මහනුවර දළදා පෙරහැරේ සුල මුල
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1969 අගෝස්තු රසවාහිනි සගරාවට ලියු ලිපියකි
නුවර පෙරහැර යන පාර අයිනේ හිටගෙන් නැත්නම් දෙපැත්තෙ ගොඩනැඟිලි ඇතුළෙ ඉඳ ගෙන ඒක බලන බොහොම දෙනෙකුට ඇති වෙන්නෙ විසූක දස්සනයක් බැලීමෙන් හට ගන්න හැඟීමයි. කලාතුරෙකින් දකින්න ලැබෙන දෙයක් දැක්කම හිතේ හටගන්න කුහුලින් මුසු සතුටයි. නමුත් සිංහල සංස්කෘතිය" ගැන ඉස්කෝලවල ඉගෙනුම් නොලබපු කාරණා කාරණා තේරෙන අය නම් පෙරහැර පැවැත්වීමෙන් තමන්ගේත් ලෝකෙත් සුබසිද්ධියට ඉවහල් පිළිවෙතක් ඉටු කෙරෙන බව ඒත්තු ගන්නවා. ඒ ඉවහල් පිළිවෙත නියම කාලෙට ඉටු නොකළොත් රටේ ගමේ කාටත් අනිටු විපාක වෙන්න පුලුවන් බව ඔවුන් විශ්වාස කරනවා. නුවර පෙරහැර ඉවරවෙලා වැඩි දවසක් යන්න මත්තෙන් වැහි වහින්න ඕනැය යන විශ්වාසෙ උගත් නූගත් සිංහල ජනයන් බොහෝ දෙනෙක් අතරෙ පවතිනවා. ඒ නිසා අපට නිගමන්න පුලුවනි නුවර පෙරහැරෙන් සැලසෙන්නෙ නියම කාලෙට ඕනෑ පමණට වැස්ස ඇතිවීමය යන ඇදහිල්ලක් පවතින බව.
මේ ලෝකෙ මිනිස් තිරිසන් ආදී හැම වර්ග වලම සතුන්ගේත් ගස්කොළන් ආදියෙත් පණ රැකෙන්නෙ වැස්සෙන් බව කාටවත් අමුතුවෙන් කියල දෙන්න උවමනා නැහැ. ආණ්ඩු මගින් කොපමණ දක්ෂ ලෙසට උපක්කරම යෙදුව උනත් අවුරුදු දෙකක් තුනක් කලටවත් අකලටවත් වැහි නොවැස්සොත් ඒව නිස්පල වෙලා යන බවත් මිනිසුන්ට කිය නොහැකි තරම් දුක් විඳින්න සැලසෙන බවත් විස්තර කරන්න ඕනැ නැහැ. දැන් කාලෙ අවුරුද්දක් දෙකක් වහින්න නැතුව ආහාර හිඟ වුණු රටකට ඒවා සුලබ රටකින් ගෙන්නවගෙන අමාරුව පිරිමහ ගන්න පුලුවන් නමුත් පුරාණ කාලෙදි එහෙම කිරීමට පහසුකම් තිබුණෙ නැහැ. ඒ නිසා නියම කාලෙට වහින්න සැලැස්සීම රජවරු පරම යුතුකමක් හැටියට ඉහත කාලෙදි ලෝකෙ හැම පෙදෙසකම වගේ පිළිගෙන තිබුණා. ඉහත කාලෙදි වැසි වැස්වීම පිළිබඳ කටයුතු බාර මුලාදැනිය බොහොම බලවතෙක් ව හිටිය. බුදුන් කාලෙ මගද රටේ වැස්සකාර නම් මගද මහාමාත්‍යයෙක් ගැන අපට පාලි පොත්වල කියවන්න ලැබෙනවා. "වස්සකාර" කියන්නේ වැහි ඇතිකරන්න" නැත්නම් වස්සවන්නයි සමහර කාලවලත් දේසවලත් මේ කටයුත්ත රජුටම බාර එකක් හැටියට පිළිගැණුන. රජපදවිය ඇති වුණේ වස්සකාර පදවියෙන්ය කියලයි බොහෝ වියතුන්ගේ පිළිගැනීම.
