අතපත්තු සේවය මෙරට ආරම්භ වුයේ කවර දාක ද යන්න නිශ්චිතව කිව නොහැකි වේ. ක්වේරෝස්, රෝබෙයිරෝ හා කූටෝ ආදි ප්‍රතිකාල් ඉතිහාසඥයින් කෝට්ටේ යුගය සම්බන්ධයෙන් අතපත්තුව හා අතපත්තු නිලධාරින් ගැන තම කෘතියේ සදහන් කරත් කෝට්ටේ යුගයට පෙර ලියන ලද ග්‍රන්ථයක අතපත්තුව ගැන හෝ අතපත්තු නිලධාරින් ගැන සදහනක් වී ඇති බවක් නොපෙනේ. සීතාවක සමයට අයත් මායදුන්නේ රජුගේ අතපත්තු හමුදාවක් ගැන හා සීතාවක රාජසිංහ රජුගේ හමුදාවක් ගැනත් ක්වේරෝස්ගේ ලංකාවිජය නැමති ග්‍රන්ථයේ සදහන් වේ. කෝට්ටේ යුගය හරියදි ආරම්භවී යැයි සැළකිය හැකි අතපත්තු සේවය මහනුවර යුගය අවසානය දක්වාම පැවති බව මහනුවර රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය පිළිබදව ලියවුණු ඩොයිලිගේ විස්තරයෙන් පෙනේ. අතපත්තුව පිළිබද සේවා සංවිධානය හැදින්වුණේ අතපත්තු වසම නමින් ය. ඊට අයත් වුවෝ ඒ ඒ දිසාවේ හෝ රටේ වැදගත් අයයි. සෑම කෝරළයකම අතපත්තු වසමක් වු බව ඩොයිලි සදහන් කරයි. කෝරළේ අතපත්තුවක ප්‍රධානියා හැදින්වුයේ අතපත්තු ලේකම් නමින් ය. අතපත්තු ලේකම් යන්න බෙහෙවින් ම ව්‍යවහාර වුයේ උඩරට පෙදෙස්වල බවත් ඒ නිලධාරියා පහතරට පෙදෙස්වලදි අතපත්තු මුදලි යනුවෙන්ද හැදින්වු බවත් ඇතමුන්ගේ පිළීගැනීමයි.අතපත්තු මුදල...