Skip to main content

Posts

Showing posts from April, 2020

කොරෝනාවට එරෙහිව සංගීතය.....

මේ වනවිට ලෝකය මුහුණ දෙමින් සිටිනේ මෑත ඉතිහාසය තුල ඇති වි තිබෙන ලොව දරුණුතම වසංගතයටයි. බොහෝ දියුණු යැයි කියන ⁣රටවල පාලනයෙන් පවා ගිලිහිගිය වෛරසය ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගන හමාරය. එසේම ලෝකයේ වැසියන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් නිවාස අඩස්සියේ තබා ලෝකය අකර්මණ්‍ය කර අවසන්ය. සියළු ලෝ වැසියා පොදු සතුරෙකු වෙනුවෙන් එකම අරමුණකින් කටයුතු කරනු දැක ගත හැකි වේ.          චීනයේ වුහාන් කේනද්‍ර කරගනිමින් ඇරඹි නව කොරෝනා හෙවත් කෝවිඩ් -19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් 210 ක් පැතිර ගොසින් ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව  COVID-19 කිරීටක වෛරස් රෝගීන් 2,330,987 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 160,758 කි .            මේ ලිපිය මගින් කතා කරන්න යන්නේ නව කොරෝනා වෛරසය ගැන නම් නොවේ. වෛරස තත්ත්වය නිසා බිහි වු ගීත සාහිත්‍යක් පිළිබඳව යි. විශේෂයෙන්ම බොහො රටවල් දෛනික කටයුතු අඩාල කරමින් තම වැසියන් නිවාස අඩස්සියේ තබා ඇත. එසේම ඒ ඒ රාජ්‍යයන් විවිධ වු ක්‍රියාමාරග අනුගමනය කරමින් මිනිස් සබදතා ...

එම්බා මහවැලිය. නවතිනු නවතිනු

ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් බිහි වි තිබෙන්නේ ගංගා නිම්න ඇසුරේය. ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරන විට මානවයා ශිෂ්ඨාචාරගත වීමත් සමාජ සංස්කෘතිකාංග ඇතුළු කරගත් ජීවෝනෝපායන් බිහිවි ඇත්තේ ගංගා නිම්න ඇසුරු කර ගනිමින්ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ප්‍රවාහනය ආදි සියළු කටයුතු ගංගා නිම්නයේ බිහිව ක්‍රමයෙන් විකාශනය වෙමින් ලෝක ඉත්හාසය පුරාවටම මානව සමාජය පරිනාමය වෙමින් ආ බව පැහැදිලිව පෙනෙන සාධකයකි.       නයිල් නදි නිම්නයේ මහ පිරමීඩ බිහි කළ මිසර ශිෂ්ඨාචාරයත්, යුප්‍රටීස්- ට්‍රයිග්‍රිස් ගංගා නිම්නයේ මෙසපොතෙමියානු සභ්‍යත්වයත්, ඉන්දු ගංගා නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා මහා වෙළද නගර බිහි වු හරප්පා සභ්‍යත්වයත්, හොවැංහෝ නිම්නයේ චීන ශිෂ්ඨාචාරයත් බිහි විමෙන් ගංගා නිම්න පදනම් කරගත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වු බවයි. එසේම සමාජ, සංස්කෘතික මෙන්ම දේශපාලන බලයද ගංගා නිම්න පදනම් කර ගනිමින් ලෝක ඉතිහාසය තුළ වර්ධනය වි තිබේ.           ලෝක ඉතිහාසය තුල දේශපාලන ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් හදබිම් සංකල්පය (Heartland theory) පිළිබඳව  Sir Halford Mackinder විසින් ...

හෙලිකොප්ටර් දෙමාපියකු වෙන්න නම් එපා

හෙලිකොප්ටර් දෙමාපියන්...... මොකක්ද මේ හෙලිකොප්ටර් දෙමාපියන් යනුවෙන් හැදින්වෙන්නේ. කාලයකට පෙර නරඹපු හින්දි චිත්‍රපටයක් නිසාවෙන් නැවත මේ ගැන ලිපියක් සකස් කරන්නට තිරණය කලා. එම චිත්‍රපටයේ  නම helicopter eela. මේ චිත්‍රපටයට පාදක වන්නේ  මවක් සහ ඇගේ දරුවා පිළිබද  කතාවකි.  මෙහි මවගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය හින්දි නිළි කාජල් විසින්ය. ඇය තමන්ගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරනු ලබන මවකගේ චරිතයක් නිරුපනය කරනු ලබන අතර මෙයට දරුවා අකමැති සහ විරෝධය දක්වමින් කටයුතු කරනු ලබයි. මේ හින්දම අධ්‍යක්ෂවරයා HELICOPTER EELA යන නම යොදන්නට ඇත. එසේම තනි මවක්  Single morther විදියට දරුවා සමගින් ජිවත්වීමට ඇය දරණ අරගලයත් මෙම චිත්‍රපටයෙන් නිරූපනය වේ. නමුත් මෙම ලිපියේ අරමුණ චිත්‍රපටය ගැන කියන්න නම් නොවේ, මෙ හෙලිකොප්ටර් දෙමාපියන්, සහ එම හැසිරීම නිසා දරුවන්ට වන සංවර්ධන හානිය පිළිබදවත් දැනුවත් කිරීමයි. ළමා සංවර්ධන මනෝ විද්‍යාව හදාරා ඇති බොහෝ දෙනෙක් නම් මෙම සංකල්පය ගැන  දැනුවත් ඇති නමුත් ලැබි ඇති නිවාඩුව ප්‍රයෝජනයට ගෙන නොදන්නා ඔබට දැනුමට යමක් එකතු කර ගැනීමට හෙලිකොප්ටර්...