පුරාණ කාලෙදි කලට වැහි වැස්වීමට බලය ඇති යෑයි පිළිගත්ත නොයෙක් අන්දමේ පිළිවෙත් මිනිසුන් අතරෙ පැවතුණා. මෙයින් බොහොමයක සතුන් මැරීම සුරාපානය ආදි බුදුදහමෙ පව් කම් හැටියට ගැරහුම් ලබාපු දේවල් කෙරුණ. මිනිසුන් ගේ දැහැමි පැවැත්මෙන් කලට වැහි ලැබෙනවාය යන විශ්වාසය මිනිසුන් අතරෙ පතුරුවල අරින්න බෞද්ධයන් වෑයම් කළ නමුත් එයින් වැඩි පලක් වුණේ නැහැ. ඒ නිසා වැසි වස්වන පිළිවෙත් තමන්ගේ උපාසක වරුන්ගෙ ප්රයෝජනයට පවත්වන්න බෞද්ධ තෙරවරුන්ටත් සිදුවනු බවට සාධක තියෙනවා. අපට වැහි වහින්නෙ වලාකුළු වලින් බව දැන් වගේම පුරාණ කාලෙ හිටිය මිනිස්සුන්ටත් පෙනෙන්න තිබුණ. ආකාසෙ එහා මෙහා යන වලාකුළ දෙවියෙක්ය කියල ඉහතදී සමහරු සැලකුව. තවත් සමහරුන්ගෙ පිළිගැන්ම වුණේ වලාකුළු මෙහෙය වන දෙවියෙක් නැත්නම් දෙවිවරු හිටි බවයි. මේ දෙආකාරයෙන් කොයි ආකාර දෙවියෙක්වත් වැහි වස්වනවායි පිළිගත්ත නම් කලට වැහි වස්වන්න ඒ දෙවියන්ට යෑදීමත් වැහි වැහැල ගොයිකම් සරුසාර උනාම තුතිපුද පැවැත්වීමත් සිරිත් වශයෙන් කෙරුණ. මේ තුති පුදවලදී බොහෝ විට නැටුම් ගැයුම් ආදියෙන් තමන්ගේ ප්රීතිය පළ කළා. ඒ නිසා ඒ ආකාර පූජාවක් කෙළියක ආකාරය ගත්ත කලට වැහි නොවැස්සොත් දෙවියන්ගෙ උදහස මග ඇරවීමට වුවමනාය කියල පිළිගත් බලිබිලි ආදිය ඔප්පු කළා. පුරාණ භාරතෙත් ලංකාවෙත් වරුසාවට අධිපති දෙවිවරුන් අතරෙ උසස් තැනක් ඉන්ද්රට (සැක්කරයට) හිමිව තිබුණු බව ප්රකටයි.
වැහි නැතිව තියෙන විට වැහි වැස්වීමට උපායක් වශයෙන් ඉහත කාලෙදී පිළිගෙන තිබුණ ආකාසෙ වලාකුළු වලින් වැහි වහින්න සිදුවෙන ආකාරය. පොළෝතලේ අනුකරණයෙන් පැවැත්වීම වැහි වහන්නෙ ඉරසුත් වලාකුළුත් අතරෙ ඇතිවෙන සටනකට පස්සෙය කියල ආදිකාලෙ මිනිසුන්ගෙ විශ්වාසෙ තිබුණා. ඉරු රැස් වලට "දේව යන නමත් වලාකුළු වලට "අසුර යන නමත්" ආරෝපණය කරල මේ දෙවාසුර සංග්රාමය පොළෝ තලේ අනුකරණයෙන් වැහි වැස්සවීමට පුළුවන කියල ඇතැම් අය පැවසුවා. මේ විදියෙ අනුකරණවලිනුයි ලෝකෙ නාටක ඇතිවුනෙ. සමහර මිනිසුන් පිළිගෙන තිබුණ දෙවිවරු හොඳ පක්සය කියලත් අසුරයො නරක පක්ෂය කියලත්. ඒ පිළිගැන්මෙ හැටි යට වැහි වැස්වීමට නරක මැඩලන්න ඕනෑ. අනිත් අය අතරෙ අසුරයො හොඳ පක්සයට අයත්ය කියල පිළිගැනුම තිබුණ. මේ මතය දැරුවන්ට තමන්ගෙ දෙවියා මැරීමෙන් ලෝකයට සුබ සිද්ධිය සැලසෙතැයි කියලතa පිළිගන්න වුණා.
