උඩරට රාජධානිය සහ එහි පරිපාලනය. උඩරට රාජධානිය යනුවෙන් හැදින්වෙනුයේ 1590 දි ලංකාවේ මධ්‍යම කදුකරය කේන්ද්‍ර කර ගනිමින් පළමු වන විමලධර්මසුරිය රජු විසින් ආරම්බ කරන ලද රාජධානියයි. නමුත් එයට පෙර අවස්ථා ගණනාවකිදීම උඩරට පාලන ඒකකයක්, පරිපාලන එකකයක් වශයෙන් පැවතුන බවට තොරතුරු හමුවේ. එසේම පුර්ව බ්‍රහ්මීය ශිලා ලේඛනයන්ගේ ව්‍යාප්තිය දෙස බලන විට මධ්‍යම කදුකරය ආශ්‍රීතව ස්ථාන 24 කින් අභිලේඛන 84 ක් පමණ සොයා ගන තිබේ. යටත් පිරිසෙන් මෙම අවධියේදි මධ්‍යම කදුකරය ආශ්‍රිතව ස්වාධින පරිපාලන ඒකක පැවති බව මෙම අභිලේඛනවල සදහන් රජ, පරුමක යන විරුදයන් දෙස බලන විට පැහැදිලි වන කාරණයකි. මලය රට, මලය රට්ට, ගල්වල රට යනුවෙන් එකල්හි මධ්‍යම ප්‍රදේශය ඇතුලත්වන කදුකරය හදුන්වා තිබේ. අනුරාධපුර, පොළොන්නරු, රාජධානි අවධීන්හිදි ප්‍රාදේශිය පරිපාලන ප්‍රදේශයක් වශයෙන් පාලකයකු යටතේ පාලනය වු බවට බොහො තොරතුරු මුලාශ්‍රයන්හි සදහන් වේ. ඉන් පසු ගම්පොල රාජධානිය ලෙසින් දාහතරවන සියවසහිදි මධ්‍යම කදුකරය පළමුවරට රාජධානි කේන්ද්‍රය බවට පත් වන්නේ ය. ඉන් පසු කෝට්ටේ රාජධානියේ හිමිකාරිත්වය පෘතුගීසින් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව 1590 සිට 1815 දක්වා රජව...