඹල්ඔලුව මාර්ගයේ කි.මි
03 ගිය පසු හමුවේ.
05. පමුණුව පුරාණ විහාරය
යටවත්තේ වාලවල පිහිටා
ඇත.
06. ශ්‍රී බෝධිමළු විහාරය, මැදබැද්ද
ටැම්පිට විහාරයක අවශේෂ
දක්නට ලැබේ. මැදබැද්ද දකුණු ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.
07. උඩස්ගිරිය බෝධිමළු විහාරය
08. මුවන්දෙණිය පුරණ විහාරය
09. නාරංගොල්ල ටැම්පිට විහාරය
මාගලේ රත්තොට හරහා
ගම්මඩුව මාර්ගයේ ගමන් කිරීමෙන් ලගා විය හැකි ය.
10. බුලත්වත්ත විහාරය
සැලම පිහිටා ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය
01. බෝධිමල්කඩ පුරාණ විහාරය
හගුරන්කෙත පිහිටි විහාරස්ථානයකි. මහනුවර පදියපැලැල්ල මාර්ගයේ කි.මි 38 කණුව
අසලින් හැරි ගමන් කළ යුතුය.
02. පුසුල්පිටිය විහාරය
කොත්මලේ නාවලපිටිය
මාර්ගයේ කලවිටියෙන් හැරි කි.මි 03 ක් ගිය පසු හමුවේ.
03. නියම්ගම්දොර විහාරය
ටැම්පිට විහාරයක් ලෙස තිබු මෙය පසුව ගලින් බැද වෙනස් කර ඇත. ගම්පොළ
පුණ්ඩළුඔය මාර්ගයේ තවලම්තැන්නේ සිට කි.මි 10 ගිය පසු හමු වේ.


Comments
Post a Comment