රජෙකුට අයත් යම්කිසි වස්තුවක වැහි වැස්වීමේ බලය තිබුණු බවත් පුරාණ කාලයේදී පිළිගෙන තිබුණි. වැහි වහින්න පෙරටුව අහසේ පේන දේදුන්න නිරූපණය කළ දුන්න. මේ ගැජුමට සමාන හඬ ඇති කරන බෙරය. ආකාසයෙන් වැහි පොද වැටෙන හැටි පෙන්වන මුතුකුඩේ මෙයින් සමහරක් වෙස්සන්තර ජාතකෙ ඇලි ඇතාගේ පුවත මේ කියවන බොහෝ දෙන අහල ඇත. මෑතවනතුරුම බුරුමෙත් සියමෙන් රජවරුන්ට මේ ආකාර ඇලි ඇත්තු හිටියලු. සිංහල රජවරුන්ට දළවහන්සේ ලැබුණායින් පසුව ඒ පූජ්‍ය වස්තුවත් වැසි වැස්වීමට රජුට ඇති පුලුවන් කමේ උපකරණයක් හැටියට භාවිත වුණා.
මේ කියාපු දේ ගැන යමෙකුට විරෝදය දක්වන්න පුලුවනි. ඔය කියාපු ඇදහිලි නුවර පෙරහැර පවත්වනවුන් පිළිගෙන නැත කියල. දැන් පෙරහැරට සහභාගි වෙන්නවුන් අතර මේ කියාපු අන්දමේ පිළිගැනීම් නැති බව ඇත්ත තමයි. නමුත් පෙරහැරේ පරමාර්ථය කුමක්ද කියල පහදල දෙන පුරාණ කාලෙදී පටන් පැවත ආපු ලිය කියමන් පෙරහැරට සම්බන්ධ ආයතන වලත් නිලමෙලා ළඟවත් ඇත්තෙ නැහැ. පෙරහැර ඇතිවුණු හැටිය ගැන ඔවුන් කියන තොරතුරු ඒ ගැන දැනට තියෙන ඉතාමත් පුරාණ වාර්තා සමග ගැළපෙන්නෙ නැහැ. පෙර හැර පිළිබඳ ඒ ඒ දේ ඒ ඒ ආකාරෙන් සිදු කළ යුතුය කියල වැඩිහිටියන්ගෙන් අහල දැන ගැනීම ඈරෙද්දි එහෙම කළ යුත්තෙ මොන හේතුවක් නිසාද යන්න දැනගැන්මට ඒ අය වුවමනා කරන බවකුත් පෙනෙන්න නැහැ. පෙරහැර ගැන දැනට ඇති පැරැණිම සඳහන් සමග දැන් එය පවත්වන අයුරු සසඳල බැලුවම පහුගිය අවුරුදු තුන්සියෙ ඇතුළෙදි බොහොම වෙනස් කම් ඇතිවෙල තියෙන බව පැහැදිලියි. මේ වෙනස්කම් නිලමේලාගේ ඇඳුම් වලට පමණක් සීමාවෙලා නැහැ. ඒ නිසා පෙරහැරේ මුලාරම්බෙ පිරික්සන්න ඕනෑ. ඒකේ පිළිවෙත් පුරාණ කාලෙ බාරතේ ඇදහිලි පිළිවෙත් ආදිය ගැන ආප්ත හැටියට පිළිගැනෙන පොත පතේ කියාපුවා එක්ක සැසඳීමෙනුයි එහෙම පිරික්සීමට පෙරහැරේ ඒ ඒ කොටස් වෙන් කරල ගන්න ඕනෑ.
