ඔටිසම් පිළිබදව ලෝකය දැනුවත් කිරීමේ දිනය අප්‍රේල් 02 නි දා ට යෙදි තිබේ. ඒ වෙනුවෙන් ඔටිසම් පිළිබදව කෙටි හැදින්වීමක් කුඩා දරුවෙකු ඉපදුනු පසු පරිසරයේ සිදුවන බොහෝ දේ අනුව එම දරුවා ඉගෙනීම සිදු කරයි. ඒ ඔස්සේ දරුවාගේ මොළයේ සංවර්ධන සිදුවන අතර විවිධ අවධි කිහිපයකදි එම සංවර්ධන කාර්යය හදුනා ගැනීමට හැකියාවක් ලැබේ. අදාල කාලයේදි එම අවස්ථාවන් නිසි පරිදි සිදුවීම මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට බලපානු ලබන්නේ ය. මෙම ක්‍රියාකාරකම් අතර භාෂාව සහ සන්නිවේදනය මෙන්ම සමාජශීලි වීම වැනි ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු නොවීම මගින් එම දරුවා හුදකලා තත්ත්වයකට පත් කරනු ලබයි. මේ තත්ත්වය ඔටිසම් AUTISM ලෙස හදුන්වනු ලබයි. මෙය දරුවකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. කුඩා කාලයේදි හට ගන්නා මෙම තත්ත්වය තරුණවිය දක්වා පැවතිය හැකිය. සමාජයේ අන්‍යෝන්‍ය ක්‍රියාවන් හා අදහස් හුවමාරු කරගැනීම් සිදු නොකරන අතර තනිව වාසය කිරීමට හෝ හුදකලාවීමට කැමැත්තක් දක්වයි. මෙම ඔටිසම් තත්ත්වයට ජාන සහ පරිසරික තත්ත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බවද සදහන් කරයි.
දෙස් විදෙස් ඓතිහාසික තොරතුරු, සංචාර,ඇස ගිය තැන්, ආගමික, සංස්කෘතික, සමාජ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් සිංහල බ්ලොග් සටහන