Skip to main content

Posts

Showing posts from June, 2018

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ ලිපියකින් දෙවන රාජසිංහ රජුට එරහිව නිල්ලඹදි ඇතිවු කැරැල්ලක් සහ එහි ප්‍රමුඛත්වය ගත් අඹන්වල රටේ රාළ ගැන සදහන් කරන ලදි. එම කැරැල්ලේ දි  රජුට පාක්ෂික නිලමේ වරයෙක් රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ අතර ඔහු නමින් අලුවිහාරේ රාළ යි. අලුවිහාරේ යන නාමය අපට නුහුරු නාමයක් නොවේ. වලගම්බා රජ සමයේදි ත්‍රිපිටකය මාතලේ අලු ලෙනේ දි ග්‍රන්ථාරූඪ කළ බව වංස කථාවේ සදහන් වේ. එසේම ශ්‍රි ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ද පාර්ලිමෙන්තුව නියෝජනය කළ සහ පළාත් මහ අමාත්‍යධුර දැරු අලුවිහාරේවරුන් පිළිබදවත් අසන්නට ලැබේ. ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික පොලිස්පතිවරයා වූයේ ද අලුවිහාරේවරයෙකි. නමුත් මෙම ලිපිය මගින් මතු දැක්වු අලුවිහාරේවරුන් පිළිබදව නොව දෙවන රාජසිංහ රජු දවස උඩරට රජුනට රාජපාක්ෂිකභාවය නිසාම දිවි දුන් අලුවිහාර පරපුරේ ආදිතමයකු පිළිබදව වේ. ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙයි යනුවෙන් ප්‍රස්ථාව පිරුළක් ව්‍යවහාරයට එක්වන්නේ දෙවන රාජසිංහ රජුගේ දවස තුලදී ය.