නුවර පෙරහැර දැන් පවත්වන හැටියට එකක් වශයෙන් පුරාණ කාලෙ හිටන් ඇවිත් නැහැ. දළදා මාලිගාවේ පෙරහැර දේවාල පෙරහැරත් එක්ක යැමට අන කළේ කීර්ති ශ්රී රාජසිsංහ රජුයි. ඒ රජුගෙ කාලෙදි දේවාල හතරක් පෙරහැරට සහභාගි වුණා. නමුත් දෙවැනි රාජසිංහ කාලෙදී නාථ දේවාලේ අනිත් දේවාල සමග පෙරහැරට එක් වුණේ නැහැ. මෙහෙමවීමට හේතුව නාථ දේවියන්ය කියන්නෙ අවලෝකීතේශ්වර බෝධිසත්වයන් නිසා ප්රාණඝාතයෙන් ලෝකයා බයකරගෙන ඉන්න දෙවි වරුන් එක්ක සමාගම කරුණාව මූර්තිමත් කරන බෝසත් කෙනෙකුට නෝබිනා බව ඒ කාලෙ බවුද්දයින්ට වැටහීමයි.
නුවර පෙරහැරට දැන් ඇහැල පෙරහැරයි කියන නමුත් ඒක පවතින්නෙ ඇහැළ මහේදී නොවෙයි. නිකින්නියේදී. නමුත් ඉහත කාලෙදී නමට ගැළපෙන හැටියට ඇහැළ මහේදියී පෙරහැර පැවැතවුණේ. ඇහැළමහේ පුර පැළවියදා පටන් ගන්න මේ පෙරහැරේ අවස්ථා දෙකක් තිබුණා. දැනුත් තියෙනවා. කුඹල් පෙරහැරය රන්දොaලි පෙරහැරය කියලා.
පෙරහැර ඇරඹෙන්නෙ කප් හිටුවීමෙනුයි. කප යන්නෙ තේරුම කනුවයි රුක්අත්තන කොස් වැනි කිරි ගහක කඳකිනුයි මේ කප හදා ගන්නෙ මේ කප මහතිනුත් ගේක කණුවට කුඩායි. යටිය (යෂ්ටි) යන වචනය කපේ මහෙත හැටියට ඒකට යෙදෙනව. දැන් කප් හිටිවීම දේවාල හතරෙම කෙරෙනවා. සායම් ගාල රෙදි මල්දම් ආදියෙන් හරහපු කප හිටවීම පුද පූජා ආදිය සහිතව කරන නමුත් ඒ ගැන වැඩිය උනන්දුවක් දැන් මිනිසුන් දක්වන බවක් පෙනෙන්නෙ නැහැ. නමුත් රාජසිංහ රජුගෙ කාලෙදි කප හිටවල ඊට හැම දෙනාම හැකි තරමට පඬුරු දුන් බව සඳහනි.
දැන් කප හිටවල පස් දවසක් දේවාලෙ ඇතුලෙ ඒක වටේට පෙරහැර කරනවා. හයවැනි දවසෙ දේවාලෙ පෙරහැරවල් දේවාලෙන් පිටට ගමන් කරනවා. හයවැනි දවස පටන් දහවැනි දවස දක්වා පෙරහැරට කුඹල් පෙරහැර කියල වැහැරෙනව. කප හිටවල තියෙන්නෙ හුඹහක් වැනි පස්ගොඩක නිසා මේ වචනය වැවහාර කරන බවයි දැන් කියන්නේ. නමුත් ඒ නිරුක්තිය පිළිගත යුත්තක් බව පෙනෙන්නෙ නැහැ. අපේ කල්පනාවෙ හැටියට "කුඹල්" හැදිල තියෙන්නෙ කුඹ + ඇළ යන පද දෙක සන්දි වෙලයි. කුඹු යන පදේ කප යන්නෙම විකල්පයක්. සකු ස්කම්භ (කනුව) යන්නෙන් කඹ කියල හැදිල ක යන්නෙ අයන්න උයන්න වෙලයි කුඹ නිපැදිල ඇත්තෙ. මුල අයන්න උ යන්න වීමට සමාන නිරුක්ති විදියක් සකූ නභස් යන්නෙන් නුඹ නිපැදීමෙන් පෙනෙන්න තියෙනවා. කුඹ (කප) අළේ ගෙන ගියේ යම් පෙරහැරකද ඒ කුඹල් පෙරහැර යි කියලා සමාසෙ ලිහල දෙන්න පුළුවන්.
