Skip to main content

මධ්‍යම පළාත

මධ්‍යම පළාත යනු ශ්‍රී ලංකාවේ මධ්‍යයේ පිහිටි මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් සමන්විත පළාත යි. මධ්‍යම පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය මහනුවර වන අතර බොදු ජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රි දළදා මාළිගය පිහිටා ඇත්තේ ද මහනුවර ය.



මධ්‍යම පළාත් ගීතය.

සුන්දර ගිරිකුළු පවුරින් සුල කළ පින් බිම වු දෙරණේ
මධ්‍යම දේශය ලක් මව සුරකින පින්සර හදවත වේ
මධ්‍යම දේශය මේ ......
පින්සර හදවත වේ ......

ගංගා මහ වැව් සිහිල සදන සැලෙනා දිය ඇලි මල් විදුනා
නිම්න භූමි කදු සිරස අරා නිල් දළුලා රන් මසු තනනා
තුන් දැය එකමුතු කළ රන් දාමය ලක් මව ගෙල වට රදනා

සුන්දර ගිරිකුළු පවුරින් සුල කළ පින් බිම වු දෙරණේ
මධ්‍යම දේශය ලක් මව සුරකින පින්සර හදවත වේ
මධ්‍යම දේශය මේ......
පින්සර හදවත වේ......

රන් කොත දළදා මැදුරත දුලනා රන්ගිරි සිරිපා පිපෙනා
මධ්‍යම දේශය සරත් සමේ ගුම් නැගේ පසග තුරු ගොසිනා
තුන් හෙළයට නැන ගුණ සුරු විරු කම් ඇති මානව සම්පත සදනා

සුන්දර ගිරිකුළු පවුරින් සුල කළ පින් බිම වු දෙරණේ
මධ්‍යම දේශය ලක් මව සුරකින පින්සර හදවත වේ
මධ්‍යම දේශය මේ.......
පින්සර හදවත වේ.......

  මධ්‍යම පළාත් කොඩිය




මධ්‍යම පළාත් පුෂ්පය මහරත් මල




මධ්‍යම පළාත් සිතියම




Comments

Popular posts from this blog

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...