Skip to main content

Posts

Showing posts from April, 2018

දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි

දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි යන ගීතයේ මුල් පද පේලි දෙක ඇසෙත්ම සිහියට නැගෙනුයේ චාල්ස් ඩයස් ශුරින්ගේ පද්මාවති නූර්තියයි. පද්මාවති නූර්තිය පිළිබද අසා නොමැති තැනැත්තෙකුට වුවද පද්මාවති යන නම ඇසු සැනින් සිහියට නැගෙන්නේ සංජය ලීලා බන්සාලිගේ පද්මාවති චිත්‍රපටයයි. මෙම කතා දෙකෙහිම කියවෙන පද්මාවතිය නම් එකම තැනැත්තියකි. එසේ නම් කවු ද මේ පද්මාවතිය ?

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා.

            සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වසර උදා වෙයි. කෘෂිකාර්මික රටක්වන ශ්‍රි ලංකාවේ අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුහන් කරන්නේ ද මෙම කාලයේදිය. සිංහලයාගේ මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද උදාවනුයේද මේ සමගින් ය. ඒ දවස ගැමියා අලුත් අවුරුද්ද උදාවන බව එදවස නම් දැනගත්තේ සොබා දහමේ පණිවිඩය කියවා බලා ය.             අලුත් අවුරුදු සමය එළෙඹෙන බව පළමුවෙන් අපට දැනුම් දෙනුයේ සොබා දහමයි. වසන්ත කාලය උදාවීමත් සමග ගහකොළ අතුරිකිලි ලියලමින් පරිසරයට කිසියම් නැවුම් බවක් එක් කරනු ලබයි.   ගස්වල කොළ දළු මල්බර වී, ඵල බරවී තිබෙනු දැකිය හැකි වේ. ගිරා, මලිති, බටිති, පක්ෂි සමූහයා නිතර දෙවෙලෙ ගහ කොළ වන පෙතේ සැරිසරයි. කඩින් කඩ ඇසෙන කොවුල් නාදය අවුරුදු කුමරාට කෙරෙන ආරාධනයක් වැනිය. රතු පැහැ මලින් බබලන එරබදු ගස් පරිසරයට එක් කරනුයේ චමත්කාරයකි. සොබාදහමේ නැවුම් පිබිදීම සමගින් සිංහල අලුත් අවුරුදු සමය උදාවු බව ගැමියා දැන ගන්නේ එලසින් ය.             සොබා දහමේ අපුර්ත්වය කැටි කොට අවුරුදු සිරියේ චමත්කාරය ගැන කියවෙන පහත ගීතය මේ අසන අපට පරිසරයේ මෙම වෙනස්වීම සවි