දැන් කප් පෙරහැරේ ගෙනයන බවක් දැනගන්න නැහැ. නමුත් රාජසිංහ රජුගෙ කාලෙදී පෙරහැරේ ඉතාමත් ගුරු තැන. ලැබුණෙ අලුත් නුවර (මහ) දෙවොල ඇති පිට නැගුණු කපුරාලගේ අතින් දරාගෙන ගිය හරහපු කපටයි. අනිත් දේවාල දෙකේ ඇතුන් දෙන්න කප ගෙන ගිය ඇතාගෙ අනුචරයින් හැටියට පිටිපස දෙපැත්තෙන් ගමන් කළා. ඒ ඇතුන් පිටින් ඒ දේවාල වල ආයුද ගෙනියන්න ඇති. නමුත් ඒ බවක් සඳහන් නැහැ. ඒ කාලෙදි දැන් වගෙ හැම දේවාලෙ කම කප හිටවල නැහැ. මහදේවාලෙ විතරයි. රාජසිංහ කාලෙදි පෙරහැර පවත්වපු හැටිය ගැන නොක්ස් දීපු විස්තරෙන් පෙනෙන්නේ ඒ කාලෙදී පෙරහැරේ පරමාර්ථයව පැවතුණේ කපට උපහාර දැක්වීම බවයි.
මෙතැනදී ඇසිය යුතු පැනය නම් කපට ඒ තරම් ගරු සත්කාර කළේ ඇයිද කියලයි. මේ පැනයට පිළිතුරුදීම මහා භාරතේ යෂ්ටි ප්රවෙශ කියන උත්සවය ගැන දීපු වර්ණනාව අනුසාරයෙන් කළ හැකියි. කොටින් කියතොත් ඒ වග මෙහෙමයි. ඉහත කාලෙදි වසු නම් රජ කෙනෙක් තපස් රකින්න ගොහින් ඉන්නකොට ඉන්ද්‍ර ඇවිත් තපස් රැකීම අත් ඇරල දැහැමෙන් රාජ්‍ය කරන්න පොරොන්දු වෙනව නම් ආකාසයෙන් ගමන් කරන්න විමානෙකුත් නොමැලවෙන මල් මාලාවකුත් උණ යෂ්ටියකුත් දෙන්න පොරොන්දු වුණා. ඉන්ද්රගෙ කීම පිළිඅරගෙන වසු රජ තපස් අත්හැරල තමන්ගෙ රාඡ්ජෙට ගොහින් රජ කළා. ඉන්ද්‍ර කලට වෙලාවට වැහි එවූ නිසා රට බොහොම සරුසාර වුණා. මේ විදිහට අවුරුද්දක් ඉකුත් වුනාම වසු රඡ්ජුරුවො ඉන්ද්‍ර දීපු යෂ්ටිය පොළොවෙ පිහිටුවල ඒක අලංකාරෙට සරසල නැටීම ගැයිමේ ආදිය සහිතව උත්සවයක් පැවැත්වුව. යෂ්ටි ප්රවේශ කියන මේ උත්සවය ගැන පැහැදුණු ඉන්ද්‍ර තවත් ඒ රට දියුණු වෙන්න සැලැස්සුවා. එතැන් හිටන් ලෝකෙ මේ යෂටි ප්රවෙශය කියන මංගල්යය ඇති වුණාලු. ඒ මංගල්යයේදී භාග්යවත් වාසව. ඒ කියන්නේඉන්ද්ර යෂ්ටියක (කපක) රූපයෙන් පුද ලැබුවලු. (භගවාන් පූජ්යතෙචාත්ර යෂ්ටි රුපෙණ වාසවා මහාභාරතෙ එන යෂ්ටිප්රවේශ උත්සවයේ විස්තරය රාජසිංහ රජු කාලෙදි නුවර පැවැත්වූ පෙරහැරේ වගත් සමග සැසඳුවම පැහැදිලිවම වැටහෙනව පළමුව කී එකෙන් දෙවැන්න නිපැදුම ඇතිවෙල තිබෙන බව.
නුවර පෙරහැරේ අවසාන අවස්ථාවට රන් දොaලි පෙරහැරය කියල භාවිත වෙනව, රන්දොaලි යන්නෙ තේරුම අපි වෙන තැනක (ප්රාචීන භාෂොපකාර සමිතියේ 1968 සඟරාවෙ) විස්තර කරල ඇත.
යෂ්ටි ප්රවෙශයෙන් රජු ඉන්ද්රට රට සරුසාර කිරීම ගැන තුති පුදකළා රජුගේ මනා පැවැත්මෙන් ඉන්ද්රගේ බැල්ම රටට ලබාදීම ගැන රජුට තුති කරන්න මණ්ඩලික ආදි නිලධාරී මේ අවස්ථාවෙදි දැකුම් සහිතව ආවා.
රන්දොaලි පෙරහැරට හැකි තරම් ඇතුන් ගමන් කරවීම උවමනා හැටියට සැලකෙනවා. ඇතා වැහි වලාකුළේ නිරූපණයක් හැටියට ගැණෙනවා. ඒ නිසා ඇතුන් ගණනාවක් එහාට මෙහාට යැම් ඊම් කිරීම අහසේ වලාකුළු එහාට මෙහාට යැමේ අනුකරණයක්. වැහි වහින්න උවමනා ආකාරය මෙයින් සලස්වනවා.
පෙරහැර අවසන් වෙන්නෙ දිය කැපීමෙන් අවසන් දිනයේ අලුයම කපුව ගඟක් මැදට ගොහින් කඩුවෙන් වතුරට ගහල බාජනයකට වතුර අරගෙන දේවාලයට ගෙනැවිත් අනිත් අවුරුද්දෙ දිය කැපිල්ල වෙන තුරු සුරැකිව තියාගන්නවා. මේ දිය කැපිල්ලෙ අදහස දැනගන්න පුලුවනි. එළුසඳක් ලකුණේ දොළොස් පද සැහැල්ලට දීපු නිදසුනෙන්. අනුරාදපුර අවදියේදී පැවතුණු නුවර පෙරහැරට සමාන උත්සවයක් වර්ණනා කරන මේ සැහැල්ල මහවතනම මහවත යන්න ඒ සඳහා යොදල තියෙනවා. මහාවෘත්රයා නසාපු උත්සවය පැමිණි කල්හි යනුයි. මේ වචනවල තේරුම වෘත්‍ර කියන්නෙ ගංගාවල වතුර බැහිල්ල වලක්වමින් හිටිනවයි පුරාණෙදි අදහපු නාගයෙක් වේද මන්තරවල ඉන්ඳගෙ ලොකු හපන්කම හැටියට දීල තියෙන්නෙ මේ වෘතය නසල ගංගාවල් ගලා බහින්න ඉඩ දීමයි. දිය කැපිල්ලෙදි කපුව ගඟට ගොහින් කඩුවෙන් ගහන්නෙ ඉන්ද්රයාගේ වෘත නැසීම අනුකරණයෙන් දැක්වීමටයි. ඒ නිසා නුවර පෙරහැර ඉන්ද්රට තුති පූජාවක් වැහි වැස්සවීමට අනුකරන පිළිවෙතකුත් යන දෙකක් එක්වීමෙන් හැදිල ඇති හැටියි පෙනෙන්නෙ. ඉහත කාලදී පෙරහැරේ අසුරයන් හැටියට සැරසුණ අය ගමන් කළාය පැවසෙන නිසාත් පෙරහැරේ අනුකරණ පිළිවෙත ඒ කියන්නෙ නාටකයක ආකාරය ගැබ්වෙලා ඇති බව වැටහෙනවා.

ලිපි කීපයක්ම අසාවෙන් බැලුවා......!වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න පුළුව නම් හොඳයි..!
ReplyDelete